2013!
නව වසර අපි, නැවුම් මනසකින් සැබෑ අරුතකින් ජිවිතය ජිවත් කරවමු.
මම ජිවිතය දකින්නේ, ඉගෙන ගන්නේ, ලියන්නේ මම
ලැබු අත්විඳිම්, අත්දැකිම් තුල සිටය. මම ඒ තුල සැපත දුක, පව පින, කුසල් අකුසල්, ඇති
විම නැති විම දුටුවෙමි. මම ජිවිතයේ වැඩි වශයෙන් අකුරු කර සහ කියවා ඇති අකුරකි “ම”. එක්තරා දේශණයකදී මට මෙසේ ඇසුණි. “මිනිසා
යනු සත්ව ජාතියේ උත්තම කුලය වේ”. එවන් වු උත්තරීතර මිනිසාට දියුණු මනසක් සමඟ සෘජු ලෙස සිට
ගැනිමට හැකි පරිදි වර්ණවත් කොටස් වලීන් හැඩ වු අපූරු නිර්මාණක් නිර්මානය වි ඇත. බුදුරඳුන්
පැවසු පරිදි මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ කරන ක්‍රියාවෙන් මිස උපතින්
නොවෙයි.
මිනිසත් බව ලැබු අපි මහා පොළවට මිහිදන් වන තුරු කරන ක්‍රියාවන් දෙස බැලු කළ අද මට මහ
අසරණකමක් දුකක් හිතට දැනෙයි. මම සසල කළ ආසන්නම සිද්ධි ලෙස “මේලොව ඉපිද මහ පොළව
ස්පර්ශ කිරීමටත් මත්තෙන් ගින්නක අළු වු ඒ අහිංසක පුංචි සිඟිත්තාත් ඔහු ගේ අම්මාගෙත්
සහෝදරයා ගෙත් මරණය යි”. තාවකාලික තෘප්තීන් ඔස්සේ තම මනස ක්‍රියා
කරන ඇතමුන් ගේ උගත්කමත්, බුද්ධියත් එම ආශාවන් වලට යටපත් වි ඇත.
උගත්කමත්, බුද්ධියත් හැඩිදැඩි සහ රූ සිරින් පිරි සිරුරක් තිබු පමණින් පරිපුර්ණ මිනිසෙකු
බවට පත් නොවේ. යහපත් ගුණ ධර්ම , විනයගරුක කම අද කෙමෙන් වියැකි යමින්
පවති. සමාජය තුල දකින්නට අසන්නට ලැබෙන දහසකුත් බිහිසුණු සාපරාදි ක්‍රියාවන් ඒ බව මනාව පෙන්නුම් කරයි. අපි ඒ මිනිසත්කම මුදලත්
බලයත්,නිමා නොවන ලිංගිකත්වයත් වෙනුවෙන් යටපත් කොට හමාර ය. පසු ගිය කාලයේ මිනිසා බියටත් අන්දෝලනයටත් පත් කෙරුණු ලොක
විනාශය සත්‍ය වශයෙන් ම සිදු වුවා නම් මේ කියන නින්දිත හපන්කම් සියල්ල ම අවසන් ය.
මම නිතර ම ප්‍රාර්ථනා කරන පරිදි ලැබු උපත
ජිවත් ව සිටියදි වටිනාකමක් සහිත මතකයේ
රැදෙන පරිදි සහ තවත් මිනිස් ජිවිතයක්
වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කර මිය යාමට හැකි නම්, මහ පොලවත් අහස් කුසත් ඔබට
ගරු බුහුමන් පුද කරයි . මේ මහා පොළව තුල අපි තාවකාලික නවාතැන්කරුවෝ මිස එහි අයිතිකරුවෝ
නොවන බව වටහා ගෙන තම ජිවිතය යම් කිසි විනය වාරණයකින් පරිස්සමින් රැගෙන යාමට එළඹේන
වසරේ අදිටන් කර ගනිමු. උපතින් භාෂාවක් , ආගමක්, ජාතියක් රැගෙන නොයෙන අපි, මිහිපිට තුලදි ලබන විවිධ වු අභාෂයන් සමඟ
නොයෙකුත් මනංකල්පිත සේයා ජිවිත තුලට යා කර ගනිමින් එහි ගුණ අගුණ පිළිබඳ අල්ප මාත්‍රයක්වත්
නොදෙන බොහෝ දුර ගිය පසු ජිවිතය නාස්ති කර ගනි.
මහළුවිය පැමිණෙන තෙක් සිටිය යුතු නැත
බණ පදයක් අසන්නට සීල් රකින්නට. ඒ වන විට පාප ක්‍රියා ඔබෙ ගතින් සිතින් සිදු කර
ඇත්තෙකු නම්, ඔබ මිය යන්නේ පරාජිතයෙකු ලෙසය. ඔබ මන්දිරේ පැල්පතේ මාවතේ ඉපිද ජිවිතය
වරද්දවා ගත් තැනදී ඔබ ජාතක කර වුවන්ට දොස් පවරා ඵලක් නැත. ලැබු ජිවිතය ඔබ ගිය භවයේ කළ කී දේ අනුවය. ජිවිතය පරිස්සමින් සකසුරුවම් කර ගැනිම ඔබෙ වගකිමය. ඔබට නැවතත් නිවැරදි
වෙන්නට ලබා දුන් වරම ඔබ කෙසේ හෝ ගොඩ දමා ගත යුතුය. මිනිසෙකු වුවත් පෙරේත ලෝකයක ජිවත් වන්නෙකු සේ ජිවිතය ගෙන යන්නේ පෙර
පවට ය. දැනුම් තේරුම් වයසකට පැමිණි පසු කිසිම ජිවියෙකුට හිංසාවක් පිඩාවක් නොවන ආකාරයට
තම ජිවිතය ජිවත් කර ඊළඟ භවයේ දී දුකින් මිදෙන්නට , අපි ප්‍රාර්ථනා ගෙන එමු සහෝ.
පිපි පරවෙන ස්වභාවධර්මයෙන් අපට උගත හැකි
පාඩම් බොහෝ ය. ගස්,වැල්,ඇළ සහ දොළ ඔබෙ බඩ ගින්දරත් පිපාසයත් නිවාලන්නේ ජාතීය, කුලය,
ආගම දැක හඳුනාගෙන නොව ඔබ සත්වයෙකු පමණක් සිතාගෙන ය. එහෙත් දියුණු මනසකින් හෙබි අපි
එක් එක් වර්ගීකරණ යටතේ මිනිසා වඳ කරයි. ලොකයේ තිබෙන පහත්ම ගති ලක්ෂණ තම ජිවිතයට
අරූඩ කර ගනිමින් මිනිසා එකිනෙකාට නින්දා අපහාස කරමින් අගෞරව කර ගනී.
එළඹෙන නව වසර මත්වතුරින්, අඩදබර වලින් ආරම්භ
නොකොට අකාශය දෙස හෝ මිහිතලය දෙස බලාගෙන සුභ ප්රාර්ථනාවකින් පිබිදෙමු. එවිට ජිවිතය වඩාත්
ඵලදායිතාවයකින් යුතුව ජිවත් කරලීමට හැකි වනු ඇත.
"මටත් ඔබටත් දෙපයින් නැඟි
සිටින්නට ශක්තිය දුන් සෙනෙහෙබර දෙමාපියන්ටත් ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අද වන
විට ඔබට මට යම් පිළිගත හැකි කඩ ඉමකට එන්නට උපකාරි කර සියළු දෙනාටත්, වචනයකින් හෝ ඔබව මම සැනසු
සියළුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් වසරකට සුභ පතමි"!!!.
රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර මිනිසුනේ... ඔබගේ පවුල් වල සියළුම දෙනාට නව වසර සැනසිම සහිත පිංබර වසරක් ම වේවා!
අලුත් අවුරුද්ද ආරම්භයට පිංබර සිතිවිල්ලක්...ස්තුතියි ගයානි..
ReplyDeleteඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
තෙරුවන් සරණයි ළිහිණී.
Deleteම්ම්ම්...අද පෝස්ට් එක නම් උපරිමයි ගයනි. මගේ හිතට තදින්ම දැනුනා.....
ReplyDeleteඔයාටත් සුභම සුභ නව වසරක් වේවා....!!
සමනළීටත් තෙරුවන් සරණයි!
Deleteඅපූරු පෝස්ටුවක්..සුබ අලුත් අවුරුද්දක් අක්කෝ...!!
ReplyDeleteශම්මිටත් තෙරුවන් සරණයි.
Deleteරණවිරු සොයුරියගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්නට පතමි.
ReplyDeleteසුභ නව වසරක් වේවා !
ස්තුතියි සීරා.තෙරුවන් සරණයි ඔබටත්.
Deleteලැබූ නව වසරට මගෙනුත් සියළු දෙනාටම සුභ පැතුම්!
ReplyDeleteතෙරුවන් සරණයි නිර්මලා.
Deleteසියලු කටයුතු සරු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!
ReplyDeleteතෙරුවන් සරණයි චන්දන.
Delete//එළඹෙන නව වසර මත්වතුරින්, අඩදබර වලින් ආරම්භ නොකොට අකාශය දෙස හෝ මිහිතලය දෙස බලාගෙන සුභ ප්රාර්ථනාවකින් පිබිදෙමු.//
ReplyDeleteබොහොම හොඳ සිතුවිල්ලක්. මමද එසේ පතමි.
තෙරුවන් සරණයි සයුරි.
Deleteඅළුත් අවුරුද්දේ හොදම පොස්ටුවක්. එළ!
ReplyDeleteමේ අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!
ඉෂාන් තෙරුවන් සරණයි!
Deleteවැඩි වැඩියෙන් ඔබලාට පොස්ට්ස් ලියන්නත්, ඒ තුලින් පේජ් ලෝඩ්ස් ප්‍රමාණය වැඩි කරගන්නත් සහ තව දුරටත් ෆලොවර්ස්ලා එකතු කරගෙන තවත් වැඩියෙන් කොමෙන්ට්ස් එකතු කරගන්නත් ලැබේවා!
ReplyDeleteඅයිරාවන ඔයාටත් තෙරුවන් සරණයි.
Deleteඔබට ජය පතමි!
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
Deleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
හොඳ ප්‍රාර්ථනාවක් සහෝ.තෙරුවන් සරණයි ඔබටත්.
Deleteසියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
ReplyDeleteතෙරුවන් සරණයි නලින් අයියේ.
Deleteසුබ නව වසරක් වේවා ඔබටත්:)
ReplyDeleteතෙරුවන් සරණයි සහෝ.
Deleteසියළු පැතුම් ඉටුවන නව වසරක් වේවා!!!!
ReplyDeleteතෙරුවන් සරණයි අයියේ.
Delete:)
ReplyDeleteසුබ නව වසරක් ඔයාලටත්...
තෙරුවන් සරණයි සහෝ.
Deleteධනාත්මක සිතුවිලි පිරුණු සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteතෙරුවන් සරණයි සහෝ.
Deleteසාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteතෙරුවන් සරණයි මධුරංග.
Deleteඅලුත් අවුරුද්දේ බ්ලොග් එක අලුත් කරලා වගේ.සුබ අලුත් අවුරුද්දක් !
ReplyDeleteධම්මික හුඟ දවසකින්.ඒ පැත්ත පාළුවට ගිහින් මොකද?
Deleteතෙරුවන් සරණයි ධම්මිකටත්.
වැඩ ගොඩයි.දැන් නම් ටිකක් අඩුයි.
DeleteApuru postuwk,watina adahas kipayak..
ReplyDeleteHamoma oya widiyata hithala wada karanawanam me loke godak sundara wewi..
Subha nawa wasarak wewa !!!
Jayama wewa !!!
ස්තුතියි සහෝ.
Deleteතෙරුවන් සරණයි දමිත්.
සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා
ReplyDeleteතෙරුවන් සරණයි සංජය.
Deleteඅළුත් අවුරුද්ද ආරම්භයේම කියවූ ලස්සණ සටහනක්! නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteබෙහෙවින් ස්තුතියි අක්කී.
Deleteතෙරුවන් සරණයි ඔබටත්!
මිනිහා කියන සතාට වෙන්න පුළුවන් ලොකුම විනාසය වෙන්නේ ඔය ජාති වාදී ආගම්වාදී වර්ගවාදී ලේබල කරපින්නාගෙන ඉන්න නිසා.
ReplyDeleteසුබ අත් අවුරැද්දක් ෙවා!
පැතුම් ආගම තම ජිවිතය ජිවත් කරවිමට උදව්වක්, මඟ පෙන්විමක් කර ගන්නවා මිස අන්තවාදී හැඟිම් ඇති කරවන්න හොඳ නැහැ.එකිනෙකාට සහයෝගය ලබා දිමයි අපි කළ යුත්තේ.
Deleteතෙරුවන් සරණයි පැතුම්.
මම කලින් ආවා..කමෙන්ට් එක වැරදිලාද මන්ද වැටිල නැහැ.
ReplyDeleteඔබටත් , සුබ අලුත් අවුරුද්දක් වේවා..!
වීයා තෙරුවන් සරණයි!
Deleteමම මේ බ්ලොග් අවකාශේ වෙන කිසිම ගෑණු ළමයෙක්ට වඩා බුදු දහම ගැන අවබෝධයකින් කතා කරනවා දකින කෙනා තමා ගයනි... කිව්වා වගේ මහළු විය වෙනකම් ඉන්න ඕනේ නෑ.. ඒ වගේම පිං දහම් කරන්න පන්සල් යන්නම ඕනෙත් නෑ කියල මං හිතනවා.... තමන්ට හැකි අයුරින් කරන හොඳ දේ හරියට, කාටවත් කරදරයක් නොකර, කාටවත් වංචාවක් නොකර ( තමන්ටත් එක්කම) කරන එකත් පිනක් කියලයි මං හිතන්නේ..
ReplyDeleteගයනිටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...
බුදු දහම ආගමක් විදියට පමණක් නොවෙයි හිරු මට උදව් උනේ ජිවිත පැවැත්මට ලොකු පිටුවහල් උනා.වයසට ඔරොත්තු නොදෙන ප්‍රශ්ණ ආපු අවස්ථා වල ජිවිතය මට බරක්, කළ කිරිමක් ඇති නොවන ආකාරයට මගේ හිත ළඟින් ඉඳ මාව සන්සුන් කළ එකම හිතවතා ඒ ධර්මය වේ.
Deleteහිරුටත් තෙරුවන් සරණයි.
ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!
ReplyDeleteතෙරුවන් සරණයි හිරු කුමරු.
Deleteමිසීටත් සුබ අලුත් අවුරුද්දක්.
ReplyDeleteඅර යාපනේ කැම්පස් කොල්ලන්ට නිදහසේ දේශපාලනය කරන්ඩ තිබ්බනම් උන්ටත් සුබ අලුත් අවුරුද්දක් ලැබෙයි. කණේ ගෙඩියට කටුගේ හොරකම් කරන්න, බය ගෝතගේ කොල්ලන්ට කොලොඹ කච්චේරිය ගිනි තියන්න ලයිසන් දීපු එවුන් රටට එලි කරානම් රටටත් සුබ අලුත් අවුරුද්දක් ලැබෙයි, නැද්ද මිසී??
ඔයාටත් මහත්තයෝ තෙරුවන් සරණයි!
Deleteඅද තමයි අක්කියෝ ඔයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන මුල්ම දවස.....පහුගිය ටිකේ එක්සෑම් නිසා එන්න බැරිවුනාට සමාවෙන්න....ගොඩාක් ස්තූතී අදහස් දක්වල මාව දිරිමත් කරනවට....
ReplyDeleteඔයාගෙ පෝස්ට් එක සුපිරි......ඔයාටත් පවුලෙ සියලුම දෙනාටත්...සුභම සුභ නව වසරක් වේවා...!! කියල ප්‍රාර්ථනා කරනව....
නංගිටත් තෙරුවන් සරණයි!
Deleteසුභ නව වසරක් වේවා අක්කි.. ඔයාට ඔවුන් ගැන මතක් වීම ගැන ආඩම්බර වෙනවා!
ReplyDeleteකොහොමද මල්ලි ඔවුන් අමතක කර්නේ.මල්ලිටත් තෙරුවන් සරණයි!
Deleteසුභම සුභ නව වසරක් වේවා ඔබටත්.. ධනාත්මක සිතුවිලි වලින් අස්වනු සරුවේවා..
ReplyDeleteදයානන්ද අයියටත් තෙරුවන් සරණයි!
Deleteසුබ නව වසරක් ගයනිටත් !!!
ReplyDeleteතෙරුවන් සරණයි!අවතාර්
Deleteaලුත් අවුරුද්ද පටන්ගන්න යහපත් සිතිවිල්ලක් සුභ නව වසරක් වේවා
ReplyDeleteමේ රට අපේ.මේ අපේ කම හැමදාමත් තියේවි.තෙරුවන් සරණයි!
Deleteඊයේ ගෙදර නොහොහිටිය නිසා මොනවත් ලියා ගන්න ලැබුනේ නෑ. ගයනි, ඔබටත් පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත නව වසරක් වේවා! කියා පතනවා නංගි.
ReplyDeleteඇත්ත , අපි කාටවත් කරදරයක් නොකර එකිනෙකා ජීවත් වන්න උත්සාහ කරනවා නම් ඒක තමයි හොඳම දේ. අපි එකිනෙකා හැදුනහම රටම හැදේවි නේ නංගි. අපේ වැරදි කොතරම් ඇත්ද? අපි පුරුදු වෙලාම ඉන්නෙ අනෙක් අයට ඇඟිලි දික් කරන්නයි නෙ. ඉතින් අපි මේ සොඳුරු ලංකාව ලස්සන කරන්න උත්සාහ කරමු. සැමට ජයම වේවා!!!!!!!!!!!!!!!!
අපි අපි අතර මේ බැදිම තමයි වටින්නේ.තෙරුවන් සරණයි චන්දි අක්කේ.
Deleteඅපේ හිත් ලස්සන නම් හැමෝගෙම හිත් ලස්සන වේවි
ReplyDeleteසුභ අලුත් අවුරුද්ක් වේවා...
ඔබටත් තෙරුවන් සරණයි.
Deleteමිදුල අතු ගාලවත් නැ හැම තැනම කොල .මම යනවා යන්න
ReplyDeleteඇයි නිකම් යන්නේ.මොනවා හරි කියලා යන්න.
ReplyDeleteසුභ නව වසරක් වේවා... අපේ සිංදු අපේ විදිහට
ReplyDeleteතෙරුවන් සරණයි ඔබටත්.
Deleteපෝස්ට් එකට හිස නමා ආචාර කරමි.ආගමක් ලෙස පමණක් නොවෙයි දර්ශනයක් ලෙස බුදුදහම පිලිගන්නා දිනයට මේ රට සැබෑ බුද්ධ දේශය බවට පත් වේවි.පුළුවන් නම් අපි බුදුදහම වෙනුවෙන් මේ බ්ලොග් අවකාශයෙ අලුත් යමක් කරමු.
ReplyDeleteඔබටත්,මේ රට සුරැකි සියලු රණවිරුවන්ටත්,ඔබේ පවුලේ සැමටත්,නිදුක් නිරෝගී සියලු යහපත් පැතුම් ඉටු වන නව වසරක් ම වේවා!
තෙරුවන් සරණයි ඔබටත්.
Deleteඔබ අපට රටට සම්පතකි.උදා වු නව වසර සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා..
ReplyDeleteඔඔබටත් තෙරුවන් සරණයි!
Delete