Sunday, June 2, 2013

වින්දනාත්මක හෝරාවක්










     දැනට දින කිහිපයකට පෙර ජපානයට සහ පකිස්ථානයට අයත් නෞකා දෙකක් අපේ රටට සේන්දු විය. එම නෞකා දෙකටම ගොඩ විමට සහ එහි අපුරු නිර්මාණයන් දැක බලා ගැනිමට අවස්ථාවක් මටද හිමි විය. එහි තිබු තක්ෂණයට ළඟා විමට අපට තව සියවස් ගණනක් බලා සිටිමට සිදුවේද මන්දා?. ජපන් ජාතීකයින් ඉතාමත් සුහදශිලි ජාතියකි. ඔවුන් නිළයට වඩා මනුෂ්‍යත්වයට ඉඩ දෙන්නෝය. තම මව් බිමේ අනන්‍යතාවයට ප්‍රමුඛතාවයක් ලබා දිමට ඔවුන් කැමති බව නෞකාවට ගොඩ වු අවස්ථාවේදීම දක්නට තිබු කරුණකි. තවද නෞකාවේ තිබු සෑම දැන්විම් පුවරුවක්ම ජපන් අකුරු වලින් හැඩ වි තිබුණි. නෞකාවේ කිසිදු තැනක ඉංග්‍රිසි අකුරක් නොතිබිම එහි තිබු තවත් විශේත්වයකි. ඉංග්‍රිසි නොදැනිම හෝ එය භාවිතා නොකිරිම ඔවුන්ගේ දියුණුවට බාධාවක් නොවන බව ඔවුන් පෙන්වා දී අවසන්ය. ඔවුන් තුල තිබු කඩිසර විලාශය මහත් සිත් ගන්නා සුළුය. නිරත වු කාර්ය අවසන් වන තුරුම එයින් මිදිමට ඔවුන් නොසිතයි. ලෝකය ජය ගත හැකි වනුයේ කඩිසරව තමන්ට පැවරි ඇති රාජකාරින් නිවැරදි ලෙස නිමාවට පත් කිරීම තුලින්ය. නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට සහ පිටුපස ස්ථානගත කර තිබු හෙලිකොප්ර යානාවටද ගොඩ විමට අපට අවස්ථාව උදාවිය.  
    මා ලබපු අත්දැකිම ලියවිල්ලක් බවට පත් කිරීමට ආසන්නම හේතුව වුයේ මුහුණු පොතේ දුටු එක්තරා විඩියෝ දර්ශණයක් මා නෙත ගැටිමත් සමඟය. එහි දක්නට තිබු උසස් පාසලක සිසුවියන් පිරිසක් එක්තරා ගීතයකට පංති කාමරයක් තුල නර්තනයේ යෙදෙන දසුනකි. නොයෙකුත් විවේචනාත්මක ප්‍රතිචාරද එහි සටහන් වි තිබුණි.
    කණගාටුවට කරුණ නම් මෙවැනි දේ උලුප්පා පෙන්විමට තරම් අපේ මානෂිකත්වය අද කොතනද තිබෙන්නේ යන්නය. අපි හැමදාමත් කිරීමට උත්සහා කරනුයේ කෙනෙකු ලැජ්ජාවටත් අසරණතාවයටත් පත් වු විට ඒ පුද්ගලයා තවත් අසරණ කරමින් අස්වභාවික වින්දනක් ඒ තුලින් ලැබිම පමණකි. ජපානය වැනි පෙරදිග රටවල් එසේ තම ඥාණය සහ ශක්තිය උපයෝගි කර ගනිමින් තම රට සෑම අතකින්ම ශක්තිමත් කිරීමට උත්සුක වෙද්දී පෙර දිග මුතු ඇටය සේ හඳුන්වන මගේ රටේ මිනිසුන් උනන්දු වන්නේ වෙහෙසෙන්නෙ කුමක් අරඹයාද යන්න ප්‍රෙහ්ළිකාවකි.
    බුදුන් අපෙ රටේ ඕනෑ තරම් ස්ථාන වල වැඩ වාසය කරති. එහෙත් අපි කරන්නා වු අවැඩ නිසාවෙන් උන්වහන්සේ අපිරිසිදු සිත් අභියස ආශිර්වාදය නොතබයි.
ආතර් ශ්‍රි ක්ලාක් වැනි ලොව සුපතල මිනිසුන් ජිවත් විමට ශ්‍රි ලංකාව සුදුසු බව තීරණය කරද්දී  අපි අපේ රටට වටිනාකමක් දිමට අපොසත් වි ඇත. උසස් තාක්ෂණයක් හඹා යාමට තරම් ඥාණයක් ඇයි අපට නොපිහිටන්නේ?
    ලෝකයේ වැඩියෙන්ම ජාතික අභිමාන ගීත ලිය වුණ සහ ගායනා වන රට ශ්‍රි ලංකාව වෙන්නට ඇත. වගේම ලෝකයේ සිඝ්‍රයෙන් පැතිරි යන නොහදකමත් ඉක්මනින් වැළඳ ගන්නා රටද අපේ රට වෙන්නට ඇත. ඉතා සුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වා ශ්‍රි ලංකාවේ අහිංසක මිනිසුන් ට ලබා දි එම ජිවිත විනාශ කරමින් උපයන මුදල් කිසිදිනක තමන් ළඟ නොරැදෙන අතර කුමන ආකාරයකින් එම මුදල් නැති නාස්තිද වේ.එයද සත්‍යයකි. කණගාටුවට කරුණ නම් පව්කාරයන් මිය යනනේ  තවත් වටිනා ජිවිත රැසක් විනාශ කරමින්ය.

          බුදුන් වහන්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව දේශණා කොට ඇත. එය පිළිපැදිම සහ නොපිළිපැදිම තුල ලැබෙන දේ පිළිබඳවත් ඉතාමාත් පැහැදිලිව පෙන්වා දී ඇත. එම නිසා තමන් කරන කියන දේ තමන් පසුපස ලුහුබඳින බව සත්‍යයකි.

Read More

Thursday, May 23, 2013

ශ්‍රි බුද්ධ වර්ෂ 2557 ත් අපි පසු කරන්නෙමු




 මනුෂ්‍ය ජිවිතයක් ලැබිමෙන් පසු  එම ජිවිතය නිසි අවබෝධයකින් යුක්තව හසුරුවා ගැනිමට මඟ අප උතුම් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එහෙත් ඒ ධර්මය අද අපි කරතබාගෙන යනවා මිස එය විවර කර බැලිමට උදාසීන වි ඇත.

පවතින සමාජ රටාව තුල මුදල් පසුපසම හඹා යාමට අපි සියළුම දෙනාට සිදු වි ඇත. ඒ හඹායාමත් සමඟ අපි තුල තිබිය යුතු බොහෝමයක් වටිනාකම් සැඟවි ගොස් ඇත.  

එකෙකු පරයමින් එකෙකු නැඟි සිටින්නට වෙර දරන යුගයක සිට මම මේසේ අකුරු කරමි.  භක්තිය සිතේ තිබුණාට එය ප්‍රායෝගික කරලිමට අපි අද අපොසත් වන්නෙමු.

සෑම පෝයදාකටම ශ්‍රිලංකාවේ සියළුම පන්සල් අතුරු සිදුරු නැතිව පිරි යන්නෝය. බුදුන්ට දෝතින්ම දහාසක් මල් ද පුජා  කරන්නෙමු. හදුන්කූරු සුවඳින් මුළු පළාතම සුවඳවත් කරන ගමන්, ප්‍රර්ථනා දහාසක් සිතේ තබා පහන් දහාසක් දල්වාලයි. එහෙත් කාත් කවුරුත් නැති අසරණ වුවෝ අනාථ නිවාස වල හුදකලා වි සිටිති. ඒ බව සනාථ කරන නිදසුන් ඕනෑතරම් ඇත. අද රටේ තිබෙන වැඩිහිටි නිවාස සහ ළමා නිවාස ප්‍රමාණය වැඩි වි ඇති බව කණගාටුවෙන් වුවද මම ප්‍රකාශ කරමි. දොහොත් මුදුන් තබා බුදුන් වඳින දෑතින් ස්ත්‍රීය දුෂණය කරන වටපිටාවක් නිර්මාණය වි ඇත. පුතා අම්මා තාත්තා කපා කොටා ඝාතන කරන තත්වයට පත්ව ඇත. දරුවන් මහ මඟ දමා යන පවිටු ගැහැණුද අප අතර සිටිති.  එවන් වු පසුබිමක සිට මේ උතුම් තෙමගුලද අපි සිහිපත් කරන්නේමු.


බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ //

බෝ සත් ගති ගුණ පිහිටන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා

මේ තරමට බුදු බණ අහනා රට
දින දින පිරිහෙන අරුමය මන්දා

සිරිත් විරිත් යහ ගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා

          එක ඉර හද යට හිනහෙන ‍දවසක්
යළි කවදාවත් නේ විද මන්දා

මේ ලෝකයේ අපි අයිතිකරුවන් නොවෙමු - මේ ලෝකයේ අපි අගාන්තුකයින් වෙමු.

එම නිසා යළි යාමට පැමිණි අපි අපට අයිති නොවන යමක් විනාශ කර යාමද යුතුකමක් නොවන්නෙමු. එයත් මතක් කරමින් මේ උතුම් තෙමගුලේ මම මේසේ ප්‍රර්ථනා ගෙන එමි.

නොදන්නා බව දැනෙන විට ඉගෙන ගැනිමට උවමනාවත්
පිළි ගන්නා වෙනුවට තේරුම් ගැනිමේ ශක්තියත්
පරාජය වෙනුවට සර්ථකත්වය ලබා දී
සියළුම යහපත් අභියෝග සතුටින් ජය ගැනිමට  
ඥාණය,ශක්තිය,ධ්‍යෛර්‍ය සහ හරි මඟ
ඔබ වෙත ලඟා කර දෙත්වා!



බුදු හමුදුරුවෝ අපිත් දකින්න ඇති
බණත් අහන්න ඇති ඒ කාලේ
නිවන් දකින්නට  පිං මදි වන්නට ඇති
ඒකායි තවමත් සංසාරේ

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්න පිං මදි වෙන්න ඇති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්න ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ
අපි වෙසක් කුඩු හදන්නේ බිම බට වලින්.


තව වැඩ ඉවර නැ

Read More

Tuesday, May 7, 2013

මට තාම මතකයි



෴මට තාම මතකයි පුංචි සන්ධිය෴

ජිවත් වන කෙටි කාලය තුල ජිවිතයට නව ජිවයක් එක් කරන අවධියක් ලෙස ළදරු සහ ළමා කාලය හැඳින්විය හැකි ය.අතීතය නැවත මෙනෙහි කිරීමේදී ළමා කාලය යනු නිතර නිතර ප්‍රිතීය දනවන සහ සැහැල්ලුව  එක් කරන  කාල සිමාවකි. ඒ වගේම යෞවනය සහ වැඩිහිටි කාලය යනු බොහෝ දෙනෙකුට නොයෙකුත් පිඩාවන්ගෙන් මනස ව්‍යාකුල වන කාල පරිඡ්චේදයන් වේ.

දරුවන්ට හිමි ළමා කාලය සාමකාමි ලෙස ගත කිරීමට සහ නිදහස් සිතුවිලි උපදින්නට සුදුසු වටපිටාවක් සකස් කිරීම දෙමව්පියන්ගේ වගකිම වෙයි.

මටත් එවන් වු ළමා කාලයක් තිබුණාය. එකල කළ සෙල්ලම් මතක් කරන විට ගතත් සිතත් පුදුමාකාර ලෙස සැහැල්ලුවකට පත් වෙයි. එවන් වු පුංචි පුංචි මතකකයන් කිහිපයක් ඔබත් සමඟ බෙදා ගැනිමට මට සිත් විය.

උණ බට තුවක්කුව

     

        පාසල් නිවාඩු කාලය යනු දරුවන්ගේ වසන්ත සමයයි. මෙම වසන්ත සමය විඳිමට නොයෙකුත් අංගයන් එකල අපි සතු විය. එයින් පළමු සෙල්ලම ලෙස කොළ පාට උණ පඳුරකින් කපා ගත් උණ බටයකින් සදා ගන්නා ලද අපුරු තුවක්කු බටය හැඳින්විය හැකිය. මෙම තුවක්කුවට අවශ්‍ය උණ්ඩ ද අවට පරිසරය තුලින්ම අපි ලබා ගන්නෙමු. උණ්ඩ සඳහා යොදා ගනු ලබන්නේ කීරිල්ලලා ඇට හෝ වතුරේ පෙඟ වු කඩදාසි ගුලිය. වතුරේ පෙඟුණු කඩදාසි ගුලිය බටය තුලින් ගිලිහෙන විට ඇසෙන ශබ්දය රතිඤ්ඤා දල්වන විට ඉන් පිටවන ශබ්දය හා සමානය. සදා ගත් උණ බට තුවක්කුව උපයෝගි කර ගනිමින් නොයෙකුත් වස්තුන් ඉලක්ක පත් කරගනිමින් ඒ තුලට කීරිල්ලා ඇට හෝ පෙඟුණු කඩදාසි ගුලි විදියි.




සරුංගල් යැවිම
     
        මහන්සිය නිවුණු පසු  නැවතත් වෙනත් සෙල්ලමකට මාරු වෙයි. ඒ අතර සරුංගල් යැවිම, අඹ කොටු පැනිම, ජිල් බෝල ගැසිම, සෙල්ලම් ගෙවල් සෑදිම, නයිස්ටොන් ගැසිම සහ වචු පැනිම වැනි සෙල්ලම්ද ඉතාමත් උද්‍යයෝගයකින් යුක්තව කිරීමට එදා අපි උත්සුක විය. මේ සියල්ලම අපට කිරීමට අවසර තිබුණේ අහස අඳුරු වන තෙක් පමණකි. ඉන් පසුව සියල්ලෝම තම නිවෙස් කරා ඇඳි යයි. ඇඟ පත සෝදා ගෙන ඉන්පසු ඉගනිමේ කටයුතු වල  නිරත වෙයි.









කොට්ටාම්බා කෑම
    
    සෙල්ලමක් කරන විට ඇඟට දැනෙන තෙහෙට්ටුව  සහ ඇතිවන බඩගින්න නිවා ගැනිම සඳහා අවට පරිසරයෙන්ම සොයා ගන්නා ලද මොනයම් හෝ දෙයකින් එම බඩගින්දර නිවා ගැනිමටද අමතක නොකරයි. කොට්ටම්බා යනු එවැනි කෑමකි. නමිනං, උගුරූස්ස, ලොවි, කජු පුහුලං, අඹ, ජම්බු සහ ඇඹරෙල්ලා ද ඒ අතර වේ. තවද සෙල්ලම් බත් ඉවිමද එකල අප ප්‍රිය කර තවත් සෙල්ලමකි.


කොට්ටම්බ

කොට්ටම්බ

කිරි රසැති කොට්ටම්බ


   

       ඒ සුන්දර අතීතය සිහි වන විට අප්‍රමාණ සතුටක් ඇති වන සේම එක්තරා ආකාරයක සියුම් වේදනාවක්ද සිත කොණක හට ගනි. ඒ මන්දයත් එම පරිසරය අද විනාශ වි ගොසින්ය. සිඝ්‍ර‍යෙන් වෙනස් වන පරිසරයත් සමඟ අපේ වෙනස් විමට භාජනය වන්නේ කුමක්ද? අනවශ්‍ය විපිරියාස අපි වටකරගෙන හමාරය. රටක් විදියට අපි සංවර්ධනය වෙමින් පැවතියාට මොකද, මත් වතුරින්, මත් කුඩින්, දුෂණයෙන්, වංචාවෙන් ලෝකයේ අනෙකුත් රටවල් පරයමින් පෙරටම ගමන් කරන්නෙමු.
Read More
Related Posts Plugin for WordPress, Blogger...