![]() |
| අහිංසකත්වයේ සංකේතය දරුවන්ය.සුභා ඇඳ සිටින ඇදුම ලස්සන නොවන්ට පුළුවනි. එහෙත් ඒ හිත ගොඩාක් ලස්සනය. |
2013 නාවික ශිෂ්‍යභට බාලිකාවන්
ගේ විසිර යාමේ පෙළපාලිය ත්‍රිකුණාමලය
නාවික කඳවුරේ දී ඉතාමත් සාර්ථකව නිමවට පත්වන ලදී. මේ සඳහා බාලිකාවන් එකදහාස් තිස්දෙනෙකු සහභාගි
වන ලදි. විශේෂ දක්ෂතා රැසකින් සමන්විත සිසුවියන් විශාල පිරිසක් මේ අතර විය. මෙම පුහුණුව දැරියන්ගේ ම කැමැත්තට සිදු වන්නක් බැවින් එහි සාර්ථකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. හමුදා පුහුණුවක් පිළිබඳව සමාජය දරණ
ආකල්ප එතරම්ම සතුටුදායක නැත. එහෙත් එක්තරා ආකාරයකින් තම ශක්තිය සහ අත්ම විශ්වාසය වර්ධනය කර ගැනිමට මෙය මහඟු අවස්ථාවකි.
මේ පිළිබඳව ඔබ තුලද විවිධ මත ඇත. ඒ
සියල්ලද සත්‍ය කරුණු විය හැකිය. මම ඒ
පිලිබඳව ඔබ හා තර්ක නොකරමි. ඒ මන්ද යත් මට අවශ්‍ය වන්නේ මෙහි ඇති ගුණ දොස් පැවසිම
නොවන නිසාවෙනි. එම සිසුවියන් නැවතත් කඳවුරෙන් පිටතට යන තෙක් සිසුවියන්ගේ ආරාක්ෂාව පිළිබඳව
අපි වගකිව යුතුය. ඒ සඳහා අඥාපතිතුමා ගේ උපදෙස් සහ අණ පරිදි සියල්ල නිසියාකාරව සිදු
විය. එම කටයුත්තේ වැඩි වගකිම කාන්තා නාවිකයින් වන අපහට පැවරි තිබුණි. ඒ නිසා නිතරම
ඔවුන් ලැඟුම් ගන්නා නිවාසය අසල අපේ රාජකාරිය සිදු කිරිමට සිදුවිය. දහාසකට අධික
ළමුන් අතර විවිධ තල වල සහ විවිධ සිතුම් පැතුම් වල දරුවන් සිටින බව මම දුටුවෙමි.
දින දෙක තුනක් මගේ දෙනෙත් ඒ එක් දරුවෙකු ළඟ පමණක් නතර විය. ඇය සමඟ කථා බහේ
යෙදෙන්නට කැමැත්තක් මා තුල විය. ඒ නිසාවෙන්ම දිවා ආහාරය සඳහා තම නිවාස කරා යන අතර
මඟදී එම අවස්ථාව මම උදා කර ගත්තෙමි. ඒ අවස්ථාවේ මම විමසුම් කර්යාලයේ රාජකාරි
කරමින් සිටියෙමි. එම ස්ථානයට ඇයව කැඳවා විස්තර විමසන ලදි.
අපිට වචන වලින් තර්ක කර බොහෝ දේ ජය ගැනිමට
හැකිය. එහෙත් ප්‍රයෝගික ජිවිතය එසේ ජය ගැනිම එතරම් පහසු කටයුත්තක් නොවන බව මම
දනිමි. අපි ලබාගෙන ඇති ජිවිතයේ සැප සතුට අඩු බවක් දැනි තව තව එය එක්රැස් කරගැනිම සඳහා
නොයෙකුත් ක්‍රම උපායන් සැලසුම් කරති. එහෙත් අපි තරමටවත් ජිවිතය නොවිඳින මිනිසුන්
කොතෙක් නම් මේ රට තුල ජිවත් වන්නෙහිද?
ඇය නමින් සුභා කුමාරිය. 1998
ඔක්තෝම්බර් මස 19 වන දින මෙලොව එළිය දුටු ඇය, කුඩ කාලයේදී ම පිය සෙනෙහස අහිමි
දැරියකි. උතුරු පළාතට අයත් වව්නියාවය ඇයගේ සුන්දර ගම වේ. සුභා අධ්‍යාපනය ලබන්නේ
වව්නියාව පැරකුම් ම.ම.වි. යේය. මේ පුංචි සුභා ගේ ආදරණිය මවගේ සිය ජිවනඋපාය වන්නේ
වැලි ගොඩ දැමිමය. සුභා ට සහෝදර සහෝදරියන් නොමැත. ඇයගේ දුක සැප ළඟ අම්මා පමණක්
සිටිති. ඇයගේ වයස අවුරුදු 15කි. ඉගෙනුම ලබන්නේ 10 වන වසරේය. පුංචි විශේෂත්වයක් ඇය
තුල ඇත. ඒ නම් සුභා වයසට වඩා පුංචි දැරියකි. ඒ නිසාමද මන්දා මගේ සිත ඇය ළඟ නතර
වන්නට ඇත්තේ. පළමුව සුභාට මම පැවසුවේ ඔබේ ගේ ලිපිනය මට කොළ කැබැල්ලක ලියා දෙන
ලෙසය. තවද ඇයට කථා කිරීමට දුරකථන අංකයක් ඇත්නම් එයත් එම කොළයේ සටහන් කරන ලෙසය. එහෙත්
එවැනි පහසුකමක් ඇයට නැති බව පවසා සිටින ලදි. අවසාන දිනයේ පැවැත්වෙන විසිර යාමේ උත්සවයට ඇයගේ
මව සහභාගි වන බව මට දැන ගන්නට ලැබුණි. ඒ නිසා මම නැවතත් ඇයව කැඳවා බැංකු පොතක්
ඇත්නම් එහි ගිණුම් අංකය මවගෙන් ඉල්ලා මා හට ලැබිමට සලස්වන ලෙස ඇයව දැනුවත් කරන
ලදි. එහෙත් එවැන්නක්ද ඔවුන්ට නැති බව මම පසුව දැන ගතිමි.
ජිවිතයේ අපි ලබා ගන්න වෙහෙසෙන්නේ මොනවද? කම්සැප,
යාන වාහන, සුරා සැප, රාත්‍රි සමාජ ශාලා වල වින්දන, එහෙම නැත්නම් කාගේ හෝ ජිවිතයක්
නැති කර ලබන තෘප්තියක්ය. එහෙත් සුභා වැනිම තවත් අහිංසක ජිවිත ඒදා වේල පිරිමහා ගැනිමට මොනතරම් නම්
වෙහෙසක් ගන්නෙහිද.. ලිපිනය ඉල්ලා ගත් මා එය සුරක්ෂිතව තබා ගැනිමට සිතා ගත්තෙමි. ඒ
මන්ද යත් මට මෙවර නිවාඩුවෙදී ඇයගේ නිවසට යාමට නොහැකි නිසාවෙනි. එහෙත් මැදවච්චිය
නාවික කඳවුරේ සිටින මගේ යෙහෙළියත් සමඟ අගෝස්තු නිවාඩුවට ඇය සොයාගෙන යමි. ඒ මට
පුළුවන් තරමින් ඇයට උපකාරයක් කිරිමටය.
“යන තැනකට අන්තිමට මෙච්චරයි ඉතිරි වෙන්නේ” යන පරමාර්ථයෙන් නම් නොවෙයි මම ඇයට
පිහිටක් විමට සිතුවේ. අපි බොහෝ වේලාවට ඊළඟ බවයට පිං රැස් කර ගැනිමේ අදිටනින් ඇතැම්
දේ සිදු කරයි. එහෙත් මම මේ දේ එසේ සිතා
නොකරමි. මම සිතන එකම දේ මේ භවයේ මා අතින් සිදු විය යුත්තක් සහ මිනිසෙකු තුල තිබිය යුතු මිනිස් ගුණයක් ලෙස
පමණි.
ඇයට සේම මටද පිය සෙනෙහෙස අහිමි ය. එම
නිසා ඇඟේ දෙනෙත් තුල බොඳ වු කඳුළු වල වේඳනාව මේ පපුවට හොඳහැටි දැණුනි. මම ජිවිතයේ
බොහෝ දේ ඉගෙන ගත්තේ දෛනිකව මා දුටු දේ තුලින්ය. හොඳ නරක සහ යහපත් අයහපත් බොහෝ දේ ඒ
දුටුවන් තුල ගැබ්ව තිබුණි. එය තෝරා බේරා
ගැනිමට මහත් වෙහෙසක් ගැනිමටද සිදුවිය. මම ජිවිතයේ ලැබු දුක සහ පිඩනය අභියස බොහෝ කරුණු කාරණා අවබෝධ කර ගත්තෙමි. ඒ
සඳහා ඉගෙන ගත් ධර්මයද පිටුවහලක් විය. තව කෙනෙකු කරන දේ දැක එයින් මගේ ජිවිතයට යමක්
එක් කර ගත් අවස්ථා ද ඇත. ඒ තුල මිනිස් ගුණදම් රැඳි තිබේ නම් එය අනුකරණය කිරීමටද මා පසුබට නොවෙමි.
පුංචි කථාවක් මේ මොහොතේ මගේ මතකයට
නැඟේ. මා 2002 වර්ෂයේ යාපනයේ “මාදගල්” ප්‍රදේශය රාජකාරි කල අවධිසේ සිදු වු
සිදුවිමකි. එහිදි අපට සිවිල් නිවාස
පරික්ෂා කිරීමට නිතරම සිදු විය. එම අවස්ථා
වල උදැසන සහ දිවා ආහාරය ලබා ගැනිමටද සිදු වන්නේ ඒ අතරමඟය. මේ රාජකාරින් සඳහා අපි
පිටත් වන්නේ කොටස් වශයෙනි. එක්තරා දිනයක එවැනි රාකාරියක් කිරීමට සිදු වුයේ අපි
සිටි ප්‍රදේශයෙන් ටිකක් ඈතට වන්නටය. එහිදි පරික්ෂාව සිදු කළ ප්‍රදේශයේ කෝවිලක්
අභියසදීය අපි උදැසන ආහාරය ගත්තෙමු. මගේ
සහෝදර නාවිකයෙකු සහ මම එකම බංකුවේ හිඳ ඒදා උදැසන ආහාරය ගත් ආකාරය මතකයේ රැදුණේ සුන්දර මතකයක් ලෙසින්ය. ඒ
මතකය මට කෙදිනකවත් අමතක කිරීමට නොහැකි වන කාරණා දෙකක් ඇත. එයින් එක් කරුණක් නම්
ඔහු අද ජිවතුන් අතර නොමැති විමය. දිගන්පතානදී, හිත්පිත් නැති මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්
විසින් පුපුරවා ගත් බෝම්බයට ඔහුගේ දිවියද ඒදා
පුදකරන ලදි. අනෙක් කරුණු නම් ඔහු ඒදා “මදගල් කෝවිල”
අභියස උදැසන ආහාරය ගෙන ඉතිරි වු බත්පත බල්ලාට දමන ලද්දේ බත් එක ඔතා තිබු ඉටි කවරය ( Lunch Sheet ) සහ පත්තර පිටුව ඉවත් කර තහඩුවක් මතටය. මම ඒ සිදු විම ඈත සිට බලාගෙන
සිටියේ ඉතාමත් හැඟුම්බරවය. ඊට කලින් මමද ඕනෑ තරම් ඉතිරි වු කෑම සතුන්ට කන්නට දමන්නට
ඇත. එහෙත් ඒ අවස්ථා වල ඉටි කොළය ඉවත් කිරීමක් මා අතින් සිදු නොවිය. එහෙත් අපි නොදැන කරන සමහරක් මේ වගේ දේවල් තව
කොතෙක් නම් ඇත්ද? සතුන් අපි දමන බත් ටික කන්නේ ඉටි කොළයත් සමඟය. මම ඒ කථාව ඔබට
පැවසුවේ වෙන අන් කරුණක් නිසාවත් නොව, අපි කරන කියන හොඳ දේ තව කෙනෙකු දුටුවහොත් ඒ පුද්ගලයාටත් හිතන්නට යමක් ඉතිරි වන නිසාවෙනි. තව
දුරටත් කියනවා නම්, තවමත් අපේ රටේ මිනිසුන් තුල මනුෂ්‍ය කම් සැඟවි ඇති බව මම සිතමි.
අද අපේ රටේ බොහෝමයක් ඇත්තෝ ජිවතයක්
ජිවත් කිරිමට වඩා ජිවිතයක් විනාශ කිරිමේ සටනක නියැලෙන බවක් පෙන්නුම් කරයි. මොහොතක්
කල්පානවට බදුන් කරනවා නම් මා මෙහි කියන දේ පිළිබඳව,මේ රටේ අඟ හිඟ කම් වලින් පෙළෙන
අහිංසක මිනිසුන්ට ශක්තියක් විමට අපට හැකිය.ඒ තුලින් අපේ හිත්ද
සැහැල්ලුවට පත් කර ගත හැකිය.



