සඳ හොරෙන්
හොරෙන් හොරෙන් බලා
වලා රොදක
සැඟවිලා
අපේ මියුරු
පෙම් කථා
අසා සිටිනවා
අසා සිටිනවා
කඳුළු බිදු
ගලා සදේ තුරුලතා පුරා
සියෝලඟම
සැලී මගේ නොහිම් සිතලේ
ඔබේ නෙත
යදී...ම්...ම්.. මහද වියරුවෙන්
කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
කොපුල් තල
ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා......ම්...ම්... ඔබේ
සිසිලසින්
දැයේ පිනට පහල වු ගන්ධර්වයන් දෙදෙනෙකු ගේ අපූර්ව
සංකලනයෙන් බිහි වු තවත් එක් අශ්චර්යකින් ඊයෙත් අදත් හෙටත් ඇවිලුණු ඇවිලෙන
ඇවිලෙන්නට නියම දහසකුත් හදවත් නිවාලයි. මානවීය සංගීතය යනු ලොකයටම පොදු භාෂාවකි. එහි
රසය මෙලොවදී ලබාගැනීමට හැකියාවක් නැති මිනිසා
අභාග්‍ය සම්පන්න පුද්ගලයෙකි.
(පුංචි කථාවක් මට ඇසුනා)
ළඟ ඉන්න ගැහැණු ළමයා දුෂණය කරන්න හිතෙන
පද වැලක් වීතරාගී වන ලෙස තනුවක් නිර්මාණය කරපු අපුර්වත්වය.
කියඹු වැල් ඒ කියන්නේ ගැහැණු ළමයගේ
කේස් සුළඟට හමාගෙන ඇවිත් පෙම්වතාගේ කොපුල් තලේ වඳින විට ඔහුගේ සිතුවිලි සසල වෙනවා.සසල
වු හැඟිම් ඔහු පාලනය කර ගන්න හැටි බලන්න.
මං පුදුමාකාර විදියට රස විඳින ගීතයක් ගයනි... අපිට මේ වගේ ගීත නිර්මාණය වෙච්ච කාලය ඉර වෙලාද කොහෙද දැන් නම්...
ReplyDeleteඇත්තටම මේ කතාව නං දැනගත්තේ අද...
ඔව් හිරු අපි මැරෙනකම් අපට ඒ රසය විඳින්න පුළුවන්.එත් අපෙන් පස්සේ මට සැකයි.
Deleteමා නිතරම අහන ගීත කීපයෙන් එකක්....
ReplyDeleteබොහොම ස්තුතියි..සැඟවුනු කතාවක් එක්ක ආවර්ජනයක යෙදුනාට.(ගීතයේ...අකුරු කීපයක පොඩි වෙනස හදන්න )
ස්තුතියි අඩුපාඩු පෙන්නුවට.
Deleteඅනේ.... මං ආසම ආස සිංදුවක්...... :)
ReplyDeleteමාත් මේ කතාව දැන ගත්තේ නම් අද තමා.....
අහන්න සතුටුයි.මේ ගීත අපි අපෙන් පසු පරම්පාරවට අහන්න සැලැස්විය යුතුය.
DeleteThis comment has been removed by the author.
Deleteබොහොම ලස්සන සිංදුවකට බොහොම අර්ථාන්විත පසුවදනක් සපයා තිබෙනවා ගයනි. මේ පද වැල තවත් විස්තර කළානම් තවත් අගෙයි. සිංදුවක් දානකොට පද රචකයා හා ගායකයා ගැනත් සටහනක් කරන්න.
ReplyDeleteඅඩු පාඩු පෙන්නල දෙනවට බෙහෝමත් ස්තුතියි අයියේ.අයිගේ බ්ලොග් එකත් මම මගේ ගුරුවරෙයෙකු විදියට තමයි අධ්‍යයන කරන්නේ.
Deleteමේ පද වැලේ සැගවිච්ච අරුත හරියටම දැන ගත්තේ අද! ඇත්තටම අපූරු ස්වර සංකලනයක්!
ReplyDeleteඇත්තටම නාඩියෝ මේ වගේ අපි නොදන්න තව බොහෝ ගීත ඇති.
Deleteමම ආස තවත් එක ගීතයක් ගයානි...මේ ගීතය අහද්දී දැනෙන්නෙ හදවත පිරිමදිනවා වගේ...
ReplyDeleteඇත්තටම භාවනාවක් වගේ
Deleteවැඩක් නෑ අක්කියෝ...මමත් පට්ට ආස සින්දුවක් ඕක...සින්දුව වගේම මනසින් දිවියට බ්ලොග් එකත් සුපර්..
ReplyDeleteබෝහෝමත් ස්තුතියි මල්ලීයෝ.
Deleteමා මිලට ගත් පළමු සංගත තැටියේ තිබුන ගීතයක් මේක. එදා වගේම තාමත් එකම අයුරින් රස විඳින්න හැකියි.
ReplyDeleteදෙලොවක් අතර සිට
ඔව් එක ඇත්ත.
Deleteමාරයි අප්පා.. මම කවදාවත් මේ වගේ සින්දු අහල නෑ
ReplyDeleteස්තුතියි රසවිඳින්න මේ පැත්තට ආවට.
Deleteගොඩක් සංයමයෙන් රස විඳින්ඩ පුලුවන් ගීයක්.ආයේ ඉතින් කේමදාස මාස්ටර්ගේ වැඩක් කිව්වම අහන්නත් දෙයක් යෑ.
ReplyDeleteහ්ම් ඒත් සර් ගෙන් අපි හරියට වැඩ ගත්තේ නැ වගේ හැඟිමක් ඇති වෙනවා.
Deleteනියම ගීතයක් ගයනි !
ReplyDeleteස්තුතියි ගීතය රසවින්ඳාට.
Deleteදැහැනකට සමවැදුනා වගේ අහන්න පුලුවන් ගීතයක්.. ඔය කත්හාව මම දැනගෙන හිටියේ නෑ..
ReplyDeleteඔව් අංකල් භාවනාවක් වගේ.
Deleteඅමරදේව මාස්ටර් මගේ ප්‍රියතම ගායකයා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ බිහි වූ අග්‍රගණ්‍ය ගාන්ධර්වයා ඔහු බවට කිසිදු විවාදයක් නෑ... ඔහුගේ කටහඩේ තිබෙන ප්‍රාණවත් ස්වරූපය නිසාම.. පදපෙළේ අරුත මැනවින් ප්‍රේක්ෂකය සමූහයා වෙත සන්නිවේදනය කරන්න එතුමා හැබෑ හපනෙක්...
ReplyDeleteමේ මහා චරිතය සමග වරක් කථාබහේ යෙදෙන්නට සිරා හට අවස්ථාවක් ලැබුනු බවත් කියන්න කැමතියි.
ඔයා වාසනාවන්තයෙක්.
Deleteසඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා කියන පද ටික ඇහෙද්දීම සින්දුවට හිත ඇදිල ඉවරයි.අපුරු ගීතයක්
ReplyDeleteඑක හොරෙන් එකයි තිබිලා තියෙන්නේ එකට මාස්ටර් තව හොරෙන් දෙකක් එකතු කරලා.
Deletemamath godak asa sinduwak
ReplyDeleteගොඩාක් අය කැමති විම ලොකු සතුටක්.
Deleteහරිම ලස්සන ගීතයක්...මේ කතාව නම් දැනගත්තෙ අදයි.
ReplyDeleteඔව් ලස්සන වගේ ම මනස නිදහස් වෙනවා.
Deleteniyama post ekak..e wageamayi sinduwath... :)
ReplyDeleteස්තුතියි යහළුවා.
Deleteහරිම ලස්සන ගීයක් ගයනි. නලින් කීවා වාගෙ විස්තර ටිකක් දාන්න අයෙත් ලියන කොට. කාටත් ප්‍රයෝජනවත් නංගී. මේ කතාව නම් දැනගත්තෙ අදයි මම.
ReplyDeleteඔව් අක්කා.මම පිළි ගන්නවා.ඊළඟ පාර එහෙම කරන්නම්.
Delete"ළඟ ඉන්න ගැහැණු ළමයා දුෂණය කරන්න හිතෙන පද වැලක්" කියලා කියනවට වඩා ළඟ ඉන්න ගෑනු ළමයට ආදරණීය බලහත්කාරකමක් කරන්න හිතෙන පදවැලක් කිව්වොත් නරකද ? "දුෂණය" කියන වචනේ හරි අමුතුම දෙයක් තියනවා වගේ. මට හිතෙන විදිහට.(අනේ මන්දා මම හරියට ලිපිය තේරුම් ගත්තේ නැතුවද කියලා)
ReplyDeleteබලහත්කාර කමක් කවදාවත් ආදරණිය වෙන්නේ නැ නේද? පැතුම්.ගීතයේ රාගය මරලා තියෙන්නේ.තනුවේ තිබෙන ප්‍රබලත්වය නිසා තමයි ගීතය පිළිබඳ අපි මෙච්චර වර්ණනා කරන්නේ .එහෙම නැතිව අරෙහන් මෙහෙන් ගහලා දමන තනුවක් උනා නම් දුෂණය උපදවන හැඟිමක් තමයි එන්නේ.විවාදාද්මක හැඟිමකට නොගොස් නිසොල්මනේ අහන්න පුළුවන් විදියට මාස්ටර් එකට තනුව හදලා තියෙනවා.
Deleteමගේ ලෝකයේ ඉන්න විශිෂ්ඨයින් දෙදෙනෙක්. මාස්ටර්ගේ තනුව වගේම අමරදේවයන් මේ මධුර ගායනය හිත නිවා සනහනවා සදාකාලයටම.
ReplyDeleteඇත්තටම අයියේ.අපි පිං කරලා තියෙනවා එවන් අශ්චර්යයක් විඳින්න.
Deleteමමත් ආදරේ කරන ගීතයක්... ගීතයට තනුව නිර්මාණය වුණු කතාවත් හරිම අපූරුයි. අද කාලෙ ගීතයක් ලියද්දි, තනුවක් නිර්මාණය කරද්දි, කලා කෘතියක් නිර්මාණය කරද්දි මිනිස්සුන්ගෙ හිත සද්බවින් පුරවන්න, ශාන්තිමත් කරන්න ඕන කියල හිතන නිර්මාණකරුවො ඉන්නෙ කොයි තරම් අතලොස්සද?
ReplyDeleteඔයා කියන්නේ සම්පුර්ණ ඇත්ත කථාවක්.
Deleteඒල...
ReplyDeleteස්තුතියි යහළුවා.
Delete"කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
ReplyDeleteකොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි"
මේ ගීයේ මමත් ගොඩාක් කැමතිම කොටස තමා ඒක. ගීතයේ තනුව නිමවුන අන්දම අදම තමා ඇහුවේ. ඇත්තටම මේ මාස්ටර්ල දෙපළ මමත් ඉතාම ගරු කරන ශ්‍රේෂ්ටයන් දෙපොළක්...
ඒ පද ටික අමුතු හැඟිමක්.
Deleteමමත් ගොඩක් ආස කරන ගීතයක්
ReplyDeleteස්තුතියි.
Delete