විශ්වාසය යනු මිනිසෙකුට ආලෝකය වේ. අවිශ්වාසය යනු මිනිසෙකුට අඳුර වේ. විශ්වාසය ගොඩනැඟෙනුයේ
සහ රඳාපවතිනුයේ මිනිස්ගති තුලින්ය. ඒ නිසා
වැදගත් වන්නේ හැම විටම මිනිසෙකුට උචිත මිනිස් ගති නිපද විමය. "ඔබ යම් දෙයක් විශ්වාස
කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය". වංචාවෙන් දෙගිඩියාවෙන් ඒ දෙස
නොබලන්න. යම් කිසි ගැටළුකාරී තත්වයක් ඇති වන්නෙහි නම් ඊට හොඳම පිළියම වනුයේ උචිත
පුද්ගලයින් සමඟ ඒ සම්බන්ධව කථාබහා කොට විසඳුමකට හෝ එකඟතාවයකට පැමිණිමය. එහෙම නැතිව
පත් වී තිබෙන ගැටළුව හිතේ සඟවාගෙන අදාළ නොවන වෙනත් යමකට හේතු දැක්විම නිශ්ඵල වෑයමකි.
අප බෙහෙත් කළ යුත්තේ හටගෙන ඇති රෝගයට මිස හට නොගත් රෝගයකට නොවේ. ජිවිතය අවදානමකට පත්
වනුයේ අප විසින්ම ගන්නා තින්දු තීරණ අභියසය.එම නිසා හැම විටම අපි යහපත් මිනිස් ගති
බෝ කරමු.
ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අපට ජිවය දුන් දෙමවුපියන්ටත්
සැනසිම ළඟා කර දෙත්වා!!! ඔවුන් පතන යහපත් ලෝකය ඔවුන්ට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය
ඔවුන් තුලම නිපද වේවා!!!
යහපතට එරෙහි වන සියළුම සිත් යහපතට නැඹුරු වන සිත් බවට පත් වේවා!!!
විස්සාසා පරමා ඥාති කියන බුදුවදන සිහිවුනා.
ReplyDeleteහ්ම්..........!!!
Delete//ඔබ යම් දෙයක් විශ්වාස කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය//
ReplyDeleteහරියටම හරි ..
මමත් මෙනෙහි කරනවා.
Deleteපෝදා පැතුම බැතිබර හදින් අප පවුලේ සැම පිළිගත්තෙමු...!!
ReplyDeleteස්තුතියි!!!
Deleteඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අපට ජිවය දුන් දෙමවුපියන්ටත් සැනසිම ළඟා කර දෙත්වා!!! ඔවුන් පතන යහපත් ලෝකය ඔවුන්ට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය ඔවුන් තුලම නිපද වේවා!!!
ReplyDeleteයහපතට එරෙහි වන සියළුම සිත් යහපතට නැඹුරු වන සිත් බවට පත් වේවා!!!
වේවා!!!
Deleteලක්වාසී, ලෝකවාසී සියළු සත්වයෝ කායිකව - මානසිකව සුවපත් වෙත්වා !
ReplyDelete(පෞද්ගලිකව දැනට නම් මං ඔය ස්ත්‍රී ජාතිය කිසිසේත්ම විස්වාස කරන්නෙ නෑ නෑමයි)
අප්පේ මේ මොකද මේ?
Deleteහුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ.. බෝම කෙටියිනෙ අක්කෙ මෙ පෝට්ස් එක
ReplyDeleteකෙටි සටහන ඇතුලේ ගන්න තියෙන දේ බොහෝ යි මල්ලී.
Deleteදැන් සැමදාම පෝදා සිතුවිල්ලක් ගෙනෙනවා නේද?
ReplyDeleteඔව් අයිලස්..
Deleteවිශ්වාසයක් අැති වෙන විදිහේ ප්‍රතිරූපයක් ෙගාඩනගා ගන්න ඔෙන ඉතින්.
ReplyDeleteඔව්.
Deleteසාර සිතිවිලි!!!!!!!!!!!!!!!
ReplyDeleteජය වේවා!!!
Deleteසහතික ඇත්ත.
ReplyDeleteස්තුතියි සුදීක අයියා..
Deleteපිවිතුරු සිතුවිලි
ReplyDeleteමට සමිප මගේ අත්දැම් තමයි මම බොහෝ දුරට ලියන්නේ.
Deleteඒක හරි.. විශ්වාසය කියන්නෙ ඉතා වැදගත් දෙයක්..
ReplyDeleteමිනිසා රඳා පවතින්නේ විශ්වාසය මත.
Deleteඔව් විශ්වාසය තමා ඉතාම වැදගත්.
ReplyDelete