නිසියාකාරව පැහැදිලිව ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්.මම විදින රසය ටිකක් හෝ ඔබට ලබා දෙන්නයි මගේ උත්සහාය
මව්
කුසින් ඔඩොක්කුවට එන සිඟිත්තා අම්මගේ උණුසුමේ සිට ආදරණීය සෙනෙහසකින් තැනපත්ව
සන්සුන්ව ලොක භාෂාවට සවන් දෙයි. අම්මා පොඩි පැටියට ඔඩොක්කුවේ සිටම උගන් වන්නේ උඹ
රටට වැඩදායි පුරවැසියෙකු වෙයන් කියලයි.වැදි මව් ගේ සිට සෑම මව් කෙනෙකුගේ ම පැතුම
උඹ හොඳ මිනිහෙක් කරන්නයි.
දොයි... දොයි... දොයි... දොයිය... පුතා...
බයි බයි බයි බයියා පුතා
ඔංචිල්ලා තොටිලි කොහින්දො..
රන්
සළු පිළි වළලු කොහින්දො..
දොයි
දොයි පුත ලපිටි බිළින්ඳො
රන්
කඳ රැකදේවි සුරින්දෝ
රුසිරින් තරු මල් පරදා
නුවණින් ධන පති ලෙස සැමදා
තේරුවන්
වැඳ දෙවියන් පුදනා
මිනිසුන්
මැද මිනිසෙකු විලා
හිටියොත්
හොදට හැඳි
දෙවියොත්
නමට වඳි....
සිටියොත්
හොදට හැඳි
දෙවියොත්
නමට වඳි....
ආතීතයේ
සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන් කරපු ක්‍රියාවන් වලට අපි ඔවුන්ට වඳිනවා. මහාසෙන්
රජතුමාට මින්නේරි දේවියන් කියලා වඳිවනා ,කන්ද කුමරු,ධතුසේන මහ රජතුමාට,
පුල්ලේයාර් කුමරුට,ඒ විතරක් නෙමෙයි මිණිමරු අංගුලිමාල මහාරහතන් වහන්සේට
වඳිනවා,සිගිරියට ගිහින් අපි තාත්තා මරපු කාශ්‍යප කුමරුටත් වඳිනවා. මොවුන්
වැරදි කරා තමයි ඒත් ඒ වැරදි පසුව හදාගෙන නැවත නිර්මාණය විය. වැරදි හදා
ගන්න අවකාශය දුන් පසු ඒවා හදා ගන්න ඕන.එවිටයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.අම්මා එක අපට
පුංවි කාලයේම නලවලා කියලා දෙනවා.
අන්ධකාර මිනිසුන් මැද උඹ දිප්තිමත්
කුසලතා පිරුණු එකෙකු වෙයන්.
දොයියාං.....
අම්මා...දොයිං...... අම්මා.....
දොයි
දොයි දොයි .......දොයියෝ........
මී
පැණි දෙන්නයි අප්පා ගෙනෙන්නයි......
දොයියාං
අම්මා...දොයිං
අම්මා.....දොයි දොයි....දොයියෝ........
මයේ පුතේ නඬා නිදා ගනින්.තාත්තා ගියා කැලේ.තාත්තගේ කර්යභාරය ගෙදර ආර්ථික සම්පාදනය
කරන එක.මගේ කාර්යභාරය උඹව හදලා වඩලා ලොකයට දායාද කරන
එක. බාල කාලයේ දෙන්නේ මව් කිරී සහ මී
පැණියි. අප්පච්චි ඒවා අරගෙන එන්න ගියේ. හමේ රෝග, කෘෂ්ට රෝග, දධ, පිළිකා නැතිව චතුර සුමට දිවක් සහ
පෞර්ෂයක් ඔරොත්තු දීමේ කුසලතාවක් ඇති වෙනවා මේවා කන්න දුන්නම. අපි වනචාරි මිනිසුන් ආර්ථිකය සාධනය
වෙන්නේ කැලයෙන්, ජිවත් වෙන්නේ කැලේන්. පරිසරය සුරකින තාක් කාල් අපේ ජිවිය
ආරක්ෂා වෙනවා කියලා අම්මා පොඩි එකාට කියනවා. ලොකයට ආදරය කරන එකෙක් අම්මගේ ඔඩොක්කුවේ
ම හැදෙනවා. එක වැද්දන්ට අදත් තියේනවා. කුවේණි ගේ දරුවන්ගෙන්
පැවතගෙන එන ඇත්තෝ අදටත් ඔවුන්ගේ සංස්කෘතිය රැකගෙන කුල සිරිත් ආරක්ෂා කර ගනිමින් පෙර
සේම ඉදිරියට ජිවතය රැගෙන යනවා.
ආ..රා රෝ.....ආ....රිව රෝ......(දමිළ
දරු නැළවිල්ල)
හ්ම්....හ්ම්...
මයේ පුතා නඩා කියාපන් උඹට කවුද ගැහුව්වේ කියලා.ගහපු
එකාව අල්ලගෙන ඇවිල්ලා උඹට හින් සැරේ දඬුවම් කරා නම් ඌට කස පාර තලන්නම් විලංගු
දාන්නම්, දඩු කඳේ ගහන්නම්, අමානුෂික විදියට උඹට හිරි හැර කරා නම් ඒකා ගින්නේ එලා
මරන්නම්. හැබැයි පුතේ උඹට ගැහුව්වේ සද්භාවයෙන් නම් ඉවසපන්. හෙට දවසේ හොඳ මිනිහෙක්
කරන්න දුන් දඬුවමක් නිසා නම් ඉවසාපන්. නලවන ගමන් ලොකයේ දඬුවම කියලා එකක් ඇති බව
දරු පැටියට කියනවා. දඬුවම ඕන බවත් පවසනවා.ලොකය නිර්මාණය විමට දඬුවමත් ඕන.
මාගේ වෑයම ඔබ තේරුම් ගනිවිද?
බොහොම ලස්සනට ලියලා තියනවා. ඒත් සිංදු ටිට නම් අහන්න වුණේ නැ ගයනි.වැඩ කරන ගමන් තමා මේ කොටන්නේ.
ReplyDeleteපුළුවන් කමක් තිබුණොත් අයියේ අහන්න එවිටයි හඳවතට දැනෙන්නේ.
Deleteඔව් ළමයින්ට පොඩි කාලේ ඉදලම තමයි රට, ජාතිය, ආගම ගැන හැගීමක් ඇති කරවන්න ඕනි..... හොඳ ලිපියක් ගයනි....
ReplyDeleteඔව් සමනළි.
Deleteහ්ම්ම්ම් ! ගයානිගෙ උත්සාහය අගය කරන්න ඕනෙ. සින්දු ටික අහන්නම්.එකක් නම් දැන් අහනවා.ලස්සනයි..
ReplyDeleteඔක්කොම ටික අහන්න.ඒ රසය අපි අපේ දරුවන්ට දෙමු.
Deleteඅද වැඩ අඩු එකේ සිංදු ටික අහලා බලන්න ඕනා. මේ දේවල් පෝස්ට් කරනවට ස්තුතියි. ඒක නෙමේ නංගිගේ වෑයම මොකද්ද කියලා තමා තේරුං ගන්ඩ බැරි.
ReplyDeleteනංගි, මේ සිංදු ටික අහන්ඩ වගේම ඕන කෙනෙක්ට බාගන්ඩ ලින්ක් එකක් දෙන්න පුලුවන් නම් හොඳයි.
Deleteමොකද හොඳ දේවල් අපට හම්බ වෙන්නෙ සෑහෙන අඩුවෙන්.
ඔබත් මමත් මේ දේවල් රැක ගනිමු.
Deleteදැන් නම් මෙ වහෙ හරවත් දෙවල් නැත්තටම නැති වෙලා ගිහින්.. කොතනක හරි වැරද්දක් තියනවා
ReplyDeleteඔව්. පුළුවන් පුංචි දේයක් හරි අපි නැවත අවර්ජනය කරමු.
Deleteඔෆිස් එකෙන් ගෙදර ගිය ගමන්ම සින්දු ටික අහන්න ඕනේ. මොකද මේවගේ දේවල් බ්ලොග් අවකාශෙට එන්නේ අඩුවෙන්. ස්තූතියි ගයානි
ReplyDeleteකෝරලේ මහත්තයා ඇහුව්වද?
Deleteඅද අම්මලාට මේ වගේ ගීත කියන්නට වත් අහන්නට වත් වෙලාවක් නෑ ගයනී. අපේ කාලෙ වගේ එයාලට රස විඳීමක් ඇත්තටම නෑ. වැඩකට නැති ටෙලියකට හරි මූණු පොතට හරි හිරවෙලා දවසම ගෙවනවා. මේ ලියන ඒවා වැඩි හරියක් කියවන්නෙ ඇත්තටම පිරිමි අය. අපේ නවක අම්මලා හෑන්ඩ් පෝන් එකේ දවසම ඉඳීවි දරුවොන්ට පරිසරය ගැන රස වින්දනය ගැන කියා නොදී. බොහොම ස්තූතියි ! ගයනි, අපි රස වින්ද ලස්සන ගීත අද මගෙ මුණුබුරු පැටියා නලවන ගීත මේ. පින් ! ඔයාට මේවා යලි මතකයට ගේනවාට.
ReplyDeleteඅද අම්මලාට මේ වගේ ගීත කියන්නට වත් අහන්නට වත් වෙලාවක් නෑ ගයනී. අපේ කාලෙ වගේ එයාලට රස විඳීමක් ඇත්තටම නෑ. වැඩකට නැති ටෙලියකට හරි මූණු පොතට හරි හිරවෙලා දවසම ගෙවනවා. මේ ලියන ඒවා වැඩි හරියක් කියවන්නෙ ඇත්තටම පිරිමි අය. අපේ නවක අම්මලා හෑන්ඩ් පෝන් එකේ දවසම ඉඳීවි දරුවොන්ට පරිසරය ගැන රස වින්දනය ගැන කියා නොදී. බොහොම ස්තූතියි ! ගයනි, අපි රස වින්ද ලස්සන ගීත අද මගෙ මුණුබුරු පැටියා නලවන ගීත මේ. පින් ! ඔයාට මේවා යලි මතකයට ගේනවාට.
ReplyDeleteහොඳ ලිපියක් ගයනි.. සින්දු ටිකත් ඇහුවා. පලවෙනි සින්දුව මං ආසම එකක්. අනිත් ඒවත් හොඳයි ඒ වගේම. ඔබ ලිපියෙන් අදහස් කලේ මවු ගුණය මතු කරන්න ද..?
ReplyDeleteඒ ගමන් අපට උරුම පුංචි දේයක් හරි හෙට දවසට අරගෙන යමු.
Deleteගත යුත්තක් ඇති ලියවිල්ලක්... ජය !
ReplyDeleteහෙට දවසට පුංචි දේයක් හරි අපි අරගෙන යමු.
Deleteමොකක්ද ඔයාගේ වෑයම කිව්වේ මට මීටර් නෑ නංගියේ!! වයසයිනේ
ReplyDeleteදේශකයාණෝ පුංචි දේයක් හරි හෙට දවසට අරගෙන යමු නේද?
Deleteඔබේ වෑයම මට තේරුණා....අද තමයි ආවෙ ගයනි....මෙච්චර දවසක් එන්න ආරාධනා කලාට....ඔබට ජය...
ReplyDeleteස්තුතියි ඔබට මේ පැත්තට ආවට.
Deleteමුල් ගීතය සුජාතා අත්තනායක නේද කියන්නෙ.
ReplyDeleteලස්සනයි දයාවේ ගීත.
පුදුම සැනසිමක් හිතට දැනේන්නේ.
Deleteමේ ගීත අභාවයට ගිහින් කියලා වෙලාවකට හිතෙනවා. ඒ තරමටම මේ වගේ ඒවා ඇහෙන්නේ නෑ.
ReplyDeleteඔව් එක නම් ඇත්ත.
Delete