Friday, July 12, 2013

෴ඔවුන්ටද ලෝකය විඳින්නට අත්වැල ලබා දිම අපගේ යුතුකමය෴



අහිංසකත්වයේ සංකේතය දරුවන්ය.සුභා  ඇඳ සිටින ඇදුම ලස්සන  නොවන්ට පුළුවනි. එහෙත් ඒ හිත ගොඩාක් ලස්සනය.


     2013 නාවික ශිෂ්‍යභට බාලිකාවන් ගේ විසිර යාමේ පෙළපාලිය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ දී ඉතාමත් සාර්ථකව නිමවට පත්වන ලදී. මේ සඳහා බාලිකාවන් එකදහාස් තිස්දෙනෙකු සහභාගි  වන ලදි. විශේෂ දක්ෂතා රැසකින් සමන්විත සිසුවියන් විශාල පිරිසක් මේ අතර විය. මෙම පුහුණුව දැරියන්ගේ ම කැමැත්තට සිදු වන්නක් බැවින් එහි සාර්ථකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. හමුදා පුහුණුවක් පිළිබඳව සමාජය දරණ ආකල්ප එතරම්ම සතුටුදායක නැත. එහෙත් එක්තරා ආකාරයකින් තම ශක්තිය සහ අත්ම විශ්වාසය වර්ධනය කර ගැනිමට මෙය මහඟු අවස්ථාවකි

මේ පිළිබඳව ඔබ තුලද විවිධ මත ඇත. ඒ සියල්ලද සත්‍ය කරුණු  විය හැකිය. මම ඒ පිලිබඳව ඔබ හා තර්ක නොකරමි. ඒ මන්ද යත් මට අවශ්‍ය වන්නේ මෙහි ඇති ගුණ දොස් පැවසිම නොවන නිසාවෙනි. එම සිසුවියන් නැවතත් කඳවුරෙන් පිටතට යන තෙක් සිසුවියන්ගේ ආරාක්ෂාව පිළිබඳව අපි වගකිව යුතුය. ඒ සඳහා අඥාපතිතුමා ගේ උපදෙස් සහ අණ පරිදි සියල්ල නිසියාකාරව සිදු විය. එම කටයුත්තේ වැඩි වගකිම කාන්තා නාවිකයින් වන අපහට පැවරි තිබුණි. ඒ නිසා නිතරම ඔවුන් ලැඟුම් ගන්නා නිවාසය අසල අපේ රාජකාරිය සිදු කිරිමට සිදුවිය. දහාසකට අධික ළමුන් අතර විවිධ තල වල සහ විවිධ සිතුම් පැතුම් වල දරුවන් සිටින බව මම දුටුවෙමි. දින දෙක තුනක් මගේ දෙනෙත් ඒ එක් දරුවෙකු ළඟ පමණක් නතර විය. ඇය සමඟ කථා බහේ යෙදෙන්නට කැමැත්තක් මා තුල විය. ඒ නිසාවෙන්ම දිවා ආහාරය සඳහා තම නිවාස කරා යන අතර මඟදී එම අවස්ථාව මම උදා කර ගත්තෙමි. ඒ අවස්ථාවේ මම විමසුම් කර්යාලයේ රාජකාරි කරමින් සිටියෙමි. එම ස්ථානයට ඇයව කැඳවා  විස්තර විමසන ලදි.


 අපිට වචන වලින් තර්ක කර බොහෝ දේ ජය ගැනිමට හැකිය. එහෙත් ප්‍රයෝගික ජිවිතය එසේ ජය ගැනිම එතරම් පහසු කටයුත්තක් නොවන බව මම දනිමි. අපි ලබාගෙන ඇති ජිවිතයේ සැප සතුට අඩු බවක් දැනි තව තව එය එක්රැස් කරගැනිම සඳහා නොයෙකුත් ක්‍රම උපායන් සැලසුම් කරති. එහෙත් අපි තරමටවත් ජිවිතය නොවිඳින මිනිසුන් කොතෙක් නම් මේ රට තුල ජිවත් වන්නෙහිද?  


ඇය නමින් සුභා කුමාරිය. 1998 ඔක්තෝම්බර් මස 19 වන දින මෙලොව එළිය දුටු ඇය, කුඩ කාලයේදී ම පිය සෙනෙහස අහිමි දැරියකි. උතුරු පළාතට අයත් වව්නියාවය ඇයගේ සුන්දර ගම වේ. සුභා අධ්‍යාපනය ලබන්නේ වව්නියාව පැරකුම් ම.ම.වි. යේය. මේ පුංචි සුභා ගේ ආදරණිය මවගේ සිය ජිවනඋපාය වන්නේ වැලි ගොඩ දැමිමය. සුභා ට සහෝදර සහෝදරියන් නොමැත. ඇයගේ දුක සැප ළඟ අම්මා පමණක් සිටිති. ඇයගේ වයස අවුරුදු 15කි. ඉගෙනුම ලබන්නේ 10 වන වසරේය. පුංචි විශේෂත්වයක් ඇය තුල ඇත. ඒ නම් සුභා වයසට වඩා පුංචි දැරියකි. ඒ නිසාමද මන්දා මගේ සිත ඇය ළඟ නතර වන්නට ඇත්තේ. පළමුව සුභාට මම පැවසුවේ ඔබේ ගේ ලිපිනය මට කොළ කැබැල්ලක ලියා දෙන ලෙසය. තවද ඇයට කථා කිරීමට දුරකථන අංකයක් ඇත්නම් එයත් එම කොළයේ සටහන් කරන ලෙසය. එහෙත් එවැනි පහසුකමක් ඇයට නැති බව පවසා සිටින ලදි.  අවසාන දිනයේ පැවැත්වෙන විසිර යාමේ උත්සවයට ඇයගේ මව සහභාගි වන බව මට දැන ගන්නට ලැබුණි. ඒ නිසා මම නැවතත් ඇයව කැඳවා බැංකු පොතක් ඇත්නම් එහි ගිණුම් අංකය මවගෙන් ඉල්ලා මා හට ලැබිමට සලස්වන ලෙස ඇයව දැනුවත් කරන ලදි. එහෙත් එවැන්නක්ද ඔවුන්ට නැති බව මම පසුව දැන ගතිමි.


 ජිවිතයේ අපි ලබා ගන්න වෙහෙසෙන්නේ මොනවද? කම්සැප, යාන වාහන, සුරා සැප, රාත්‍රි සමාජ ශාලා වල වින්දන, එහෙම නැත්නම් කාගේ හෝ ජිවිතයක් නැති කර ලබන තෘප්තියක්ය. එහෙත් සුභා වැනිම තවත් අහිංසක ජිවිත ඒදා වේල පිරිමහා ගැනිමට මොනතරම් නම් වෙහෙසක් ගන්නෙහිද.. ලිපිනය ඉල්ලා ගත් මා එය සුරක්ෂිතව තබා ගැනිමට සිතා ගත්තෙමි. ඒ මන්ද යත් මට මෙවර නිවාඩුවෙදී ඇයගේ නිවසට යාමට නොහැකි නිසාවෙනි. එහෙත් මැදවච්චිය නාවික කඳවුරේ සිටින මගේ යෙහෙළියත් සමඟ අගෝස්තු නිවාඩුවට ඇය සොයාගෙන යමි. ඒ මට පුළුවන් තරමින්  ඇයට උපකාරයක් කිරිමටය.

 යන තැනකට අන්තිමට මෙච්චරයි ඉතිරි වෙන්නේ යන පරමාර්ථයෙන් නම් නොවෙයි මම ඇයට පිහිටක් විමට සිතුවේ. අපි බොහෝ වේලාවට ඊළඟ බවයට පිං රැස් කර ගැනිමේ අදිටනින් ඇතැම් දේ සිදු කරයි. එහෙත් මම මේ දේ  එසේ සිතා නොකරමි. මම සිතන එකම දේ මේ භවයේ මා අතින් සිදු විය යුත්තක්  සහ මිනිසෙකු තුල තිබිය යුතු මිනිස් ගුණයක් ලෙස පමණි.


ඇයට සේම මටද පිය සෙනෙහෙස අහිමි ය. එම නිසා ඇ‍ඟේ දෙනෙත් තුල බොඳ වු කඳුළු වල වේඳනාව මේ පපුවට හොඳහැටි දැණුනි. මම ජිවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තේ දෛනිකව මා දුටු දේ තුලින්ය. හොඳ නරක සහ යහපත් අයහපත් බොහෝ දේ ඒ දුටුවන්  තුල ගැබ්ව තිබුණි. එය තෝරා බේරා ගැනිමට මහත් වෙහෙසක් ගැනිමටද සිදුවිය. මම ජිවිතයේ ලැබු දුක සහ පිඩනය  අභියස බොහෝ කරුණු කාරණා අවබෝධ කර ගත්තෙමි. ඒ සඳහා ඉගෙන ගත් ධර්මයද පිටුවහලක් විය. තව කෙනෙකු කරන දේ දැක එයින් මගේ ජිවිතයට යමක් එක් කර ගත් අවස්ථා ද ඇත. ඒ තුල මිනිස් ගුණදම් රැඳි තිබේ නම්  එය අනුකරණය කිරීමටද මා පසුබට නොවෙමි.


පුංචි කථාවක් මේ මොහොතේ මගේ මතකයට නැඟේ. මා 2002 වර්ෂයේ යාපනයේ මාදගල් ප්‍රදේශය රාජකාරි කල අවධිසේ සිදු වු සිදුවිමකි. එහිදි  අපට සිවිල් නිවාස පරික්ෂා  කිරීමට නිතරම සිදු විය. එම අවස්ථා වල උදැසන සහ දිවා ආහාරය ලබා ගැනිමටද සිදු වන්නේ ඒ අතරමඟය. මේ රාජකාරින් සඳහා අපි පිටත් වන්නේ කොටස් වශයෙනි. එක්තරා දිනයක එවැනි රාකාරියක් කිරීමට සිදු වුයේ අපි සිටි ප්‍රදේශයෙන් ටිකක් ඈතට වන්නටය. එහිදි පරික්ෂාව සිදු කළ ප්‍රදේශයේ කෝවිලක් අභියසදීය අපි  උදැසන ආහාරය ගත්තෙමු. මගේ සහෝදර නාවිකයෙකු සහ මම එකම බංකුවේ හිඳ ඒදා උදැසන ආහාරය ගත් ආකාරය මතකයේ රැදුණේ සුන්දර මතකයක් ලෙසින්ය. ඒ මතකය මට කෙදිනකවත් අමතක කිරීමට නොහැකි වන කාරණා දෙකක් ඇත. එයින් එක් කරුණක් නම් ඔහු අද ජිවතුන් අතර නොමැති විමය. දිගන්පතානදී, හිත්පිත් නැති මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් විසින් පුපුරවා ගත් බෝම්බයට ඔහුගේ දිවියද  ඒදා පුදකරන ලදි. අනෙක් කරුණු නම් ඔහු ඒදා මදගල් කෝවිල අභියස උදැසන ආහාරය ගෙන ඉතිරි වු බත්පත බල්ලාට දමන ලද්දේ බත් එක ඔතා තිබු  ඉටි කවරය ( Lunch Sheet ) සහ පත්තර පිටුව ඉවත් කර තහඩුවක් මතටය. මම ඒ සිදු විම ඈත සිට බලාගෙන සිටියේ ඉතාමත් හැඟුම්බරවය. ඊට කලින් මමද ඕනෑ තරම් ඉතිරි වු කෑම සතුන්ට කන්නට දමන්නට ඇත. එහෙත් ඒ අවස්ථා වල ඉටි කොළය ඉවත් කිරීමක් මා අතින් සිදු නොවිය.  එහෙත් අපි නොදැන කරන සමහරක් මේ වගේ දේවල් තව කොතෙක් නම් ඇත්ද? සතුන් අපි දමන බත් ටික කන්නේ ඉටි කොළයත් සමඟය. මම ඒ කථාව ඔබට පැවසුවේ වෙන අන් කරුණක් නිසාවත් නොව, අපි කරන කියන හොඳ දේ තව කෙනෙකු දුටුවහොත්  ඒ පුද්ගලයාටත් හිතන්නට යමක් ඉතිරි වන නිසාවෙනි. තව දුරටත් කියනවා නම්, තවමත් අපේ රටේ මිනිසුන් තුල මනුෂ්‍ය කම්  සැඟවි ඇති බව මම සිතමි.

       අද අපේ රටේ බොහෝමයක් ඇත්තෝ ජිවතයක් ජිවත් කිරිමට වඩා ජිවිතයක් විනාශ කිරිමේ සටනක නියැලෙන බවක් පෙන්නුම් කරයි. මොහොතක් කල්පානවට බදුන් කරනවා නම් මා මෙහි කියන දේ පිළිබඳව,මේ රටේ අඟ හිඟ කම් වලින් පෙළෙන අහිංසක මිනිසුන්ට ශක්තියක් විමට අපට හැකිය.ඒ තුලින්  අපේ හිත්ද  සැහැල්ලුවට පත් කර ගත හැකිය.
Read More

Tuesday, July 9, 2013

හැඳිමිටේ තරමටවත් නැද්ද නුවණ



ජිවිතය හිතන තරම් සුන්දර නැත


     මහාචාර්‍වරයාගේ ආශ්චාර්ය ජනක ක්‍රියා කලාපය පිළිබඳව ඔබ මේ වන විට නොයෙකුත් පුවත් දැන සිටින බව සිතමි. ඔහු ගැන ප්‍රමාද වි හෝ පොලිසිය දැනුවත් කිරීමට ඇය ගත් තීරණය අගය කරමි. එහෙත් ඇය ප්‍රමාද යැයි මට හැඟේයි. අන්තර්ජාලයේ සහ තක්ෂණයේ තිබෙන වැදගත්කම අපි ලබා ගන්නේ කුමක් අරබයාද? ස්කයිප් වැනි සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමට අපි ඉගෙන ගත්තා සේම ඒ තුලින් සිදුවන නොයෙකුත් අයහපත් පුවත් පිළිබඳවද දැනුවත් වි සිටිම අපේ ජිවිතය රැක ගැනිමට උපකාරි වේ. දැනුවත් කිරීම්, කොතෙක් සිදු කළත් උපදෙස් කෙතරම් දුන්නත් ඒ සියල්ල ඔඩොක්කු බණ වගේ මිනිස්සු බණ අහගෙන ඉන්නේ හරියට ඒ මොහොතේ සිට පිළිපැද ක්‍රියාවේ නිරත වෙනවා යන හැඟිමෙනි. එහෙත් දේශණයේ අවසනයත් සමඟ අසා සිටි සියල්ලම තමන් වාඩි වි සිටි එතනම දමා යයි. අපි හැමදාමත් එකම අනතුරකට ලක් වන්නේ එබැවින්ය. දෙයක් වු පසු ඒ ගැන ලියන තරම්, අපි ඒ දේවල් හිතට ගන්න උත්සහා කරන්නේ නැත. මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න ඕන දේ හිතේ තබාගෙන උවමනා දේ හිතින් අයින් කරයි.
     අවුරුදු ගණනක් කථා බහා කළත් පළමු හමුවිමම යහන්ගත විම අනුමත කළ නොහැකිය. මේ  ශ්‍රි ලංකාවේ පෙම්වතුන්ට නිදහසේ හමුවිමට තිබෙන එකම තැන හොටෙල් කාමරයක් පමණද? වරදක් විමෙන් පසු කා හටවත් ඇඟිලි දිඟු කොට ඵලක් නැත. ගැහැණු ළමයෙකු අන්තර්ජාලයේ කළ යුත්තේ චැට් කිරීම පමණද? කොල්ලෙක්  නම් නාවලා ගෙට ගත්තම හරිලු. එත් කෙල්ලෙක්ට එහෙම බැරිලු. ඔය පදේ අපේ මවුපියන් අපි වැඩිවියට පත්වෙන දිනයේ කියන කථාවක් නොවැ. මේ වැකියේ ලොකු අර්ථයක් ගැබ් වි ඇතිබව ගැහැණියකට තේරුම් ගැනිම අපහසු කරුණක් නොවේ. සල්ලී සහ යාන වාහාන ජිවිතය නොවන බව තමන්ට වැටහිමක් නැත. ඒ බව අවබෝධ වන විට වෙන්න ඕන නස්පැත්තිය සිදු වී හමාරය. අහිංසක දෙමව්පියන්ට දෙන ගින්දරට වන්දි ගෙවන්න වන බව මතක තබා ගත යුතුය. රැයක් දවාලක් නැතිව ඔවුන් වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද?

 තමන්ගේ හෙළුව පාපතරයෙක් ඉදිරියේ ප්‍රදර්ශණය කළා කියන්නේ ඉතිං මුළු ලොවම දැන ගත්තා හා සමානයි. තවත් ඌ කෙරෙහි මොන විශ්වාසයක්ද? ලැජ්ජාවට දෙවැනි වතාවටත් ඒකා ළඟට යාම කොයි තරම් නම් මෝඩකමක්ද? දෙවැනි වතාවට ඔහු කරා යා යුත්තේ නීතියත් සමඟය. අම්මා තාත්තා රවටා හොර පෙම්වතා සමඟ චැට් කරන්න සහ ගමන් බිමන් යන්න පුළුවනි. එහෙත් තමන්ට තමන්ව ආරාක්ෂා කරගැනිමට උවමනාවක් නැත. හැදිච්චකම හිතෙ හංඟාගෙන ක්‍රියාවෙන් ලැජ්ජාව නැති කරගෙන පස්සේ දුක් විම විහිළුවකි. ඇයි අපි එතනට යන්නේ? යන්න ප්‍රථම සහ වරද කර ගන්න කලින් කල්පනා කරන්න ඕන, මම මේ යන ගමන සුදුසුද නැද්ද යන්න වඟ. මේ සිදුවිම් මෙතකින් අහාවර නොවන අතර මේවැනි සිදුවිම් තවත් බොහෝ සිදු වනු ඇත.

තවත් අමාන්දලා සල්ලාල ප්‍රෆෙසර්ලගේ ගොදුරු බවට පත් විමට හීන දකිනවා ඇති. අන්තර්ජාල වෙබ් අඩවි බිහි විමේ මුලික පරමාර්ථය යහපත් සම්බන්ධකම් ගොඩනඟා ගැනිමට මිස මේ වගේ පාපතරයින්ගේ බිහිසුණු කාමුකත්වය සංසිදවා ගැනිමට නොවේ.

අනතර්ජාලය තිබෙන්නේ කාමුක ලිංගිකත්වය හඹා යාමටද?. අනේ මන්දා කවදා මේ නුවණ පහළ වෙවිද?

ළඟ සිට බලන කල ජිවිතය ඛේදාන්තයක් සේ පෙනෙනු ඇත. දුරස්ථව බලන කල එය විහිළුවකි.” (චාලි චැප්ලින්)
Read More

Friday, July 5, 2013

හද නගන සෝ සුසුම්.........................






හද නගන සෝ සුසුම් වැල්
නෙතු රැඳුණු කඳුළු බිඳු වැල්
ඔබේ ආදරේ නිසාවෙන්
මා හද සසල කළ සැමරුම්...........

ජිවිතයට දහසක් බලාපොරොත් දී  හිටි ගමන් නික්ම යාම මගේ සිතට වාවන්නේ නැ. මාව දමා යන්න තරම් අපි අතර සිදු උනේ කුමක්ද? මම, මටත් වඩා ඔයාව විශ්වාස කරා. මගේ අතින් වැරැද්දක් උනත් ඔබේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැ කියලා හිතුවා. හැම වේලාවකම ඔබේ උපදෙස් අවවාද මගේ ජිවිතය සාර්ථක කර ගන්න උදව් උනා. කිහිප සැරයක් මාව වරදින් මුදවා ගත්ත. දිනෙන් දින මගේ හිතේ බලාපොරොත්තු ඇති උනා. එක් අවස්ථාවක ඔයාට මම කිව්වා මතකද මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙන්නේ ඕන කියලා. ඒ තරමටම ඔයා හොඳ කෙනෙක්. ටිකෙන් ටික මම ජිවිතය ගැන සැලසුම් කරන්න පටන් ගත්තා. ඔයාගෙන් ඉගෙන ගත් දෙවල් බොහෝය. ඒ දෙවල් මතක් වෙන කොට මට හරි ලෝභයි. ඇයි අපට දෛවය මේතරම් සරදම් කරේ. දෙවියෝ මාව  මැව්වේ ඔයා වෙනුවෙන්  කියලා ඔයා දවසක් කිව්වා. ඒ සොඳුරු මතකයන්  නැවත නැවත මගේ සිත සසල කරනවා.


හිත කීරිගැහී සැළුනා ඔය අමුතු කතාවෙන්
නෙතු  නුඹ සොයාන ඇඳුනා මා හදටත් රහසින්
දස දහස් හැඟුම් පිපුනා හිත් කොනක හෙමි හෙමින්
මේ හිත කඩාන වැටුනා ඔබ ඇයි දුරක ගිහින්.............
තුන් හිතකින්වත් මම නොසිතු වඳන් ඔබේ මුවින් පිට වෙද්දී ....? ඔයා සොයමින් නොගිය තැනක් නැ. හදවත ඒපා කියද්දී මේ දැස් ඔයාව දකින්නට වෙහෙසුනා. ඒ තරම් ආදරයක් මේ දෙනෙත් තුල තවමත් තියෙනවා. හිතේ කොනක සැඟවුණ පැතුම් තවමත් එලෙසම ඔයා එනකම් බලා හිදිනවා. ඔයත් සමඟ ජිවිතය බෙදා ගන්න මම පෙරුම් පිරුවා.. අසරණකමක්ද මාව දමා යන්නට ඔයාට තිබුණේ. කියන්න මාව මෙතරම් හඩවන්නේ නැතිව. හිත හදා ගන්නට මගෙන් යන්න හේතුව කියන්න.

ඉරි තැළුණු නියන් පොළොවට වැහි බිඳුවක් වැටෙන්න
ආදරේ මිරිඟු සයුරේ තව එපා මා දමන්න
කිරි කෝඩු හිතට මෙතරම් බැහැ තවත් දුක් දරන්න
ආදරෙන් තව එක වරක් ඔබ හිනා වෙලා යන්න.............
තවමත් මේ හිත ඔයාට පමණයි අයිතියි. සිහින ලොවක අතරමං නොකට එන්න නැවතත් ඔයා වෙනුවෙන් හදවත බලාගෙන ඉන්නවා. දුක් විඳලා පුරුදු නැ මට. එන්න තවත් දුක් නොඳි. එක වරක් හෝ ඇවිත් බලලා යන්න. අපි ඇවිද ගිය තැන් අද පාළුට ගිහිං. එක් වරක් කියන්න මට මොකද්ද මාව දාල යන්න හේතුව බබී. අමනාපයක් නැ මම ඔයත් එක්ක. මේ හිත හදා ගන්න එක වචනයක් කියන්න.ඒ ඇති මට. මගේ බබී...........කුරිරු සිහිනය එතැකින් නිමා විය. මුළු ගතම දහාඩියෙන් තෙත් වී තිබුණි. පෙරදා ඔබත් සමඟ ඇති වු පුංචි අමනාපයක් සිතේ තබාගෙන නින්දට ගිය මම, භායානක සිහිනයක ගිලුණි.පසුව  එතැන් සිට නොනිදා රැය පහන් කළේ සිතුවිලි දහාසක් අතර මා සිත රඳවාගෙනය. තවද පසුදින ඔබව හමු වි සමාව ගන්න අදිටනින්ය. 

ගායනය :- උමේෂ් ඉසුරු දිසානායක.
පද රචනය :- අසංකා දිල්හාරි වැල්පිටිය.
තනුව :- සහන් ලලින්ද පෙරේරා.

විරහාව සිහිනයක් පමණක් වේ  නම්..... ඒත් ඉතිං අකුරු දමා වචන ගළපා හැඩ දැම්මත් ප්‍රායෝගිකව එය එසේ සිදු නොවන්නකි.  විවිධ සිතුම් පැතුම් තුල ජිවත් වන අපි,එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට මත්තෙන් තමන්ගේ සිතුම් සඵල කර ගැනිමට කැමැත්තෙමු. ආදරය තුලද විරහාව ඇත්තේ ඒ නිසාවෙනි. 
සෑම හමුවිමක්ම විවාහයෙන් කෙළවර වන්නේද නැත. මොන යම් හේතු කාරණාවක් නිසා වෙන්විමට සිදුවන අවස්ථා සුලභය. අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය. එහෙත් අපි මොහොතක් කල්පනා කළොත් බොහෝ ශක්තිමත් බැඳිම් පවා පුංචි හේතුවක් නිසාවෙන් වෙන් වෙන තැනටම දුර ගොස් ඇත. විවාහ විමට මත්තෙන් තිබු සුන්දර සංවේදි සිත විවාහයෙන් පසුව කුරිරු ස්වභාවයන්ට පත් වන්නේ සිත ක්‍රියා කරන ආකාරයට වේ. මිනිස් සිත නිදහස්ය.එම නිසා සිතේ හට ගන්නා සිතුවිලි වලටද නිමක් නැත. විවාහයට පෙර තිබු සංවේදී හිතම තමයි තවතමත් ඇත්තේ. වෙනස් විමට ලක් වි තිබෙන්නේ සිතුවිලි පමණයි. ඉතිං ඒ සිතුවිලි වලට පණ දෙන්නට ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සිත හැඩ ගැසෙති. මම මුලින් පැවසුවා සේ තම තමන්ගේ සිතුම් පැතුම් කෙරෙහි උනන්දු විම තුල අනෙකුත් සෑම දේම අමතක කර දමන ස්වභාවයක් ඇති වේ.විරහා ගීත මේ තරම් අපේ හඳවත් වලට ලෙනගතු වන්නේ ඒ නිසාවෙනි.
මම ඔබට අසන්නට සලස්වන මේ ගීතය තුලද ඇත්තේ විරහාවය. පරාජිත අහිමි පෙමක විලාපයයකි. එහෙත් මෙම ගීතය මුලින්ම මා දෙසවන් වැටෙන විට මම මහත් ලෙස ඒ ගීතය තුල ජිවත් විය. ගීතයට පණ පොවන්නා මේ ගීතය හඳවතින්ම ගායනා කිරීම නිසා  එහි ඇති වේදනාව වඩාත් හදවතට දැනෙයි. එපමණක් නොව මෙහි තනුවට මම ඊටත් වඩා ඇළුම් කරමි. ගීතයට අනුව පරාජිත ප්‍රේමයක් වුවත් දෙසවන් වැකෙන විට තව කෙනෙකුට ආදරයක් දැනෙන ලෙස පද රචනය, තනුව, සහ ගායනය නිර්මාණය වි ඇත. විරහාවක් උනත් බොහෝම සන්සුන්ව ගයානා කිරීම නිසා දුකකට වඩා දෙයක් හදවතට දැනේයි. එහෙත් සමහරක් ගීත ගායනා කරන විට හිතට ඇති කරන්නේ වෛරක් සහ තරහවක් පමණකි. එහෙත් මේ ගීතයේ මට එවැනි හැඟිමක් ඇති නොවේයි. සමාජයට ගෙන යන පණිවිඩක් සෑම විටම සාධාරණ විය යුතුය. කුමක් වුවත් සමාජය එය වැළඳ ගන්නා බැවිනි. ඒනිසා නිතරම පණිවිඩය උපදෙසක්, ආදර්ශයක් විය යුතුය. එකම වැරැද්ද තව කෙනෙකු කරන්නට පොළඹනවා වෙනුවට එය ඇසිමෙන් දැකිමෙන් එය වරදක් බව තමන්ට අවබෝධ විය යුතුය. එපමණක් නොව ඒ දේ වැරැද්දක් බව පිළිගෙන එය තමන් අතින් සිදු නොවිය යුතුය යන මානෂිකතත්වටය පත් කරලිමට හැකි විය යුතුය. වැදගත් වන්නේද එයමය. විරහාව වේදනාවක්,  ඒ දුක අපි තවත් හදවතකට දීය යුතුද?

ගීතයක් ගායනා කළ පමණින් එහි පැවැත්ම රඳ පවතින්නේ නැත. තනු නිර්මාණය බොහෝ සේ එයට බලපානු ඇත. ගීතයේ පද වල තිබෙන විරහාව සන්සුන් කිරීමට ගී තනුවකට හැකිය. මෙම ගීතයේ වචන ටිකටද ඕනෑම තනුවකට නිර්මාණය කළ හැකිය. එය ගහගන්නා ස්වභාවයකට තනුව දමා ගායනා කළා නම් සමහරක් විට මේ තිබෙන සන්සුන් බව වෙනුවට  සිතේ වෛරයක් තරහාවක් ඇති කරලිමට හැකිය. ගීතයක වටිනාකම සහ සර්ථකත්වය රඳා පවතින්න බොහෝ විට එම ගීතයේ තනුව බලපානු ඇත.


ජනප්‍රියත්වයට වැඩි අවස්ථාවක් ලබා දිම නිසාවෙන් අපි අතින් ගිලිහි යන දේ බොහෝය.
Read More

Thursday, July 4, 2013

෴අලුත් වැස්සක්෴





කලාකරුවන් යනු අන් සැමටම වඩා මිනිස් හිතකට ළං වි ඒ හිතේ තිබෙන ව්‍යාකුලත්වය සමනය කිරිමට සහ කෙටි කාලයකට හෝ මිනිසෙකුට පැටවි තිබෙන දහාසකුත් ප්‍රශ්ණ මොහොතකට අමතක කර දමා නිදහස් ඉසව්වකට රැගෙනන යාමට සමත් පාර්ශවයකි. හිතක් තුල ඇතිවන කැක්කුම සුවපත් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. කලාකරුවන් යනු තව දුරටත් මා මේසේද හදුන්වා දිමට කැමතිය. ඔබ මට දුන් දුක නාඳුනන පුද්ගලයා නැමති කලාකරුවා ගේ හඬකින් ඉරියව්වකින් දෑත් තුලින් පන්හිඳකින් හෝ තිලි තුඩකින් උපදින විදහාපෑම්  තුලින් සමනය කිරීමට පුළුවනි.

ඉන් ගීතයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ජිවිතය විටෙක කටුකය. විටෙක විඩාබරය. තවත් විටෙක නිසරුය. මේ සෑම අවස්ථාවක්ම ග්‍රහනය කර ගනිමින් එය සමනය කිරිමට ගීතයකට හැකිය. කලබලකාරි ඝෝසාකාරි වටපිටාවක සිට වුවද ගීතයකට අප සිත් ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් ඇත. කාන්සිය, පාළුව, තනිකම, විශේෂයෙන් වාහනයක් පදවාගෙන යන මොහොතේ දී සිත එක් අරමුණක රදවා තබා ගනිමින් ගමනාන්තය දක්වා යාමට අවශ්‍ය මානෂික පසුබිම සකස් කර ගැනිමට ගීතය උපකාරි වේ. මෙවැනි තවත් බොහෝ  මානසික තත්වයන් පාලනය කරලිමට ගීතය සමත් වි ඇත. පද ටිකක්  පමණක් තිබු පමණින් ගීතය සම්පුර්ණ නොවේ. ඒ සඳහා උචිත ශක්තිමත් මෙන්ම සෞම්‍ය හඬක් සහ ඊටම ගැළපෙන නාද රටාවක් එකතු විය යුතුය. සාමකාමී මනසක් රඳවා තබා ගැනිමට අපි කවුරුත් කැමතිය. ගීතයට එය කළ හැකිය.

සුනිල් එදිරිසිංහයන් යනු අපට සිටින දක්ෂකලාකරුවෙකි. එපමණක් නොව සෞම්‍ය හඬක් උරුම කලාකරුවෙකි. ඔහු රටට අයිති වටිනා සම්පතකි. මා එසේ පැවසිම අසාධාරණයක් නොවෙනු ඇත. අලුත් වැස්සක් ගීතය අඩංගු සීඩි තැටියේ තිබෙන අනෙකුත් ගීතද ඉතමාත් අර්ථාන්විත පද මාලාවන්ගෙන්  යුක්ත ගී බව මට හැඟෙයි.



අලුත් වැස්සක් වහින්නට සැර සේ
පුරුදු  ආකාශේ
දිගු කාලයක් නිහඬ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියන් කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
අලුත් වැස්සක් වහින්නට සැර සේ

වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැර සේ
කුරුළු ආකාශේ
දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

          මෙම ගීතය, කලකිරුණු ජිවිතයක් නැවතත් පුනර්ජිව කරමින් නැවුම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් ගීතයක් ලෙස හැඳින්විය හැකිය. ගීතයේ අරම්භයේ සිටම අවසානය දක්වා අධ්‍යෛර්‍ය නොවන ලෙස එත්තු ගන්වා ඇත.

අලුත් වැස්සක් වහින්නට සැර සේ කුරුළු ආකාශේ ගීතයට පළමුව මගේ සිත ඇඳි යාමට ප්‍රධානතම හේතුව වුයේ ස්වභාවධර්මයේ චමත්කාරයද උපමා කර තිබිමය. නියඟය නිමා කරලමින් වර්ෂාවේ වසන්තය,  ගතත් සිතත් ප්‍රබෝධමත් කරනවා පමණක් නොව මිලින වු ගහකොළටද පණ දී සිඝ්‍රයෙන් ඵල දරති.

දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැර සේ බොහෝ  කාලයක් තිස්සේ පැවති අඟහිඟ කම් නිසාවෙන් කම්පා වු ගැහැණිකගේ බලාපොරොත්තු නැවත ඉටුවන ලකුණු පෙන්නුම් කර ඇත. ඒ නිසා ඇඟේ සිතද සතුටින් ඉපිලි ගොස් ඇත.

අහස වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්සැපත කෙදිනක හෝ අපි කරා එන බව විශ්වාස කළ යුතුය. ඒ බව සිත තබාගෙන සිත තබාගෙන තමන්ගේ සාර්ථකත්වය උදෙසා වෙහෙස මහන්සි කටයුතු කළ යුතුය. නියන් කල සැමදා නැතත් කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම් දුකක් වින්දොත් සැපක් ළඟමයිදුක් කම්කටලු සැමදා තමන් ළඟ නොරැදෙන බව අවබෝධ කරගෙන ඊට මුහුණ දිය යුතුය. බලාපෙරොත්තු රහිත සිත ශක්තිමත් කර ගත යුතුය.

දුකක් වින්දොත් සැපක් ළඟමයි දිය දහම ඒ විලසයි ලෝක ධර්මතාවයට අපි සැවෝම යටත්ය. ඒ නිසා ජිවිතය අතර මඟ නතර නොකොට තමන්ගේ අරමුණ කරා යා යුතුය. වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම් බාධක ජිවිතයට එන බව පසක් කර ගත යුතුය. ඒ අනුව  බාධක ජය ගැනිමට සිත දැඩි කර ගනිමින් උපරිම ශක්තිය යෙදවිය යුතුය. ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම් හිත පිරෙන දවස වැඩි ඈතක නැත.දුකක් වින්දොත් සැපක් ළඟමයි යම් අරමුණකට ජිවිතය සැලසුම් කරනගෙන ජිවිතය ජය ගන්න උත්සහා ගත යුතුය, බාධක යනු පරාජිත ජිවිතයෙන් නැවතත් නැඟිටිමට ලබා දෙන උත්තේජකයකි. සෑම විටම ස්වභාව ධර්මයට අනුගත වන්නේ නම් මැනවි.

ප.ලි. "කුරුළු" වෙනුවට "පුරුදු" බව මගේ මිත්‍රයින් වරද නිවැරදි කරන ලදි.ස්තුතියි ඔවුන්ට.
Read More
Related Posts Plugin for WordPress, Blogger...