Friday, July 5, 2013

හද නගන සෝ සුසුම්.........................






හද නගන සෝ සුසුම් වැල්
නෙතු රැඳුණු කඳුළු බිඳු වැල්
ඔබේ ආදරේ නිසාවෙන්
මා හද සසල කළ සැමරුම්...........

ජිවිතයට දහසක් බලාපොරොත් දී  හිටි ගමන් නික්ම යාම මගේ සිතට වාවන්නේ නැ. මාව දමා යන්න තරම් අපි අතර සිදු උනේ කුමක්ද? මම, මටත් වඩා ඔයාව විශ්වාස කරා. මගේ අතින් වැරැද්දක් උනත් ඔබේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැ කියලා හිතුවා. හැම වේලාවකම ඔබේ උපදෙස් අවවාද මගේ ජිවිතය සාර්ථක කර ගන්න උදව් උනා. කිහිප සැරයක් මාව වරදින් මුදවා ගත්ත. දිනෙන් දින මගේ හිතේ බලාපොරොත්තු ඇති උනා. එක් අවස්ථාවක ඔයාට මම කිව්වා මතකද මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙන්නේ ඕන කියලා. ඒ තරමටම ඔයා හොඳ කෙනෙක්. ටිකෙන් ටික මම ජිවිතය ගැන සැලසුම් කරන්න පටන් ගත්තා. ඔයාගෙන් ඉගෙන ගත් දෙවල් බොහෝය. ඒ දෙවල් මතක් වෙන කොට මට හරි ලෝභයි. ඇයි අපට දෛවය මේතරම් සරදම් කරේ. දෙවියෝ මාව  මැව්වේ ඔයා වෙනුවෙන්  කියලා ඔයා දවසක් කිව්වා. ඒ සොඳුරු මතකයන්  නැවත නැවත මගේ සිත සසල කරනවා.


හිත කීරිගැහී සැළුනා ඔය අමුතු කතාවෙන්
නෙතු  නුඹ සොයාන ඇඳුනා මා හදටත් රහසින්
දස දහස් හැඟුම් පිපුනා හිත් කොනක හෙමි හෙමින්
මේ හිත කඩාන වැටුනා ඔබ ඇයි දුරක ගිහින්.............
තුන් හිතකින්වත් මම නොසිතු වඳන් ඔබේ මුවින් පිට වෙද්දී ....? ඔයා සොයමින් නොගිය තැනක් නැ. හදවත ඒපා කියද්දී මේ දැස් ඔයාව දකින්නට වෙහෙසුනා. ඒ තරම් ආදරයක් මේ දෙනෙත් තුල තවමත් තියෙනවා. හිතේ කොනක සැඟවුණ පැතුම් තවමත් එලෙසම ඔයා එනකම් බලා හිදිනවා. ඔයත් සමඟ ජිවිතය බෙදා ගන්න මම පෙරුම් පිරුවා.. අසරණකමක්ද මාව දමා යන්නට ඔයාට තිබුණේ. කියන්න මාව මෙතරම් හඩවන්නේ නැතිව. හිත හදා ගන්නට මගෙන් යන්න හේතුව කියන්න.

ඉරි තැළුණු නියන් පොළොවට වැහි බිඳුවක් වැටෙන්න
ආදරේ මිරිඟු සයුරේ තව එපා මා දමන්න
කිරි කෝඩු හිතට මෙතරම් බැහැ තවත් දුක් දරන්න
ආදරෙන් තව එක වරක් ඔබ හිනා වෙලා යන්න.............
තවමත් මේ හිත ඔයාට පමණයි අයිතියි. සිහින ලොවක අතරමං නොකට එන්න නැවතත් ඔයා වෙනුවෙන් හදවත බලාගෙන ඉන්නවා. දුක් විඳලා පුරුදු නැ මට. එන්න තවත් දුක් නොඳි. එක වරක් හෝ ඇවිත් බලලා යන්න. අපි ඇවිද ගිය තැන් අද පාළුට ගිහිං. එක් වරක් කියන්න මට මොකද්ද මාව දාල යන්න හේතුව බබී. අමනාපයක් නැ මම ඔයත් එක්ක. මේ හිත හදා ගන්න එක වචනයක් කියන්න.ඒ ඇති මට. මගේ බබී...........කුරිරු සිහිනය එතැකින් නිමා විය. මුළු ගතම දහාඩියෙන් තෙත් වී තිබුණි. පෙරදා ඔබත් සමඟ ඇති වු පුංචි අමනාපයක් සිතේ තබාගෙන නින්දට ගිය මම, භායානක සිහිනයක ගිලුණි.පසුව  එතැන් සිට නොනිදා රැය පහන් කළේ සිතුවිලි දහාසක් අතර මා සිත රඳවාගෙනය. තවද පසුදින ඔබව හමු වි සමාව ගන්න අදිටනින්ය. 

ගායනය :- උමේෂ් ඉසුරු දිසානායක.
පද රචනය :- අසංකා දිල්හාරි වැල්පිටිය.
තනුව :- සහන් ලලින්ද පෙරේරා.

විරහාව සිහිනයක් පමණක් වේ  නම්..... ඒත් ඉතිං අකුරු දමා වචන ගළපා හැඩ දැම්මත් ප්‍රායෝගිකව එය එසේ සිදු නොවන්නකි.  විවිධ සිතුම් පැතුම් තුල ජිවත් වන අපි,එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට මත්තෙන් තමන්ගේ සිතුම් සඵල කර ගැනිමට කැමැත්තෙමු. ආදරය තුලද විරහාව ඇත්තේ ඒ නිසාවෙනි. 
සෑම හමුවිමක්ම විවාහයෙන් කෙළවර වන්නේද නැත. මොන යම් හේතු කාරණාවක් නිසා වෙන්විමට සිදුවන අවස්ථා සුලභය. අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය. එහෙත් අපි මොහොතක් කල්පනා කළොත් බොහෝ ශක්තිමත් බැඳිම් පවා පුංචි හේතුවක් නිසාවෙන් වෙන් වෙන තැනටම දුර ගොස් ඇත. විවාහ විමට මත්තෙන් තිබු සුන්දර සංවේදි සිත විවාහයෙන් පසුව කුරිරු ස්වභාවයන්ට පත් වන්නේ සිත ක්‍රියා කරන ආකාරයට වේ. මිනිස් සිත නිදහස්ය.එම නිසා සිතේ හට ගන්නා සිතුවිලි වලටද නිමක් නැත. විවාහයට පෙර තිබු සංවේදී හිතම තමයි තවතමත් ඇත්තේ. වෙනස් විමට ලක් වි තිබෙන්නේ සිතුවිලි පමණයි. ඉතිං ඒ සිතුවිලි වලට පණ දෙන්නට ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සිත හැඩ ගැසෙති. මම මුලින් පැවසුවා සේ තම තමන්ගේ සිතුම් පැතුම් කෙරෙහි උනන්දු විම තුල අනෙකුත් සෑම දේම අමතක කර දමන ස්වභාවයක් ඇති වේ.විරහා ගීත මේ තරම් අපේ හඳවත් වලට ලෙනගතු වන්නේ ඒ නිසාවෙනි.
මම ඔබට අසන්නට සලස්වන මේ ගීතය තුලද ඇත්තේ “විරහාවය”. පරාජිත අහිමි පෙමක විලාපයයකි. එහෙත් මෙම ගීතය මුලින්ම මා දෙසවන් වැටෙන විට මම මහත් ලෙස ඒ ගීතය තුල ජිවත් විය. ගීතයට පණ පොවන්නා මේ ගීතය හඳවතින්ම ගායනා කිරීම නිසා  එහි ඇති වේදනාව වඩාත් හදවතට දැනෙයි. එපමණක් නොව මෙහි තනුවට මම ඊටත් වඩා ඇළුම් කරමි. ගීතයට අනුව පරාජිත ප්‍රේමයක් වුවත් දෙසවන් වැකෙන විට තව කෙනෙකුට ආදරයක් දැනෙන ලෙස පද රචනය, තනුව, සහ ගායනය නිර්මාණය වි ඇත. විරහාවක් උනත් බොහෝම සන්සුන්ව ගයානා කිරීම නිසා දුකකට වඩා දෙයක් හදවතට දැනේයි. එහෙත් සමහරක් ගීත ගායනා කරන විට හිතට ඇති කරන්නේ වෛරක් සහ තරහවක් පමණකි. එහෙත් මේ ගීතයේ මට එවැනි හැඟිමක් ඇති නොවේයි. සමාජයට ගෙන යන පණිවිඩක් සෑම විටම සාධාරණ විය යුතුය. කුමක් වුවත් සමාජය එය වැළඳ ගන්නා බැවිනි. ඒනිසා නිතරම පණිවිඩය උපදෙසක්, ආදර්ශයක් විය යුතුය. එකම වැරැද්ද තව කෙනෙකු කරන්නට පොළඹනවා වෙනුවට එය ඇසිමෙන් දැකිමෙන් එය වරදක් බව තමන්ට අවබෝධ විය යුතුය. එපමණක් නොව ඒ දේ වැරැද්දක් බව පිළිගෙන එය තමන් අතින් සිදු නොවිය යුතුය යන මානෂිකතත්වටය පත් කරලිමට හැකි විය යුතුය. වැදගත් වන්නේද එයමය. විරහාව වේදනාවක්,  ඒ දුක අපි තවත් හදවතකට දීය යුතුද?

ගීතයක් ගායනා කළ පමණින් එහි පැවැත්ම රඳ පවතින්නේ නැත. තනු නිර්මාණය බොහෝ සේ එයට බලපානු ඇත. ගීතයේ පද වල තිබෙන විරහාව සන්සුන් කිරීමට ගී තනුවකට හැකිය. මෙම ගීතයේ වචන ටිකටද ඕනෑම තනුවකට නිර්මාණය කළ හැකිය. එය ගහගන්නා ස්වභාවයකට තනුව දමා ගායනා කළා නම් සමහරක් විට මේ තිබෙන සන්සුන් බව වෙනුවට  සිතේ වෛරයක් තරහාවක් ඇති කරලිමට හැකිය. ගීතයක වටිනාකම සහ සර්ථකත්වය රඳා පවතින්න බොහෝ විට එම ගීතයේ තනුව බලපානු ඇත.


“ජනප්‍රියත්වයට වැඩි අවස්ථාවක් ලබා දිම නිසාවෙන් අපි අතින් ගිලිහි යන දේ බොහෝය.”
Read More

Thursday, July 4, 2013

෴අලුත් වැස්සක්෴





කලාකරුවන් යනු අන් සැමටම වඩා මිනිස් හිතකට ළං වි ඒ හිතේ තිබෙන ව්‍යාකුලත්වය සමනය කිරිමට සහ කෙටි කාලයකට හෝ මිනිසෙකුට පැටවි තිබෙන දහාසකුත් ප්‍රශ්ණ මොහොතකට අමතක කර දමා නිදහස් ඉසව්වකට රැගෙනන යාමට සමත් පාර්ශවයකි. හිතක් තුල ඇතිවන කැක්කුම සුවපත් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. කලාකරුවන් යනු තව දුරටත් මා මේසේද හදුන්වා දිමට කැමතිය. ඔබ මට දුන් දුක නාඳුනන පුද්ගලයා නැමති කලාකරුවා ගේ හඬකින් ඉරියව්වකින් දෑත් තුලින් පන්හිඳකින් හෝ තිලි තුඩකින් උපදින විදහාපෑම්  තුලින් සමනය කිරීමට පුළුවනි.

ඉන් ගීතයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ජිවිතය විටෙක කටුකය. විටෙක විඩාබරය. තවත් විටෙක නිසරුය. මේ සෑම අවස්ථාවක්ම ග්‍රහනය කර ගනිමින් එය සමනය කිරිමට ගීතයකට හැකිය. කලබලකාරි ඝෝසාකාරි වටපිටාවක සිට වුවද ගීතයකට අප සිත් ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් ඇත. කාන්සිය, පාළුව, තනිකම, විශේෂයෙන් වාහනයක් පදවාගෙන යන මොහොතේ දී සිත එක් අරමුණක රදවා තබා ගනිමින් ගමනාන්තය දක්වා යාමට අවශ්‍ය මානෂික පසුබිම සකස් කර ගැනිමට ගීතය උපකාරි වේ. මෙවැනි තවත් බොහෝ  මානසික තත්වයන් පාලනය කරලිමට ගීතය සමත් වි ඇත. පද ටිකක්  පමණක් තිබු පමණින් ගීතය සම්පුර්ණ නොවේ. ඒ සඳහා උචිත ශක්තිමත් මෙන්ම සෞම්‍ය හඬක් සහ ඊටම ගැළපෙන නාද රටාවක් එකතු විය යුතුය. සාමකාමී මනසක් රඳවා තබා ගැනිමට අපි කවුරුත් කැමතිය. ගීතයට එය කළ හැකිය.

සුනිල් එදිරිසිංහයන් යනු අපට සිටින දක්ෂකලාකරුවෙකි. එපමණක් නොව සෞම්‍ය හඬක් උරුම කලාකරුවෙකි. ඔහු රටට අයිති වටිනා සම්පතකි. මා එසේ පැවසිම අසාධාරණයක් නොවෙනු ඇත. “අලුත් වැස්සක්” ගීතය අඩංගු සීඩි තැටියේ තිබෙන අනෙකුත් ගීතද ඉතමාත් අර්ථාන්විත පද මාලාවන්ගෙන්  යුක්ත ගී බව මට හැඟෙයි.



අලුත් වැස්සක් වහින්නට සැර සේ
පුරුදු  ආකාශේ
දිගු කාලයක් නිහඬ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියන් කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
අලුත් වැස්සක් වහින්නට සැර සේ

වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැර සේ
කුරුළු ආකාශේ
දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

          මෙම ගීතය, කලකිරුණු ජිවිතයක් නැවතත් පුනර්ජිව කරමින් නැවුම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් ගීතයක් ලෙස හැඳින්විය හැකිය. ගීතයේ අරම්භයේ සිටම අවසානය දක්වා අධ්‍යෛර්‍ය නොවන ලෙස එත්තු ගන්වා ඇත.

“අලුත් වැස්සක් වහින්නට සැර සේ කුරුළු ආකාශේ ” ගීතයට පළමුව මගේ සිත ඇඳි යාමට ප්‍රධානතම හේතුව වුයේ ස්වභාවධර්මයේ චමත්කාරයද උපමා කර තිබිමය. නියඟය නිමා කරලමින් වර්ෂාවේ වසන්තය,  ගතත් සිතත් ප්‍රබෝධමත් කරනවා පමණක් නොව මිලින වු ගහකොළටද පණ දී සිඝ්‍රයෙන් ඵල දරති.

“දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැර සේ” බොහෝ  කාලයක් තිස්සේ පැවති අඟහිඟ කම් නිසාවෙන් කම්පා වු ගැහැණිකගේ බලාපොරොත්තු නැවත ඉටුවන ලකුණු පෙන්නුම් කර ඇත. ඒ නිසා ඇඟේ සිතද සතුටින් ඉපිලි ගොස් ඇත.

“අහස වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්” සැපත කෙදිනක හෝ අපි කරා එන බව විශ්වාස කළ යුතුය. ඒ බව සිත තබාගෙන සිත තබාගෙන තමන්ගේ සාර්ථකත්වය උදෙසා වෙහෙස මහන්සි කටයුතු කළ යුතුය. “නියන් කල සැමදා නැතත් කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම් දුකක් වින්දොත් සැපක් ළඟමයි” දුක් කම්කටලු සැමදා තමන් ළඟ නොරැදෙන බව අවබෝධ කරගෙන ඊට මුහුණ දිය යුතුය. බලාපෙරොත්තු රහිත සිත ශක්තිමත් කර ගත යුතුය.

“දුකක් වින්දොත් සැපක් ළඟමයි දිය දහම ඒ විලසයි” ලෝක ධර්මතාවයට අපි සැවෝම යටත්ය. ඒ නිසා ජිවිතය අතර මඟ නතර නොකොට තමන්ගේ අරමුණ කරා යා යුතුය. “වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම්” බාධක ජිවිතයට එන බව පසක් කර ගත යුතුය. ඒ අනුව  බාධක ජය ගැනිමට සිත දැඩි කර ගනිමින් උපරිම ශක්තිය යෙදවිය යුතුය. “ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම්” හිත පිරෙන දවස වැඩි ඈතක නැත.“දුකක් වින්දොත් සැපක් ළඟමයි” යම් අරමුණකට ජිවිතය සැලසුම් කරනගෙන ජිවිතය ජය ගන්න උත්සහා ගත යුතුය, බාධක යනු පරාජිත ජිවිතයෙන් නැවතත් නැඟිටිමට ලබා දෙන උත්තේජකයකි. සෑම විටම ස්වභාව ධර්මයට අනුගත වන්නේ නම් මැනවි.

ප.ලි. "කුරුළු" වෙනුවට "පුරුදු" බව මගේ මිත්‍රයින් වරද නිවැරදි කරන ලදි.ස්තුතියි ඔවුන්ට.
Read More

Monday, July 1, 2013

මම ඔබට ආයාචනා කරමි.




මම ලියු සටහන නොකිවුවත් කම් නැත. එහෙත් පහත තිබෙන ඡායාරෑප ටික නම් නොකියා සිටින්නට එපා.
උපත ලැබු දින සිට ගෙවෙන සෑම තත්පරයක්ම පහසු නොවනු ඇත. ජිවිතයට වසර එකතු කිරිම ඵල රහිතය. වැදගත් වන්නේ පසුවන සෑම වසරක්ම ජිවිතයට ඵල සහිත දෑ එකතු කර ගනිමින් තමන්ගෙන් සමාජයට වැඩදායක යමක් ඉටු කිරීමය.

මිනිසා යනු, මෙලොවට ලැබුණු මහඟු දායාදයකි. සෑම මිනිසෙකුම උපත්තියේදී උතුම් ජිවියෙකි. එහෙත් වැඩුණු පුද්ගලයෙකු බවට පත් විමත් සමඟම ඔහු හෝ ඇය පුරුදු පුහුණු වන චර්‍යා රටාවන් හේතුවෙන්, උපතින් ගෙන ආ ඒ උතුම් බව පරිහානියට පත් විමට ඉඩකඩ ඇත. තවද පෙර භවයේ එක්රැස් කරගත් පිනද, මේ භවය තුල අපි කරන්නා වු කර්‍යන් ගේ ඵලයෙන්ද, අප තුල පිහිටන ගති ගුණ වල එකතුව තුලින් යහපත් හෝ අයහපත් මිනිසෙකු නිර්මාණය විමට හැකිය.

අයහපත් සිත් ඇත්තෝ නිතරම ජය ගන්න ස්වභාවයක් ඔබටත් මටත් අද සමාජයේ දැක ගැනිමට තිබෙන විනිවිද ගැටළුවකි. මොහොතක් මේ පිළිබඳව සිතුවහොත් ඔබ උගත් ධර්මයට අනුව ඒ බව පසක් වනු ඇත. ජිවිතයක් ඇසුරු සැනින් අපට නොලැබේ. ඒ සඳහා පෙර භවයන්ගේ රැස් කළ පිං තිබිය යුතුය. දෙවියන් පවා අපෙන් පිං බලාපොරොත්තු වන්නේ එබැවිනි. එම නිසා පින යනු මහා බලගතු දෙයකි. අපි මේ භවයේ කෙතරම් පව් කලත් පෙර පිං වල තිබෙන ආයුෂ ප්‍රමාණය  හින වන තෙක් මමයි රජා වගේ ජිවත් විය හැකිය. එම භවයන්හි රැස් කළ පිං හින විමට මේ භවයේ අපි කරනා අකුසල් බොහෝ දුරට බලපානු ඇත. පෙර පිං බලය බලගතු නම් සමහරක් විට මේ භවය නිමා වන තෙක්ම අකුසල් එක්රැස් කරගත හැකිය. එය මා දකින සත්‍යයකි. වැරදි කරන අයට මම අනුකම්පා කරන්නේ ඒ නිසාවෙනි. බීරි මිනිසුන්ට විණා වාදනය කිරීම නිශ්පල වෑයමකි.

අවුරුදු 32 ක් වැනි දිගු කාලයක් තුල මම පසු කර නොයෙකුත් කටුක බාධක අඟ හිඟකම් පිළිබඳව අද දිනයේ ඉතාමත් නිහතමානිව සිහිපත් කරමි. ඒ සිහිකිරිම මගේ හෙට දවස සාර්ථක කර ගැනිමට මිස පසුතැවිමට නොවන බව කිව යුතුය.

අපි කෑ කෝ ගසා ලබා ගැනිමට වෙහෙසෙන්නේ මොනවද? එහෙත් අපට කරන්නට තිබෙන යුතුකම් නම් කොතෙක් ඇත්ද? අනවශ්‍ය ප්‍රිය සම්භාෂන සඳහා අපි කොතෙක් නම් මුදල් නැති නාස්ති කරයිද? එහෙත් ඒ නාස්ති කරන මුදල් වලින් අසරණ ජිවිත කීයක් නම් ගොඩා ගැනිමට හැකිද?ඔබේ සල්ලි ඔබට උවමනා පරිදි පරිහරණය කිරීමට හැකිය. එහෙත් මොහොතක් සිතන්න.
බලන්න,මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

ජුනි මස 30 වන ඉරිදා ලංකාදීප පුවත්පතේ හඳ සලිත කරවන ලිපියක් තිබුණි. මගේ ජිවිතයේ වටිනාම දිනයකි අද. මගේ අතේ ඒ මොහොත වන විට රුපියල් 500 ක මුදලක් තිබුණි. එම සුළු මුදල
මීගහකිවුල
ලංකා බැංකුව,
ගිණුම් අංක 7020621 දරණ ගිණුම වෙත
2013 ජුලි මස 01 වන දින බැර කරන ලදී.  
මගේ උපන් දිනය ඒ ආකාරයෙන් සැමරිමට ලැබිම මට මහත් සතුටකි.
Read More
Related Posts Plugin for WordPress, Blogger...