Friday, November 23, 2012

ගිනි නිවිම



මෙවර මම නිවාඩු ගිය අවස්ථාවේ අසල වෙළඳ සැලක් ගිනි ගැනිමට ලක් වන ලදී. එම වෙළඳ සැල අයිතිව තිබුණෙ කාන්තාවකටය. එහි පැත්තක ගිනි නිවිමේ උපකරනයත් තිබිලත් එයින් ප්‍රයෝජනයක් ලබා ගැනිම පිළිබඳව දැනුමක් ඇයට නොතිබිම හේතුවෙන් සිදු වු අලාභය සුළුපටු නොවිය.
මෙම සිද්ධිය සමඟ  මේ පිළිබඳව මා ලබා ගත් දැනුම මේසේ සටහන් කිරීමට සිත් විය.

පළමුවෙන් ගින්නක ස්වභාවය පිළිබඳව කෙටි හැඳින්විමකී.

පදාර්ථයේ ඇති ස්වභාවය අනුව ලොකයේ ඇති සියලුම ද්‍රව්‍ය, ඝන, ද්‍රව, වායු ලෙස වෙන් වි පවති. මේවා අතුරින් ගිනි ගන්නා වායු පමණක් එම වායුවල ඇති මුලද්‍රව්‍ය ජවලන උෂ්ණත්වයේ දී ඔක්සිජන් ක්‍රියාවලියට සහභාගි වි ගින්නක් ඇති වේ.
ගින්නක් ආරම්භ විම සඳහා මුලික වශයෙන් ඇවිලෙන සුළු ද්‍රව්‍ය (Fuel ) ඔක්සිජන්(O2) සහ තාපය (heat) යන සාධක 3 එක්විය යුතුය. මෙම සාධක තුන ත්‍රිකෝණයක පාද 3 ක් ලෙස සලකා අඳිනු ලබන ත්‍රිකෝණය ගිණි ත්‍රිකෝණය ලෙස හැඳින් විය.

ඉහත මුලික සාධක එක්විමෙන් පසුව එම ගින්න නොනැසී දිගටම දාමයක් ලෙස පවත්වා ගෙනයාම Chain Reaction නම් වේ.දිගින් දිගටම Free Radical පිටවිම ගින්න පැතිරිමට සහ ඉක්මන් වර්ධනයටද බෙහෙවින් බලපානු ඇත.එම සාධකය ද ඉහත ත්‍රිකෝණය ට එක් වු විට Free Tetrahedron (ගිනි චතුරස්‍රය) නිර්මාණය වේ.

ගිනි ඇතිවිම වළක්වා ගැනිම

  • නිතරම තම අවට ප්‍රදේශය පිරිසිදු තත්වයේ පවත්වාගෙන යාම,අනවශ්‍ය ස්ථාන වල විසිරි ඇති තෙල් තැවුරුන රෙදි කැබලි වැනි දේ අනවශ්‍ය ලෙස එකතු විමට ඉඩ නොදිය යුතුය.

  •  උෂ්ණත්වය වැඩි ස්ථාන වල වාෂ්පීකරන ද්‍රව්‍යයන් ගබඩා කිරීම හෝ පාවිච්චි කිරීම ඉතාමත් වගකිමෙන් යුතුව කළ යුතුය.

  •  දුම්පානය කිරීමේදී සැලකිලිමත් විම

  •  විදුලි බල්බයෙන් ක්‍රියා කරන උපකරණ නිසි ලෙස භාවිතය සහ භාවිතයෙන් පසු විදුලිය විසන්ධි කර තැබිය යුතුය.

  •  ගිනි නිවන උපකරණ සහ ගිනි නිවිමේ පද්ධතීන් නිසි පරිදි ක්‍රියා කාරීත්වයෙන් පවත්වාගෙන යාම හා නිසි ලෙස ස්ථාන ගත කර තැබිම.

  •  රත්විම වලට භාජනය වන ස්ථාන වල රෙදි වේලීම් වැනිදේ නොකළ යුතුය.

  •  විදුලි ස්ත්‍රික්ක භාවිතයෙන් පසු විදුලිය විසන්ධි කර සම්පුර්ණයෙන් ම නිවිමෙන් පසු ගබඩා කළ යුතුය.

  •  කාමරයකින් හෝ තමන් සිටින ස්ථානයකින් පිටව යන විට දී එහි ඇතුලත ඇති අනවශ්‍ය විදුලි පහන් හා විදුලි පථ වැනි දේ විසන්ධි කළ යුතුය.



ගින්නක් ඇති වු විට නිවිමේ ක්‍රම(METHOD OF EXTINGUISHER )
     Cooling system
            Smothering
            Starving
            Quenching of free radical

Cooling :- ගිනි ගන්නා ද්‍රව්‍ය Cool කිරීමෙන් පසු එහි උෂ්ණත්වය (ජවලන) අඩු විම.

Smothering :- ගිනි ගැනිමට අවශ්‍ය ඔක්සිජන් වායුව එම ගිනි ගන්නා ස්ථානයට ලබා දීම වැළැක්වීම මෙලෙස හඳුන්වයි.

Starving :- ගිනි ගන්නා ස්ථානයෙන් ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඉවත් කිරීම.‍

Quenching of free radical :- Free Radical මැඩ පැවැත්වීම මෙලෙස හඳුන්වයි.එවිට ගින්නේ දාම ප්‍රතික්‍රියාව බිද දැමිම හැක


ගිනි වර්ග සහ ගිනි නිවිමේ උපකරණ සහ එය භාවිතා කරන අන්දම පිළිබඳව තව දින කිහිපයකින්......// 
Read More

Sunday, November 18, 2012

හිනා වෙයන් කළු හිනා වෙයන්.....!







වක්කඩ ලඟ....................
         කෙනෙකුට කලාතුරකින් පිහිටන පිහිටිමකි ඔබට පිහිටා තිබුණේ. මහගමසේකරයන් ගේ කලා හිත, කලා දෑත, කලා ඇස, කලා හඳ ඒ බව මනාව පිළිඹිබු කර අවසන් ය.
        එතුමා ගේ අතින් කුරුටු ගෑ මෙම ගීතය විවාහ වු අයට මහත් අදර්ශයක් ගෙන එන්න කී. අද සාමාජයට ගැළපෙන ආකාරයට මනාවට පෙළ ගස්වා ඇත. මහත් පෞර්ෂමය හඬක් හිමි අමරදේව මාස්ටර් විසින් පණ පොවා ඇත.
           
          දඹර වු ඇය තුන් දවසක් යන තෙක් ඔහුත් සමඟ අමනාපයෙ න් පසු වි ඇත. බත් මුට්ටිය ඉ‍‍ඳෙන කම් කිව්වට මොකද දවස් තුනක් යන තෙක් ම මේ අමනාපය අරගෙන ගියා. ඔහු ත් ඉවසන්න බැරිම තැන ඇය දෙස බලන්න ඕන කියලා හිතාගෙන ආලීන්දයට වි සිටින අතර, මෙන්න ඇය එනවා කුස්සීයේ සිට. ඒ එන ගමන් ඇය දකිනවා ඔහු ආලීන්දයේ කොනක ඉන්නවා. ඒ සමඟ ඇයටත් සිතුවිල්ලක් පහළ වෙනවා ඔහු දෙස හෙරෙන් බලන්න ඕන කියලා. දෙදෙනාම දෙදෙනාට ම නොදැනි ඇස් දෙස බලන්න සිතුවිල්ල සිත තබාගෙන ඉදිරියට එනවා. දෙන්නා දෙපැත්තට මාරු වි යන විට ආ පසු  හැරිලා එකම මොහොතේ බලද්දී දෙදෙනාගේ ම නෙතට නෙත ගැටිනි. ඒ මොහොතේ ම ඇය ගේ මුහුණ අඳුරු විය. අඳුරු උනාට මොකද කසාද බැන්ද දවසෙවත් නොදැකපු නිල් වන් දැස් දෙකක් ඔහු ඒ මොහොතේ දුටුවා.අඳුර අතරින් ප්‍රභාස්වර බවක් ඔහු දකිනවා.ඔහුට සිනහා යනවා ත් සමඟ ඇය ඔහුව පැනලා තුරුළු කර ගන්නවා.මේ සුන්දර දසුන දකින පොඩි ඒකා අත්පොඩි ගගහා උඩ පනිනවා.
         ගඟක් ගලන්නේ මහ සයුරට. විවාහය කියන එක ගලන්නේ මරණය දක්වා. අපි දෙන්නගෙන් කවුරු මැරුණත් විවාහය එතනින් ඉවරයි. හැබැයි ගඟ  ගලන කම් ගං දැලේ දෙපැත්ත සරුසාර කරමින් ගඟ බහින්නේ. ඇළ දොළ කෙත් වතු සරුසාර කරනවා. ලොකයට ජිවය ආහාර දෙනවා. ගඟ මුහුද සිප ගත්තත් ලොකු දෙයක් ඒ වෙන කොට ගඟ කරලා ඉවරයි. අපි මරණින් සමුගෙන යන දවස වෙන කොට අපි දෙන්නගේ දෙපැත්තේ ඉන්න නැදැයින් සන්තෝෂ කරන්න පුළුවන් නම්, ගඟ මැද්දෙන් දිය පාර සෞන්දර්යාත්මකව ගලනවා වගේ අපි දෙන්නා මැද්දේ ඉන්න මේ කොලු පැටියගේ අනාගතය සරුසාර කරන්න පුළුවන් නම්, අපි දෙන්නා හෙට මැරුණත් කම් නැත. ඒ නිසා විවාහයේ තිබෙන යුතුකම් ඉටු කරලා විවාහයේ තියෙන අනන්ත යුතුකම ලොකයට පුජා කරලා දෙපැත්තේ ඉන්න හතරවරිගේට සතුටු වෙන්න ඉඩ තියලා අපි සමුගෙන යමු හමිනේ කියලා ඔහු ඇයව තුරුළු කරගෙන කියනවා.

යා දෙක නොරත රත සමඟ පැහිමක් නැත.


නිසි අවබෝධයක් ඇතිව සර්ථක දිවි පෙවෙතක් ගත කිරීමට විවාහ වි සිටින සියළු ම දෙනාට මඟ එළි වේවා! යහපත් දිවි පෙවෙත ශක්තිමත් වේවා!
Read More

Thursday, November 15, 2012

අන්ධකාරයේ අතපත ගා යමි










2012 ක් වු නොවැම්බර් මස 11 වන දින.
වේලාව අළුයම 0015 පැය.


සිද්ධියඃ- අහම්බයකින් කියවන්නට ලැබුණු දෛනික පුවත් පතේ තිබුණා වු පුවත, එනම් කහවත්ත නැවතත් කැළඹේයි.තවත් ද්විත්ව ඝාතනයක් වැළකි යයි,නිදි පැදුරේම අඹු සැමි යුවලක් මරා දැමිමට තැත් කිරීමක් ”. මා දැස් කම්පා විය. එම පුවත කියවිමෙන් අනතුරුව මම ඇවිදගෙන ඇවිත් පා පන්දු පිට්ටනියේ අයිනක හිඳ ගත්තේමි. හිරු අස්ථවිය එන තෙක්ම මගේ සිත් තුල විටින් විට ඇති වු සිතුවිලි දෝලනය වෙමින් තිබුණි.

    මට මතක ඇති කාලයේ සිට මේ දක්වා ම වැඩි පුරම ඇසෙන වචනය දේශපාලනය වේ. එච්චරටම ඇහුණු නිසා ද මන්දා මෙතරම් ම කළකීරුණු විෂයද වී ඇත්තේ. ජනතාව විසින් නොයෙකුත් නින්දා අපහස දහඩිය හෙළමින් ජිවිත සහ භෞතික සම්පත් විනාශ කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරා දිනවන ජනතා නියෝජිතයෝ කාලයත් සමඟ පලවා හැරිමට සැරසෙයි. කාලය බොහෝ සේ ගෙවි යයි. තිබු තත්වය උඩුයටිකුරු වි කේසේ හෝ වෙනත් ජනතා නියෝජිතයෝ කරළියට ජනතාව නැවත රැගෙන එයි.

    තම තමන් විසින් පත් කර ගන්නා ජනතා නියෝජිතයා ජනතාවගේ බලාපොරොත්තු සුන් කළ තැන නැවත අරගලයක් හට ගනි. නැවතත් මුල සිටි තැනටම යයි. ඒ ආකාරයට ම ජිවිත දේපල බොහෝ විනාශ වු පසු ජිවත් වේලා ඉන්න උන් වෛරක්කාරයෝ ලෙසත් සීතල යුද්ධයක් ලෙස නිමාවට පත්වෙයි. එක් පැත්තක ජය පැන් භුක්ති විඳින විට තවත් පැත්තක වෙච්ච නස්පැත්තිය දෙස බලා විළාප නඟයි. ඔය අතර, තවකෙකු සුදු වතින් සැරසි දේවියන්ට පුජ වට්ටියක් පුජා කර ආරක්ෂාව පතයි. දෙවියන් මේ තුන් ගොල්ලන්ගේන් කවුරු දෙස බලනවද කියලා වර්ථමාන සමාජය දෙස බැලු කළ මනාව පැහැදිලි වෙයි. දෙවියන් යම් ඉඟියක් දෙනවා ඒත් ජය පැන් භුක්ති විඳින්නාද විළාප දෙන්නාද එය තේරුම් නොගනි. කාලයෙන් කාලයට මේ දෙගොල්ලෝ ගේ සිනහාව සහ කඳුළ දෙගොල්ලෝ මාරු  කර ගැනිම පමණක් සිදු කරයි. එහෙත් පුජ වට්ටිය අත දරන්නා ඒ බව හොඳාකාරවම දනී. ඔහු දේවියන් ඉදිරියේ තම කන්න ලව්වේ මෙහෙමද කියයි. “අනේ දේවියනේ මේ මොඩ ගැත්තන්ගේ සිත වෙනස් නොවි මාත් සමඟම සිටිත්වා කියලයි.”   

    බලයට, ධනයට, ලිංගිකත්වයට කෑදර මිනිස් වෙස් ගත් තිරිසනා දෙස බලා ලක් මාතාවද සුසුම් හෙළනවා ඇරෙන්න වෙන කරන්න යමක් ඇයටද ඉතිරිව නැත. ඇය දැන් මහළුය. වෙන ව්‍යසනයන් දෙස බලා සිටිනවා විනා සටන් කිරීමට ශක්තියක් නැත. අපි ඇයව බලා ගන්න ඕන කාලයක අපි ඇයට දුක් දිම පමණක්ද කරන්නේ? මේ යන ගමන හරිද? ඇය කොයි මොහොතක හෝ ඉවසන්න බැරි වු විට මියැදේයි.

    ලොකයේ අනෙකුත් සතුන් ලොකය බිහි වුදා සිට ස්වභාවධර්මයට අනුගතව තම පැවැත්ම සපුරා ගනිද්දි සත්වයාගේ උතුම්ම සතා වන මිනිස් කුලය පමණක් ඊට විරුද්ධව යමින් තමන්ට රිසි සේ හැඩ ගැසෙති.

          මිය ගිය හැම ඒකාම ඈත සිට අපිට මොනවාදෝ කොඳුරයි. එහෙත් සුළඟත් වර්ෂාවත්, නියඟයත් නිසාවෙන් අපට එය දෝංකාරයක් ම පමණය.

          ජනතාව මොහොතින් මොහොත වෙනස් වෙන කාලගුණය සේ යැයි මට හැ‍‍ඟේ.අපේ සිතුවිලි සුළඟත් වර්ෂාවත් නියඟයත් සේ ක්‍රියාකාරි වේයි.එකෙකුට සුළඟ උවමනා වු විට අනෙකාට වැස්ස අවශ්‍ය වේ. සමහරක් විට අවශ්‍යම නැති නියඟයට අපි කැමැත්ත දක්වයි.යමක් කරන්න පුළුවන් ඒකාත් මොකුත්ම නොකර මියැදේ.මොකුත්ම කරන්න බැරි ඒකා මොනවා හරි කරලා මියැදේ.

          තව එකෙක් ඉස්සරහා ඒකාගේ හුස්ම හිරි කරන්න යනවා ඌට මොකටද හුස්ම මට නේ ඕන කියලා.ඒකා දන්නේ නැ මට වගේම ඌටත් හුස්ම ඕන කියලා.

          පරං ගීයා කොට්ටේ ගියා වගේ ගමනක්ද අපි යන්නේ?අන්තිමට කාලය විතරක් කා දමා ඇත. අපි ඔට්ටු විය යුත්තේ තවත් මිනිසෙකු සමඟ නොවේයි ජිවිත් විමට අපේ දෛවය සමඟයි. ඒ වෙනුවෙන් අනෙකාගේ බෙල්ල කපා ජිවත් විමට හැකිය කියලා හිතාගෙන යන ගමනට කවදද තිත තියන්නේ.
   
අන්ධකාරයත් සමඟ මෙය කුරුටු ගාන ගමන් නන්දා මලනී ගේ ගීතයකටද සවන් යොමු කළේමි.

අපේ වැඩිහිටියන් අඳුරේ අත පත ගා මොනවද හොයනවා අපිද දුටුවෙමු. අපිද එයම අතපත ගා ‍සොයාමින් යයි. ඔවුන්ටද නොලැබුණු දේ අපටද නොලැබෙන බව මාගේ විශ්වාසය වේ. අපෙන් පසුවත් අපි වගේම අපි දෙස බලා  මොවුන් අඳුරෙන් එළියට ඒවිද එහෙම නැති නම් අපි වගේ ම අතපත ගා ඔවුන්ද මියැදේද?  -ජිඑම්-
 
Read More
Related Posts Plugin for WordPress, Blogger...