Tuesday, October 23, 2012
Sunday, October 21, 2012
විඩාබර වු ගතත් සිතත් නිවා ගන්න
ලංකා අසිරියේ මම දුටු තවත් අසිරිමත් පිං බිමකි
මිනිස්
ජිවිතයක් ලැබු අපි කවදාවත් නොදුටු ස්ථානයක් අවුරුද්දකට වතාවක් හෝ බලන්න යන්න ඕන. අපේ සිත් වල තිබේන ප්‍රශ්ණ සහ අසල්වැසින් සමඟ නොක්කඩු වි සිටි නම් ඒවාද
අමතක වන ගමනක යෙදෙනවා නම් සිතට පුදුම සැනසික් ඇතිවෙයි.ඒ විතරක් නෙමෙයි දෛනික
ජිවිතයෙන් මඳක් ඈත් වී වින්දනීය බව සහ ජිවිතය පිළිබඳව යම් කිසි අවබෝධයක් එක් කර
ගැනිමට මෙයින් හැකි වනු ඇත.
සැලසුම් කර තම ගමන ආරම්භ කරන්න.ඓතිහාසික බව සහ සුන්දරත්ව කැටි
වු තැනක් ඔබ තෝරා ගන්නවානම් එහි සාර්ථකත්වය මෙන්ම නැවත නැවත මෙනෙහි කිරීම තුලින්
සිතට ප්‍රබෝධයක් එක්වනු ඇත.
එවන් ඓතිහාසික බව සහ සුන්දරත්වයෙන්
පිරුණු තැනක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න මට සිතුණි.මිට අමතරව මට මේ සම්බන්ධව
ලිවිමට මගේ මනස මාව උනාන්දු කරපු අනෙක් කරුණ නම්, බොහෝ අයට මෙය මඟ හැරෙන වටිනා
ස්ථානයක් විමයි. සේරූවාවිල වැඳ ආ පසු හැරෙන සමහරක් අපේ ඇත්තෝ හරියට කතරගම ගොස්
කිරිවෙහෙර වැන්දේ නැ වගේ තමයි.
ලංකා පටුන කියු සැනින් අපගේ සිත් වල ඇඳන
චිත්‍රය කුමක්ද? හේමමාලා කුමරිය සහ දන්ත කුමරු මෙරටට වඩම්මවන දන්ත ධාතුව රැගත්
මනරම් චිත්‍රය නොවේද?එහෙයි.එයට තවත් වටිනාකමක් සහ සිතට සහනයක් දැනෙවි මේ පුදබිමේ ඉහලින්ම
වැඩ සිටින චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසට ගිය පසු.
මෙහි යුද්ධයට පෙර තිබු පාරවල් අද ඔබට
දැක ගැනිමට නැහැ.ඒවා බොහෝමයක් අද වන විට අලුත් වැඩියා කර ඔබට කරදරයක් නැතිව ගමන්
කිරීමට පහසුකම් සලසා ඇත.එපමණක්ද නොව ලංකා පටුනේ නැවති එහි සුන්දරත්වය සහ අපේ කම
විදිමට විශ්‍රාම ශාලාවක්ද ඇත.
පුදබිම ඇස ගැටෙන මායිමේ කිත්සිරිමෙවන්
රජ සමයේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුරජාණන් වහන්සේ ගේ දන්ත ධාතුව දඹදිව සිට වැඩමවාගෙන ශ්‍රීලංකාවට ගොඩ
බසින ලද ස්ථානය බව පිළීගැනෙන මුහුදු තීරය දැක
ගැනිමට හැකිය.එම අතීරමණීය සුන්දර මුහුදු වෙරළ දැක ඔබ ප්‍රිතියෙන් එපිලෙනවා මට මැවිලා
පේනවා.මොකද එම අශ්වාදය මමද බුක්ති වින්ඳා පමණක් නොව අදත් මම එය සිහිපත් කරන්නේ
ඉතාමත් සතුටකින් විම නිසාවෙනි.
තවද කොළඔ වරාය පන්සල දැක ඇති නම් එයද ඔබේ
මතකයට නැඟෙවි මේ සමඟ.මෙම ස්ථානයේ වැඩ වෙසෙන චෛත්‍ය රාජයාණන් වහන්සේත් ඒ ආකාරයට
නිර්මාණය කර ඇති බව පන්සලේ ලොකු හමුදුරුවෝ එක් දවසක් මාත් සමඟ පැවසුවා මට මතකය.
පඩි කිහිපයක් නැඟ උඩට යන විට ලංකා පටුන
සමුද්‍රගිරි රාජ මහා විහාරය ඔබට දැක ගැනිමට පුළුවනි.එහි සිට අවට සිරි තවත් විචිත්‍ර
ලෙස ඔබට පේනෙවි.අපේ ලොකු හමුදුරුවෝ මෙම පුජා භුමිය අද තිබෙන තත්වයට ගෙන ඒමට විශාල
කැප කිරීමක් කළ හිමි නමකි.ඒ විතරක් නෙවේ යුද්ධය පැවති කාලවකවානුවෙද එඩිතරව වැඩ
සිටි නායක වහන්සේ නමකි.සේරුවාවිල වැසියන්ද ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවේ මම සිහි පත්
කරමි.
Labels:
වීදිය
Thursday, October 18, 2012
හැඩකාර යෞවනය
අපි හැඩ කරනා
තවත් විනාශයට යන මනස
සුව
නින්ද භයානක සිහින බවට පත් කරන පුවත් නොවේද ඔබටත් මටත් අද අසන්නට දකින්නට ලැබෙන්නේ. මෙ භියකරු ඝාතන අද සාමාන්‍ය පුවත් බවට පත්ව ඇත. මෙම ඝාතන වලට බලපාන මුලික සාධක තුනකි එනම්,
ආදරය
බලය
ධනය
මේ කරුණූ තුනට අමතර තවත් කරුණක් තිබේද?
88,89 යුගවල දුටු භීෂණකාරී වතාවරණයකි වර්ථමානයේ පවතින්නෙ.වෙනසකට ඇත්තේ තව සාධක දෙකක් එකතු විම පමණයි.ඒ පසුතැවිමම අනාගතයේ දී වර්ථමාන අපරාධකරුවන් විඳවයි.
සටහනට ඇරඹුමකි ඒ,
මෙවන් සිතුවිල්ලක් අකුරු කරන්න පාදක වුයේ අද දින මම දුටු එක්තරා ගීතයක රූප රචනය වේ. වර්ථමානයේ බොහෝ තරුණ පිරිසකගේ සිත් ගත්
ගීතයක් පිළිබඳවයි මේ සටහන.ගල් මුල් එවි සමහරක් විට.
ශාෂිකා
නිශාංසලා මහත්මියගේ "දුර යන්න" ගීතයේ රූප රචනයට අනුව කථා සාරාංශය නම් එක්තරා යුවතියක් මුදල්
ලබා දී
මැර
පිරිසකගේ උදව් ඇතිව තවත් යුවතියකට ඇසිඩ් ගසන දර්ශණ ඇතුලත් රූප පෙළහැරකි.
මධ්‍ය යනු විටෙක ප්‍රබලතම අවියකි. එම නිසා මධ්‍ය තුලින් සමාජයට දෙන පණිවිඩය ඉතා වැදගත්ය. මධ්‍ය මෙහෙවර විය යුත්තේ සමාජයේ
නෙත් මානට ලං කළ යුත්තේ වරදට නොව සුමගට යන යමකි.
අයහපත්
යමක්
වුවද
එම ක්‍රියාව කිරීම තුලින් වරදෙහි
යෙදන පුද්ගලයන්ට විපාක
ගෙනදෙන
බව අවසානය විය යුතුය.
එහෙම නැතිව අවසානය හඳවත් කිහිපයක් හඬවලා අයුක්තිය රජවන තැනකින් කථාව නිමා නොකළ යුතුයි.
එම නිසා ගීතයක්
හෝ ගීතයේ රූප රචනයේ අවසානය එවන්
සමාජයට ආදර්ශයක් වන ආකාරයේ නිර්මාණ බිහි කිරීමට අපේ නිර්මාණ
කරුවාගේ නිර්මාණශිලීත්වය හොඳටම ප්‍රමාණවත් බව මාගේ හැඟිම වේ.
ඔබටත් ඇති අදහස් මම කැමතියි ඔබේ අදහස් දැන ගැනිමට
-ජිඑම්-
Labels:
වීදිය
Subscribe to:
Posts (Atom)


