පහත රට හැඩ
කරන තවත් එක් සුන්දර පිහිටිමක් ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හැඳින්විය හැකිය. ගාල්ල
ප්‍රදේශයට වැඩි නෑකමක් ඇති මෙම වන අඩවිය ගාල්ල නගරයට වයඔ දෙසින් පිහිටා ඇත.
මාතරින් වුවද පිවිසිමට හැකි මාර්ගයක්ද ඇත. සිංහරාජය හැරුණු විට ඉතිරිව ඇති වන
රක්ෂිතය මෙය වේ. ශ්‍රිලංකාවට පමණක් ආවේණික බොහෝ සතුන් ශාක මෙම ප්‍රදේශය තුලදී අපට
දැක බලා ගැනිමට පුළුවනි. රක්ෂිතයට ඇතුළු වු මොහොතේ සිටම ඉන් පිට වන තෙක් ගතට දැනෙන
සිසිලස පුදුමාකාර සුවයක් ගෙන දෙයි.
එහි සුන්දරත්ව දැක බලා ගැනිමට යාම සඳහා මඟ පෙන්වන්නෙකු ගේ සහය ලබා ගත යුතුය. මංපෙත
තුළ මුලින්ම හමු වන්නේ ස්වාභාවික ජල තටාකයයි. මෙහි පැමිණෙන සංචාරකයින්ට ස්නායන
කිරීමට අවශ්‍ය පහසුකම්ද සපයා ඇත. එහි යන සියල්ලෝම මෙම සුන්දර නානතොටුපලනින් වතුර
බිඳක් හෝ ඇඟලා ගත යුතුය.
වෙනිවැල් |
මෙම ගසේ කිරි ඉතාමත් විෂය බඳුල්ල කිරි ඇසිඩ් සදා ගැනිම සඳහා භාවිතා කරයි |
වල් ඌරෝ කැකුණ තලන විට හබන් කැකුලට රජ මඟුල් ලු |
බාඳුරා |
වැදගත් කරුණක් කිව යුතුය. එනම් පසේ
ඇති තෙත් ස්වාභාවය නිසා කුඩැල්ලන්ගෙන් නම් බහුලය. ඒ නිසා කකුල් වල ඇඟිලි කරු තුල සිද්ධාලේප
වැනි යමක් තවරාගෙන යාමට මතක තබා ගත යුතුය. අපේ අක්කලා නංගිලා නම් මෙම ජිවියාට බිය
වෙයි. ඒ නිසා ආරක්ෂිතව යාම වඩාත් සුදුසුය. එහෙත් මෙම නාන තොටුපල ට යන මාර්ගයේ නම්
කුඩැල්ලන් නැත. එය මහත් අස්වැසිල්ලකි.
නාන තොටුපල පසු කර ප්‍රධාන මංපෙතෙහි ඉදිරියට
යන විට එහි දෙපස ඇති තෙත් කලාපීය ද්විතියික වනාන්තර පද්ධතියක අසිරිය විඳිමින් යාමට
හැකිය.මිටර් 600 ක් පමණ ගිය විට ගල්ලෑලි දොළ හමු වේ.මෙම ස්ථානයේදී ප්‍රාථමික යුගයේ
ශාක බොහෝමයක් දැකිය හැකිය.
පළමු ගිමන්හල
මෙම ස්ථානයේදී වෙනිවැල් බහුලව දැකිය
හැකිය.රාත්‍රි කාලයේ සංචාරය කරන්නේ නම් උණුහපුලුවන් සහ ඇතැම් උභයජිවි විශේෂ දැක ගත
හැකි වනු ඇත.
උමං මාර්ගය
උමං මාර්ගයට ඇතුළු වන ස්ථානය |
ස්වාභාවික ගල් ගුහාවක් තුළින් ගමන්
කිරීමට ලැබිම ඔබට නැවුම් අත්දැකිමක් වනු ඇත.මෙහිදී වවුලන් විශේෂ හා උභයජිවින්
විශේෂ රාශියක් දැකගත හැකිය. මෙම ලෙන තුළ පවතින අන්ධකාරය හා සිසිලස ඔබට අත්විඳිය
හැකිය.
දෙවන ගිමන්හල
මෙය මහල් දෙකකින් අලංකාර ලෙස දේශිය
අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවන ලද්දකි. මෙහිදි අපගේ විඩාව සංසිදුවා ගැනිමට හැකි වන
අතරම, විවිධ පක්ෂි විශේෂ දැක බලා ගැනිමට ද හැකිවනු ඇත.
ලෑලි පාලම
ප්‍රධාන මංපෙතෙන් හැරි අනගිමල්ල ඇල්ල
දෙසට ගමන් කරන විට හමුවන දියපහර තරණය කිරීමට දැව යොදාගෙන ඉදිකරන ලද්දකි.
අනගිමල ඇල්ල
අනගිමල ඇල්ල |
ලෑලි පාලම පසුකර ඉදිරියට ගමන් කරන විට
අතීතයේ දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග දැක බලා ගත හැකි අතර, එවකට තිබු
වෘක්ෂයන් කපා ඉවත් කළ නොහැකිව නැවත පරිසරයට ම එක්වී ඇති අයුරු ද ඔබට දැක බලා ගත
හැකිය. ඉතාමත් දැකුම්කළු ලෙස ගල්කුළු අතරින් ගලා බසිනා අනගිමල ඇල්ල දැක බලා ගත
හැකිය. මෙම ඇල්ල නැරඹිමට අලංකාර වේදිකාවක් නිමවා ඇති අතර, එහි සිටම ඇල්ලේ අසිරිය
විදීමට පහසුකම් සලසා ඇත. තවද ඉතාමත් පරිස්සමින් ඇල්ල ආසන්නයට ගොස්ද එහි සිසිලස විඳ
ගැනිමට හැකියාව ඇතිමුත් බොහෝම කල්පනාවෙන් ගල් අතර මාරුවිය යුතුය. ලිස්සා ගොස් ජල
පහරට අසුවි ගසාගෙන යාමට හැකි බැවින් සංචාරයම ඛේදවාචකයක් කරනොගෙන සුන්දරත්වය
අත්විඳින්නේ නම් මැනවි.
යෝධ පුස්වැල්ල,මැස්ස
මුඳුන,වැටකොළුහේන් දොළ,තවත් ගිමන් හලක් වන නවඳපියස, ගිමන් හල යන ස්ථානයන් පසු කොට නවඳපියස
ගිමන්හලට මිටර් 150 ක් පමණ ප්‍රධාන මංපෙතෙන් බැහැරව නන්නිකිත ඇල පසු කර ඉදිරියට
ගිය විට වගුරු සහිත භුමියක මෙම විශාල නවඳ ශාකය හමු
වේ.මෙය වසර 250 ක් පමණ පැරණිය. ඉරුරාජ,එනසාල් වැනි ශාකද මෙහි ඇත.පැරණි ගොඩනැඟිලි
සංකිර්ණය, මිල්ලගහ දොළ,නන්නිකිත පියස ගිමන්හල,තිරුවාන කන්ද,නාරංගස් ඇල්ල ගිමන්හල ද
පසු කර යන විට සංචාරයේ අවසාන මංපෙත වන නාරංගස් ඇල්ල හමු වේ. එය අඩි 200ක් පමණ
උසකින් යුතු වන අතර වැසි සහිත කාල වලදී තවත් දැකුම්කලුය.
- මෙම වන රක්ෂිතය පිළිබඳව අපව දැනුවත් අඩවි වන නිළධාරින් සියළුම දෙනාට ස්තුති කරන්නෙමු.
ඔබට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ සුන්දර චාරිකාවේ විස්තර මෙලෙස ගෙන එම පිළිබඳව. ඇත්තටම අපේ රටේ ස්වභාව සෞන්දර්යය බලන්න යන්න කෝටි තරම් ප්‍රදේශ තියනවද කියලා හිතෙන්නේ මේ වලාවටයි.
ReplyDeleteහැබැයි අපි තවමත් හුරුවෙලා නැහැ පරිසර චාරිකාවකදී සුදුසු ඇඳුමක් සහ සුදුසු පාවහන් අඳින්න. ඒ නිසා තමයි කූඩැල්ලන්ට අහුවෙන්නේ. 100% ක් බේරෙන්න අමාරුයි. නමුත් 95% ක් උන්ගෙන් බේරෙන්න පුළුවන්. සබන් වතුර/සිද්ධාලේප උණු ජලයට දමා දියකරගත් වතුර/ වැනි දෙයක පොඟවාගත් ක්‍රේප් බැන්ඩේජ් එකක් හෝ එවැනි රෙදි පටියක් සපත්තුවේ සිට දණහිස දක්වා වෙලාගෙන යන්න පුලුවන්නම් කූඩැල්ලන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ.
ඔබටත් ස්තුතියි විචාරක ලබා දුන් ප්‍රතිචාරයට සහ අගනා උපදෙසට.
Deleteලස්සන සංචාර විස්තරයක් ගයනි.. ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට. පරිසරයෙ වටිනාකම තේරෙන අය බොහොම අඩුයි. ඔබ ඒ වටිනකම දන්න කෙනෙක් බ්ව පේනවා. සතුටුයි ඒ ගැන. අපිට මෙවැනි වන ගහනයන් අහිමි වෙමින් යන කාලයක් මේක. හැම වසරකම වගෙ මේ වසරෙත් ඈත කඳු ගිනි ගෙන දැවෙන හැටි පහු ගිය දවස් වල අපි වේදනාවෙන් බලා හිටියා...
ReplyDeleteඇත්තටම ස්වාභාව ධර්මයට මම ගොඩාක් ඇළුම් කරමි
Deleteකන්නෙලිය අපිත් යන්න ඉන්නෙ :)
ReplyDeleteහ්ම් සුන්දර අත්දැකිමක් වෙයි.
Deleteගයනි, ගමන් මාර්ගය ගැන පැහැදිලි විස්තරයක් දෙන්න පුළුවන් ද?
ReplyDeleteකන්නෙලිය සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුරකථන අංක වලට කථා කර වැඩි විස්තර ලබා ගත හැකිය.0915630579 0912234306.ගාල්ලට ඇවිත් අකුරැස්ස පාරේ තමයි එන්න තියෙන්නේ.
Deleteලස්සණ යි අනේ. යන්න හිතෙනවා.
ReplyDeleteහිතෙනවා නෙමෙයි යන්න.
Deleteගයනි යන විදිය අරව මේවා සම්පුර්ණ චාරිකා සටහනකට අවශ්‍යමයි. කොයි වෙලාවටද වහන්නේ... වගේ දේවල්.
ReplyDeleteදේශකයාට ඕන වේලාවක යා හැකිය.රාත්‍රි කාලයේද සංචාරය කිරීමට අවස්ථාව සලසා දී ඇත.නවාතැන් පහසුකම් පවා ඇත.වැඩි විස්තර සඳහා 0915630579 0912234306.අංක වලට කථා කර දැන ගන්න පුළුවන්.ගාල්ලට ඇවිත් අකුරැස්ස පාරේ තමයි එන්න තියෙන්නේ.
Deleteකන්නෙලිය...බොහොම ලස්සන තැනක් බව කලිනුත් අහලා තිබුණා.
ReplyDeleteමහන්සි වෙලා හදපු වටිනා පෝස්ට් එකක්. නියමයි.
එහි සුන්දරත්වය විදිමට යා යුතුමයි.
Deleteඅනිවාර්යයෙන්ම...
Deleteවිස්තර නම් මදි හොඳටෝම..!
ReplyDeleteඋදා:- උමං මාරගය ගැන..පටන් ගැනීම ,අවසන් වීම.මොනවගේ උමං මාර්ගයක්ද..?
ගාල්ලේ බුවාලා අහන පුරස්න ද මේ.. ගිහිල්ල බලල අපිටත් එක්ක විස්තර හොයන් එන්නැතිව..
Deleteපරිසරය අපට මේ වගේ සුන්දර ස්ථාන ස්වභාවයෙන්ම දීල තියෙනවා. එහි සුන්දරත්වය විදින්න යන හැමෝම එම ස්වභාවික පරිසරයට හානියක් නොවෙන්න වගබලා ගත්තොත් ඔය විදියටම අනාගත පරපුරටත් එහි සුන්දරත්වය විද ගන්න ලැබේවි. මම සිංහරාජයේ නම් ගිහින් තියෙවා ඒත් කන්එළියේ ගිහින් නැහැ. ඒ උනාට ඉතින් දැන් ගියා වගෙ තමා. විස්තර ගෙනාවාට ඔයාට ගොඩක් ස්තූතියි.
ReplyDeleteස්තුතියි ඔබටත්.
Deleteමේ තුලට ගමන් නොකලත්, රාජකාරි ගමන් මගකදී මෙය පසුකර ගොස් ඇත්තෙමි. කුමන හෝ ස්ථානයකින් මුහුණ කට සෝදා ගත් බව මතක ඇත.
ReplyDeleteගිහිං ඒ සුන්දරත්වය විඳ ගන්න අයියා.ඇත්තටම සුන්දර අත්දැකිමක් වෙයි.
Deleteඅනාගත පරපුරට දකින්න මේවා ආරක්ෂා කිරීම තමයි අද ප්‍රශ්නෙ ... වැටත් නියරත් ගොයම් කනකොට..
ReplyDeleteඑක ඇත්ත.අපි විසින් රැක ගත යුතු බව අප සිහි තබා ගත යුතුය.
Deleteඅනේ අප්පේ මේක නම් බලන්නම වටිනවා, අපිත් ගිහිල්ලා තියනවා ඔය කියන තැනට, කුඩල්ලෝ කාලා දිය ඇල්ලේ පුට්බෝල් ගහලා, ඇල්ලේ සිතල වතුරෙන් නාලා ලස්සන ෆන් එකක් ගත්තා. අමතක නොවන සිහිවටන ඔතන තියනවා.
ReplyDeleteමගේ අයියේ ඔයා කියලා තියෙන දේට මට උත්තර දෙන්න තිබුනා.මම ඔයාලත් එක්ක එතන නොහිටියා නම්.ඒ අවස්ථාව මතක් වෙන මොහොතක් පසා මගේ පපුව ගැහෙනවා.....
Deleteමේ වනය තියෙන්නේ අකුරැස්සේ යන පාරේ නේද? මට මතක විදියට මම හරි වෙන්න ඕනේ නමුත් මේකට යන්න අවස්තාවක් ලැබිල නැහැ.
ReplyDeleteඔව් ඔව් අකුරැස්ස පාරේ ගිහින් හැරෙන්න ඕන.
Deleteමේ ලිපිය කියෙව්වම් මට හිතුන දේ තමයි මේ වගෙ ලස්සන දේවල් බලමින් සංචාරකයෙක් විදියට ජීවත් වෙන්න තිබුනානම් කොයි තරම් හොඳද කියල.කලාතුරකින් එහෙම මිනිස්සුත් ඉන්නවා.මම දැක්කා පත්තරේක තමන්ගෙ මුළු දිවියම සංචාරයේ යෙදුන කෙනෙක් ගැන.සමහර විට ලොකු බූදලයක් තිබෙන්න ඇති.ඩිස්කවරි චැනල් එකේ ලෝන්ලි ප්ලැනට් කරපු කෙනාත් ඒ වගේ වාසනාවන්තයෙක්.ඔහුගෙ රැකියාවම විනෝදාංශයත් වෙලා.ඒ වගෙ වාසනාවක් නැති අපි වගෙ අය මේ විදියට දැකල කියවලවත් සතුටු වෙන්න මේ වගෙ පෝස්ට් දාන ඔබට බොහොම පින්
ReplyDeleteස්තුතියි ඔබට.
Delete