ඈත ඉඳන් අම්මේ නුඹ
මං ගැන හිත ඉකි
බිදිද්දී |
තරු පායපු නිල් අහාසට
සවන් යොම ගෙන ඉඳිද්දි
හිතේ උපන් රන් සිතුවිලි
හදවත
යට ගිනි ගනිද්දී
ඈත ඉඳන් අම්මේ නුඹ
මං ගැන හිත ඉකි
බිදිද්දී
මව් සෙනෙහේට හඳ සැලුණා
සටන් බිමේ යුධ වදීද්දී
ගිඟුම් හඬින් පුපුරා යන
වෙඩි හඬ තවමත් ඇහේනවා
මං ගැන නුඹ හඬන හැඬුම්
ඊට වඩා මට ඇහේනවා
අම්මේ නුඹේ අතින් ඉඳිනු
බතේ සුවඳ මට දැනේනවා
සටන් බිමේ මගේ අම්මා
මං ළඟ බව මට හිතේනවා
සටන් බිමේ මරු දැක දැක නැ
කිසි විටෙකදී සැලෙන්නේ
බිව් මව් කිරි නිසයි මගේ
එඩිතර කම ලය රැදෙන්නේ
මගේ රට දැය රකින්නටයි
දිවි නොතකා අවි දරන්නේ
මට දුක මං මැරුණු දාට
මව්පියෝ කවුරුද රකින්නේ
සෙනෙහේ ගඟක් කඳුළු වෙලා
ගලා යන්න දෙන්න ඒපා
අනේ අම්මේ නුඹ මං ගැන
තව තැවී තැවී ඉන්න ඒපා
නිවාඩුවට ආපු දාට
කඳුලින් සිප ගන්න එපා
සටන් බිමේ මියදුණාට //
මගේ අඩුවක් දැනෙන්න ඒපා
ගායනය
- වීරසිරි
මල්වත්ත
ගී
පද සහ තනුව - ලාල් මිත්‍රබන්දු
ගීතය පිළිබඳව අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය නොවේ.ඒතරම්
සරල පද සමුහයකි.
එකමත්
එක දවසක ඇසුණු මෙම ගීතයත් සමඟ අද මෙසේ පුංචියට යමක් ලියා තබන්නට සිතුණි. එක්තරා පුහුණු
විමක් අතරතුර වෙහෙස නිවා ගැනිම සඳහා අපේ සහෝදරයෙක් ගායනා කර මෙම ගීතය මම ඉතාමත් ඕනෑකමකින් ඒදා අසා
සිටියෙමි. ඊට ප්‍රධානම හේතුව වුයේ එම
අපූරු ගමනට මා එක් වී එතරම් කාලයක් ඒ වන විට ගත වි නොතිබිම සහ යුද ගිණ හඬ ඒදා කනට ළඟින් ඇසුණු
වකවානුක් වු නිසාය. එදවස් පවුලේ උදවියගෙන් ඈත් වී ඒතරම් කාලයක් නොවු හෙයින් හිතට
තනිකමක් ගෙන දුන් සහ නුහුරු අත්දැකිම් රැසක් ජිවිතයට යා වු කාලයකි. ඒ කාලයේදී හුදකලාව සහ වෙහෙස නිවා ගැනිමට මා ළඟ සිටි එකම හිතවතා ගීතය පමණකි. ඒ අතර මේ ගීතය ඉහළින්ම මා හද සනසන්නට
සමත් විය.
එකල නාදුනන
මිනිසුන් අතර ඒ ගෙවුණු කාලය ජිවිතයට කොතරම් වටිනාකමක් එක් කළ මතකයන්ද කියා
හැඟෙන්නේ එය අද සිහිකරන විටය.ඒදා වගේම මෙම ගීතයට අදත් මම ඇලුම් කරමි.මගේ අම්මා වගේම අහිංසක අම්මලා දහාස් ගණනක් ඒදා යාපනය, මාදගල් වලදී
මට හමු විය. ඒ මිනිසුන්ට ද ඒදා තිබුණු එකම හීනය සාමයෙන් නිදහස් ජිවිතයක් ගත කිරීම පමණකි.
ඔවුන්ට දෙවුන්දර තුඩුව දක්වා උවමනා කරේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ සැනසිල්ලේ ඒදා වේල
පිරිමහාගෙන වැටිලා සිටිමට පුංචි ඉඩක් පමණි. එහෙත් එකල ඔවුන් එතරම් වාසනාවන්ත වුයේ
නැත. ඇතැම් බල ලෝභින්ගේ අසීමත ආශාවන් හේතුවෙන් වන්දි ගෙවිමට සිදු වුයේ ඒ අහිංසක ජනතාවටය.
කන්නට නොව බිමට පවා ජල බිඳක් සොයා ගැනිමට දුෂ්කර ප්‍රදේශයක ගත කල ඒ කාලය මිනිසෙකු ගේ ජිවන චක්‍රය කියන්නේ සුන්දර
සිහිනයක් නොවන බව වටහා ගතිමි. ඔවුන් ජිවත් වෙන්න දරණ උත්සහාය දෙස බලාගෙන මා සිතින්
මගේ අම්මා විඳින දුක දුටුවෙමි. ඒ දුක් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන්ගේ සහ මාගේ
අම්මාගේද එකම පැතුම වී තිබුණේ සාමය පමණයි.
සමහරක්
මිනිසුන් මනස වෙහෙසන්නේ කුමක් අරඹයාද සහ එයින් තමන්ට ලැබෙන ඵල ප්‍රයෝජනය ගැන සිතෙන
විට මිනිසෙකු වි ඉපිද ගත කරන ජිවතය පිළිබඳව හිස් බවක් දැනේයි. එහෙත් අද එම ප්‍රදේශයට
පා තබන විට දකින වෙනස ජිවිතයට සැනසිල්ලක් ගෙන දෙයි. ඒ මන්දයත් ඒ ප්‍රදේශයේ ජිවත්
වන මිනිසුන් ඔවුන් ඒදා පැතු දේ අද ඔවුන්ට භුක්ති විඳිමට ලැබි ඇත.
එහෙත්
නැවතත් අහිංසක බලාපොරොත්තු බොඳ කරලිම සඳහා පව්කාර මිනිසුන්ගේ පව්කාර සිතුවිලි වලට පණ පොවන්නට වෙහෙසන යුගයකට නැවතත් අර අදින බවක් පෙනේ.
ඔබ විසින් නිරතුරුවම පවසන මානුෂිකත්වයේ දෑත් වැලිවේරියේ නිරායුධ ජනයාට දිගු නොවුනේ ඇයි?.ඔබ විසින් පවසන දේවල් අසත්‍ය දේවල් නොවන බව ප්‍රායෝගිකවම දනිමි.නමුත් ඒ කල යහපත් දේවල් වල තවදුරටත් වටිනාකමක් තිබේද? මා හටනම් බරපතල ලැජ්ජාවක්,කලකිරීමක් දැනේ.
ReplyDeleteකියා ගන්න බැරි බොහෝ දේ අන්තිම ඡේදය තුල සටහන්ව ඇත.මටත් වඩා හොඳට ඇයි කියන ප්‍රශ්ණයට හේතුව ඔබ දන්න බව මම දනිමි.
Deleteඔබට ඇති සීමාවන් තුල දක්වා ඇති අදහස් අගය කරමි.යහපත් අරමුණු වෙනුවෙන්ම පෙනී සිටින්න.කෝප්‍රල් ගාමිණී කුලරත්න,ලුතිනන් අලදෙණිය වැනි සැබෑ යුධ විරුවන් වෙනුවෙන් කළහැකි ලොකුම උපහාරය එයයි.
Deleteඅපේ මාමා හමුදාවට යන්න ඕන කියලා ආච්චිගෙන් අවසර ගන්න මේ සින්දුව ලියලා එවලා තියෙනවා ආච්චිට .
ReplyDeleteආච්චි මැරෙන්න කලින් දවසක ඔය කතාව මට කිව්වේ . මේ පොස්ට් එක කියවත්දී මට ඒ කතාව මතක් උනා .
:)
ඉතිං මාමා හමුදාවට ගියාද?
Deleteඅපි අපේම අත්දැකීමක් කර ගත්තාම හැම ගොඩක් දේවල් ලස්සනයි, හරියටම විදින්න පුළුවන්
ReplyDeleteඔව් ඒක ඇත්ත.
Deleteමට වීරසිරි මල්වත්ත මහතා පුද්ගලිකව හමු වෙලා තියෙනවා. හමුදා සෙබළාගේ හිත දිරි ගන්වන්න මේ වගේ ගීත බොහොම ස්වල්පයයි තිබුණේ.
ReplyDeleteසුදීක අයියා වාසනාවන්තයි.එවැනි සුන්දර මිනිසුන් සමඟ වචනයක් හෝ කථා කිරීමට ලැබිම වාසනාවකි.
Deleteහ්ම්ම්ම්ම් අපුරුයි ....
ReplyDeleteස්තුතියි ඔබටත් මේ පැත්තට පැමිණ එහි රසය වින්දට.
Deleteඔයාගේ අන්තිම ඡේදේ නං හිතට වදිනවා ගයනි... මොකද මාත් හිතෙනවා ඒක ඇත්ත කියලා...
ReplyDeleteඔව් හිරු.කියා ගන්න බැරි බොහෝ දේ එහි ගැබ්ව ඇත.
Deleteකියවූ බවට මෙලෙස සටහන් තබමි.
ReplyDeleteඅයිලස් අද මේ වන මේ ශ්‍රිලංකාවේ යුද්ධය නිසා දරුවන් අහිමි අම්මාවරු,පියවරු අහිමි වු දරුවන් සහ ස්වාමි පුරුෂයින් අහිමි වු බිරින්දෑවරු බොහෝ දෙනෙකු ගේ දෙනෙත් කඳුළු වලින්න තෙමි පවති.අතීතය යනු අපේ ඉතිහාසය වේ.ඒ ඉතිහාසය පුරාවට විරුවන් බොහෝමයක් මේ පොළව සිප ගෙන ඇත.මම හැමදාමත් ඔවුන් වෙනුවෙන් ලියනවා.
Deleteඔවුන් ලබාගත් වීරත්වය පවා ජිවත්වන කැනහිලුන් කිහිප දෙනෙකු විසින් විනාශ කරමින් පවතී.
Deleteඔව් ඒක ඇත්ත.
Deleteගයනි ඔබේ බ්ලොග් එකට නම් මම ඉඩ ලැබුන විට එනවා.ඒ ආපු වාර ගනන අඩු වුනත් අතට අහුවෙන ලිපි වෙලා අරන් කියවනවා.වෙනත් හුගක් බ්ලොග් වල ලිපි කියවාන්නේ උඩින් පල්ලෙන්. වලිවේරිය සිද්ධියෙන් පස්සෙ මට මිතුරු හමුදා නිළධාරීන් පිරිසක් සමඟ කතා කරන්න ලැබුණා.ඔවුන් නූගත් සොල්දාදුවන් නොවෙයි.ඔවුන් මේජර් වරු.ඊටත් එහා කාරනේ යූ ඇන් පී කාරයො.ඔවුන් කියන්නෙ මැරුව මදි කියල.හමුදා මානසිකත්වය මේකද?.ඒ අය තර්ක කලේම අපිට ගැහුවොත් ගහනව කියන දාමරික පාතාල බාසාවෙන්.නිකම් සොල්දාදුවෙක් මෙහෙම කිව්වනම් ප්‍රශ්නයක් නෑ.උගත් නිළධාරීනුත් මෙවැනි අදහස් දරන එක ප්‍රශ්නයක් නේද?ඒ කියන්නෙ හමුදාවෙ මතය හමුදාවෙ දැක්ම මේකයි කියල අපට හිතන්න වෙනව නේද ?.හැබැයි ගිය සදුදා ඒ වාදෙ ගිය වෙලාව අහල පහල හිටපු අයත් වාදෙට එක් වෙලා නිළධාරියට විරුද්ධව කතා කළා.උසස් නිලධාරීන් මෙසේ සිතන එකෙන් හමුදාව කියන්නෙ විනය ගරුක ආයතනයක් කියන එක ගැන සැක ඇතිවෙනවා නේද?
Deleteරට ආයිත් ගිණි ගනිමින් ගයනී. .. ගිණි තියන්නන් බොහොමයි,.... නිවන්නන් කොහේද ?
Deleteඑක් ඇත්ත එස්.එල්.අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා.......
Delete“නූගත් සොල්දාදුවන් නොවෙයි“ “නිකම් සොල්දාදුවෙක් මෙහෙම කිව්වනම් ප්‍රශ්නයක් නෑ“ “ඒ කියන්නෙ හමුදාවෙ මතය හමුදාවෙ දැක්ම මේකයි කියල අපට හිතන්න වෙනව නේද “
Deleteහිතවත් සැමට මිතුරු, නූගත් සොල්දාදුවන් විතරක් නෙමේ අද නුගත් නිලධාරයන්ද හුගක් ඉන්නවා මෝඩයෝ විදියට හැසිරෙන, විභාග ලියල පාස්වෙන්න ඇති ඒකත් කාගෙ හරි පේපර් එකක් බලාගෙන ලියන්න ඇති. ඒ වගේම තමා මිත්‍රයා නිලධාරින් කියල කිව්ව පමණින් උගතුන් වන්නේත්, සොල්දාදුවන් කිව්ව පමණින් නූගතුන් වන්නේත් නැහැ. මම දන්නා එක් නිලධාරියෙක් සිටියා එමෙන්ම මා ඉතාමත් ලගින් ඔහුට සේවය කලා ඔහු සාමාන්‍ය පෙල විතරයි සමත් වෙලා තිබුණේ නමුත් ඔහුගේ නැණවත්කම වගේම ගුණවත්කමත් තුළින් ඔහුගේ පෙෘරුශය පෙන්වුවා.හැම නිලධාරියෙක්ම එහෙම නෑ තමන්ට ලැබුණු බලයෙන් නිලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න උදවිය හැම තැනම ඉන්නවා. ඒ වගේම තමා එකෙක් දෙන්නෙක් මේ වගේ අසික්කිත වැඩ කලාම ඒකට මුළුමහත් හමුදාවම වග කියයුතු වීම. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් ඒත් අපි සාධාරණ ඇසින් බලන්න ඕනෙ. හමුදාවක විනය නීති රීති කඩකරන අයට සමාවක් නෑ. ඒ වගේම තමා ඉහළ නියෝගයක් නැතුව කිසිම ක්‍රියාවක් කවුරුවත් නොකරන බව එසේ කරන්නේ නම් මා දකිනා ලෙසට එය විනය විරෝධිය. ඒ අනුව ඒ වැරැදි කල ඇත්තන්ට දඩුවම් හිමිවනු ඇත
කියන්න ඕන බොහෝ දේ නුවන් කියලා තියෙනවා.උගතෙකු වු පමණින් බුද්ධිමතෙකු නොවේ.මේ දෙකම තිබුණත් මනුෂ්‍යයෙකු නොවේ.
Deleteමාත් කැමති සිංදුවක්.
ReplyDeleteඅපි මෑත අතීතයේ මේ ගීවල රසය හදට දැනෙන පරිදි වින්දා විජේසුන්දර වේරගොඩ, වීරසිරි මල්වත්ත වැනි යුනිෆෝම් ඇන්න සංගිතවේදීන්ගේ ගීවලට අදටත් ආදරෙයි.
ReplyDeleteඒත් ඒ මිනිසුන්ම තමන්ට සමාජයෙන් ඇතිවෙලා තිබූ ගෞරවය ඔවුන් විසින්ම නැති කරගත්තා. දැන් කරන්න දෙයක් නෑ ඔවුන් අපේ මතකයෙන් ගිලිහිලා ගිහින් ඉවරයි.
මම මේ ගීතයට කැමතිය.මෙහි ගී පද රචක ලාල් මම හඳුනමි.ඔහු කලක් ඕමානයේ සේවය කලේය.
ReplyDeleteඅපේ රටේ මිනිසුන්ට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි ... රණවිරුවන්වත් එහෙමයි ...
ReplyDeleteඑහෙම යුගයක ඔබ කරන්නාවූ නිහඩ සේවය අගය කොට සලකමි .. 2007 සිට මමද යුද්දය නමැති ගින්න නිසා දුක් විද ඇති නිසා ....