Monday, April 7, 2014

කලකට පසු




            මාස කිහිපයකට පසු මට යමක් ලියන්නට සිතුණාය.

ගෙවි ගිය කාලය තුල මගේ අතීතයට එක් රැස් වු සියළුම කරුණු කාරණා නැවතත් එකින් එක මෙනෙහි කිරීමට මම පුංචි උත්සහායක් ගත්තෙමි. ඒ උත්සහාය සාර්ථක විය. ඒ නිසාවෙන්ම පුංචියට හෝ යමක් මෙසේ ලියා ගන්නට මට හැකි විය. ඒ අතීතයේ දුක සතුටු දෙකම තදින්ම දැනුණාය. එසේම සිදු වු සියල්ලටම මම අද මුහුණ දී අවසන්ය. එම නිසා ඒ ගැන මම කම්පා නොවෙමි. ඒ මන්දයාත්  මොන දේ කුමන ආකාරයට සිදු වුවාත්, මා තවමත් නොසැලි සිටින බැවින්ය.
ඇත්තටම ඒ අතීතයෙන් ගත යුතු යමක් ඇත්ද? අනිවාර්යෙන්ම ඇත.ඇත්නම් ඒ මොනවාද?

  • පුද්ගලයෙකු භුක්ති විඳිනුයේ තමන් විසින්ම කළ ක්‍රියාවල ප්‍රථිඵල වේ.

  • තරහා දුර්වලතාවයේ සළකුණකි,සතුරෙකි.

  • ශ්‍රේෂ්‍යඨ පුද්ගලයින්ගේ තරාතිරම වනුයේ අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමයි.


Read More

Tuesday, December 31, 2013

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ නව අවුරුදු ප්‍රර්ථනාව




ජිඑම්

මගේ පළමු ප්‍රර්ථනාව වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු වේවායි!!! යන්නය.

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද?

ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි නම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන්  තමන්ට කළ හැකි හොඳම දේ.

මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතය මිය ගිය පසු ඒ සියළුම නෑ කම් එතකින් නිමාවට පත් වෙයි. ඉන් පසුව උපදින ආත්මයක, වෙනත් නමකින්, වෙනත් පවුලක ඉපදෙති. ඒ නිසා අපි ජිවිතය ගැන අමතක කර , හමු වන සෑම මනුෂ්‍යයෙකු ම සමඟ සුහදව සිනහා සීමට පුරුදු වෙමු. එවිට ජිවිතය ගෞරවණිය විදියට ගෙන යනු ඇත.

සෑම අභියෝගයක්ම සිනහාවෙන් මැඩ පවත්ව ගැනිමට හැකි නම්, එවැනි මිනිසුන් සිටින පවුලක්, එවැනි පවුල් සිටිනා නගර, එවැනි නගර තිබෙන රටවල් ආදරයෙන් පිරි යනු ඇත. එවිට මුළු ලෝකයම ලොකු පවුලක් සේ දැනෙයි. නව වසර සාමකාමි ලෙස පවත්වාගෙන යාමට හැකි වේවා!!!

ලද දෙයින් සතුටු වෙමු
එකිනෙකාට උදව් කරමු
අද දවස සතුටින් නිම කරමු, ඊළඟ දවස සතුටින් ගත කරන්නම්

මෙම මාසය කාර්ය බහුල වු මාසයකි. එම නිසා බ්ලොග් එකට ලිපි ලිවිමද අතපසු විය. එපමණක්ද නොව තවත් වැදගත් අවස්ථාවක් වන බ්ලොග් මිතුරන්ගේ සුහද හමුවද දෙවැනි වතාවටත් මඟ හැරි යන ලදි. . මගේ මිතුරනේ ඔබ සියළුම දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!!!
Read More

Sunday, November 17, 2013

අකීකරුද ඔබේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ






පසුගිය දින කිහිපය තුල ලියු ලිපි කිහිපයක්ම ලිය අවසන් කර ගැනිමට නොහැකි වු බැවින් බ්ලොග් එකද පාළුවට ගොස් ඇත. ලිපිය ලියා අවසන් කර ගැනිමට නොහැකි වුයේ සිතේ පවතින නොසන්සුන් බවද යන්න වැටහිමක් නැත. ඒ නොසන්සුන්තාවයට නිශ්චිත හේතුවක් නැති වුවද කුමක් හෝ යමක් ඇති බව මට හැඟෙයි.

 අද සෙනසුරාදාවකි. අවට පරිසරය නිහඬය. ඒ නිහඬ නිශ්කලංක බවට මම තදින් ඇලුම් කරමි. මිනිසුන් සතියේ දින පහේ වැඩ කර ඉතිරි දින දෙක නිවස තුල කාලය ගත කිරීමට පුරුදු වි සිටිති. ඒ දින දෙකට මා වඩාත් ප්‍රිය කරනුයේ වටපිටාවේ පවතින නිහැඬියාව නිසාවෙන්ය. මටත් ඒ නිහැඬියාව විඳින්න ලැබෙනුයේ කලාතුරකින්ය. ඒ නිහැඩියාවත් සමඟ මට මගේ අතීතයට යන්නට සිතුණි.  

ජිවත් විම අප සිතන තරම් සරල නොවන බව මට තේරුම් ගියේ මගේ වයස  අවුරුදු 19 දීය. දෙයක් වෙන්න ඕන මිනිස්සු හඳුන ගන්න. ඒ වෙනසට මුහුණ දෙන්න දෙන්න එවකට මගේ සිත ශක්තිමත් වුවාය. අපේ තාත්තා ජිවිතයෙන් සමු ගන්නා විට මාත් මගේ නංගීලාත් පාසල් යන වයසේය. මගේ අම්මා සහ සහෝදරියන් යනු  මගේ ජිවිතයේ කොටස්ය. ඒ ජිවිත වල හෙට දවස ආලෝකමත් වන්නේ මා දල්වන එළියෙන් බව ඒ වන විට මට හැඟී ගිය කරුණකි. ඒ වැටහිමට , ඒ සිතුවිල්ලට අදට අවුරුදු 14 කී. ඒදා හට ගත් ඒ සිතුවිල්ලට පණ දෙන්න මට පුළුවන් විය. ජිවිතය දෙස ආ පසු හැරි බලද්දී මගේ ජිවිතය පිළිබඳව මම තෘප්තිමත් වෙමි. හැම විටම උත්සහා කළේ අත දුර දේට  පමණක් ඇළුම් කිරීමටය. මගේ සහෝදරියන්ටත් මා එය උගන්වන ලදී. හැමෝටම හැම දේම එකම විදියට පිහිටන්නේ නැත. එම නිසා ජිවිතයට අරමුණක් ඉලක්කයක් තිබිය යුතුය. ඒ ඉලක්කය වෙත ළඟා විම සඳහා සිත ශක්තිමත් විය යුතුය. එපමණක්ද නොව තමන්ගේ  සිත වෙනත් දේ වෙත යන විට අවශ්‍ය කාරණාව අභියස සිත රඳවා ගනිමින් සහ උචිත පරිදී සිත පාලනය කර ගැනිම තමන්ගේ වගකිම වේ.

 අපේ අය සමහරක් අවස්ථා වලදී ජිවන බර දර ගැනිමට නොහැකි වු විට  රජය වගකිව යුතු බව කියමින් දොස් පවරයි. තවත් පිරිසක් තමන්ට පැවරි ඇති වගකිම් සහ යුතුකම් ඉටු කර ගැනිමට නොහැකිව දිවි නසා ගනිති. එහෙමත් නැතිනම් එය ඉටු කර ගැනිමට නොහැකි වේ යැයි යන සිතුවිල්ලේ හිඳ ඒ ගැනම හිත හිත දවස ගෙවති.

එහෙත් මම සිතුවේ මට පැවරුණු වගකිම් සහ යුතුකම් සියල්ල කළ යුතු දෙයක් සහ එය කෙසේ හෝ මා අතින් සිදු විය යුත්තක් බවය. ඒ අනුව පළමු කොට ස්ථිර ඉලක්කයක් සිතින් සිතින් මවා ගතිමි. ඊට අවශ්‍ය මුලික පියවර මම තැබුවේ මේ ආකාරයටය. මුල්ම පියවර ලෙස මට ගැළපෙන මට කළ හැකි මා කැමති ජිවනඋපායක් තෝරා ගත්තාය.එපමණක්ද නොව හිත හිතා ඉන්නේ නැතිව මට අවශ්‍ය දේ පසුපස මම සොයා ගියෙමි. ඒ යන අතරතුර අපහසුතා විඳ ගනිමින් යම් යම් දුෂ්කර කඩඉමිද පසු කිරීමට සිදුවිය. වාසනාව වුවද හැම විටම හැමදෙනාගේම ළඟට එන්නේ නැත. එය සොයාගෙන යා යුතුය. ඒ සඳහා අවශ්‍ය කැපවිම සහ උත්සාහය තමන් සතුව තිබිය යුතුය. මිනිස්සු අපට උදව් කරනුයේ අපි ඒ මිනිස්සු ළඟට ගොස් අපට අවශ්‍ය කාරණාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කළහොත් පමණකි. මම ජිවිතය මටම ආවේණික වු ක්‍රමයකට ඉතාමත් සරලව සොයා ගියෙමි. මේ යන අතර තුර හිත රිදවිම් ඇති වු විට මා කරනුයේ ගීතයක් රසවිඳ එහෙමත් නැතිනම් සිනහා උපදවන චිත්‍රපටයක් නරඹා දුක තුනි කර ගැනිමය. සියල්ල විඳ ගනිමින් අවශ්‍ය ඉලක්කය වෙත මා අද පැමිණ ඇත.

අතීතයෙන් වර්ථමානයට ආ විට පවතින නිහැඬියාවත් සමඟ මගේ සිතේ පුංචි ලතවුලක්ද ඇත. ඒ මන්දයත් දැනට මාහට නිශ්චිත ඉලක්කයක් නැති බැවින්ය. වෙනදට වඩා මගේ සිත අද නිදැල්ලේ සැරි සරයි. ඒ නිසාදෝ මන්දා දුකත් වේදනාවත් අභියස සිත නතර වනවා සේ මට හැඟේ. මේ ගැන සිතමින් වරුවක් පමණ දෙනෙත් පියාගෙන මේ ගීත සමුච්චය රසවින්ඳාය. සිත පුදුමාකාර විදියට සැහැල්ලු වුවා සේම නව ඉලක්කයක් මා සිතේ තැන්පත් විය.

මේ රට මගේ රට මා ඉපදුණ රට ( මාලනී බුලත්සිංහල)

සෙනෙහස ඉල්ලා ( මාලනී බුලත්සිංහල)

සඳකැන් දහාරින් (මාලනී බුලත්සිංහල)

තව දිනක් ගෙවුනා (මාලනී බුලත්සිංහල මහත්මිය  සහ ජානක වික්‍රමසිංහ)

ඔබ මට තරුවකී (ලක්ෂමන් විජේසේකර මහතා සහ නේරංජනා සරෝජනි)

සුදු මුදු රළපෙළ (ටී.එම් ජයරත්න සහ නීලා විකුමසිංහ)

ඉකිගසා හඬනා  (අමරසිරි පිරිස් )

ඒපා යළි ඔබ හමුවන්නට (සුනිල් එදිරිසිංහයන්)

අඳුර බිඳින්නට (විකටර් රත්නායක)

අපි ඔක්කොම රජවරු (වික්ටර් රත්නායක)

කුරුල්ලන්ට ගී ගයන්න (වික්ටර් රත්නායක)

අපේ හැඟුම් වලට ඉඩ දී (විකටර් රත්නායක)

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු (ක්ලැරන්ස් විජේවර්ධන)

කුවේණීගේ ශාපය (හෙන්රි ජයසේනගේ නට්‍ය ගීතයකී)

ඔබේ සිහිලැති සෙවණේ (චිත්‍ර වරකාගොඩ ජනනාත් වරකාගොඩ)

අකීකරුද ඔබේ සිතත් (එඩවඩ් ජයකොඩි)

අකරු මැකි නැ කොළ ගැල වී නැ (එඩ්වඩ් ජයකොඩි)

මේ ජීවනයේ මුළු සංසාරේ (එච් ආර් ජෝතිපාල)

මොනවද මුත්තේ මොකද කරන්නේ (රෝහණ විරසිංහ)

සොර දෙටුවෙක් (සුනිල් එදිරිසිංහ)

තීරය ඇරෙනවා (සුනිල් එදිරිසිංහ)

වළාකුලක් ගෙන (සුනිල් එදිරිසිංහ)

අද දීගෙක (සුනිල් එදිරිසංහ)

මේ අයුරින් අපි සංසාරේ (ටි.එම් ජයරත්න)

බිංදු බිංදු තාරකා (ගුණදාස කපුගේ)

දම්පාටින් (ගුණදාස කපුගේ මලනි බුලත්සිංහල)

මේ ගීත එකිනෙකට වෙනස්ය. නිවි සැනසිල්ලේ අහගෙන සිටින විට එහි අරුථ තේරුම් ගැනිමට ඒතරම්ම අපහසුවක් නැත. මනුෂ්‍ය සිතක් නිවන්න පුළුවන් හොඳම ක්‍රමය සංගීතය බව මම විශ්වාස කරමි. ආදරයටත් සිතක් නිවන්නට පුළුවනි. එහෙත් ඊටත් වඩා සිතක් නිවෙන හොඳම ක්‍රමය සංගීතය වේ.  



වර්ථමායේ අප අශ්වයන් මෙන් දුවන ගමනක ට පුරුදු වි ඇත. ඒ දුවන අතර, ගිමන් නිවා ගැනිමටද අවශ්‍යය. තමන්ගේ ගමන යහපත් මනසකින් යුක්තව යා යුතුය. ඒ සඳහා අවශ්‍ය පසුබිම තමන් විසින් සැලසුම් කර ගත යුතුය. තරහක් කේන්තියක් දුකක් දැණුන විට තමන්ව පාලනය කර ගනිමින් ඉවසිමෙන් තින්දු තීරණ ගත යුතුය.ඒ සඳහා පළමුව මනස සැහැල්ලු විය යුතුය. 
Read More

Tuesday, October 29, 2013

පිරලුන පිට හොඳයි සිතෙනවාද?



බලාපොරොත්තුව,අධිෂ්ඨානය,කැපවිම සහ විශ්වාසය  මගේ සිහිනය කරා මාව රැගෙන යයි


            ජිවිතය යනු පොතකි. හිරු උදා විම හිරු බැසිම යනු පොතක් කියවනවා සේය. දවස උදා වි ඒ දවස නිමා වන තෙක් කොතෙක් නම් ක්‍රියාකාරකම් අප ජිවිතය තුල සිදු වේද? විටෙක සංකීර්ණ වුත් තවත් විටෙක සරල වුත් අවස්ථා ඕනෑ තරම් ඇත. ජිවිතයේ විවිධ වු අවධින් තුල මුහුණපාන සිදුවිම් අත්දැකිම් බවට පත්වෙමින් අනු මතෘකා ලෙස සිතේ තැන්පත් වේ. ජිවිතය නැමති පොතේ තිබේන විශේෂතත්වය වනුයේ එහි සඳහන් කරුණු තමන්ට නොගැළපේ නම් තමන්ට ගැළපෙන පරිදි සංස්කරණය කරගැනිමට හැකි විමය. අලස ලෙස ජිවිතය දෙස නොබලා හැකි උපරිම උත්සාහය යොදා ජිවිතය ක්‍රමානුකුල ලෙස ගොඩනඟා ගත යුතුය. එසේ නුනහොත් ජිවන ගමනේ අවසාන මොහොත වන විට, අසාර්ථක පොතක් කියවුවා සේ අසාර්ථක පුද්ගලයෙකු ලෙස පසුතැවිමට පත්වනු ඇත. එපමණක්ද නොව එම පොත කියවිමට විඩංගු වු  කාලයද නැවත ජිවිතයට නොලැබෙනු ඇත. අපි  විසින් කියවන පොත කොයිතරම් දුරට තම ජිවිතයට වැදගත්ද යන්න වඟ පොත කියවන අතර තුර වටහා ගත යුතු කරුණකි. ලියැවෙන සෑම පොතක්ම සාර්ථක නොවන සේ ලෝකයේ ජිවත් වන සෑම පුද්ගලයෙක්ද සාර්ථක නොවනු ඇත. පොතක සාර්ථකත්ත්වය රඳාපවතිනුයේ එහි අඩංගු වි තිබෙන කරුණු මතය. එම නිසා ජිවිත පොත සංස්කරණය කර ගැනිමට හැකි බැවින් එය තමන්ට උචිත ලෙස සකසා ගැනිම තමන් සතු වගකිමකි.

             
     අපි පුංචි කාලයේ ලොකු ලොකු සිහින තුල ජිවත් වන්නෙමු. එහෙත් වැඩිහිටියන් වු පසු බොහෝ සිහින මැකි යන අතර සමහරක් සිහින නොමැකි පවති. එම සිහින සඵල නොවුවත් බලාපොරොත්තු අත් හැරිමට කැමැත්තක් නොදක්වයි. ඒ මන්ද යත් එතරම්ම ඒ සිහින තමන්ව සතුටු කරන බව විශ්වාසයක් පවතින බැවින්ය.


පුංචි කාලයේ මගේ සිතේද එවැනි සිහින රාශියක් තිබුණි. එහෙත් ඉන් සමහරක් සිහින මැකි ගොස් නොසිතු දේ ජිවිතය තුල සිදු වි හමාරය. එපමණක් නොව තවත් බොහෝ දේ සිදු වේ යැයිද සිතමි. මේ සියල්ලම අතර ඉටු නොවු එහෙත් තවමත් බලාපොරොත්තු තබාගෙන තිබෙන සිහිනයක් දෙකක් මා සිත තුලද ඇත. අදටත් එය සිදු වේ යැයි කිමට නොහැකිය. එහෙත් උත්සහාය අධිෂ්ඨානය කැපවිම විශ්වාසය මාව ඒ කරා රැගෙන යනු ඇත.


ඔබේ අවධානය පහත සඳහන් කර ඇති කරුණ කෙරෙහිද යොමු කරනු මැනවි.

             

පහත තිබෙන්නේ  මම මිට පෙර දමා තිබු පොස්ට්ටුවට ලැබුණු ප්‍රතිචාරයකි. කිසිම ඵලයක් නොලැබෙන  මෙවැනි ආකාරයට හැසිරෙන අධම මිනිසුන් මේ රටේ සිටින බව මම දනිමි. මෙතුමා තමන් හැදු වැඩු දෙමවුපියන්ටද නැති පුද්ගලයෙකු බව කිව හැකිය. මවකගේ, සහෝදරියකගේ, බිරිඳකගේ සහ දියණියකගේ සෙවණක්, සමිපකමක්, ඇසුරක් සෙනෙහසක් විඳ නොමැති  අවජාතක උපතකි. මම නුඹට ඒ නිසා අනුකම්පා කරමි.

මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්යඑ වටිනාකම ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්රියා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම
Read More
Related Posts Plugin for WordPress, Blogger...