 |
| චරිත්මා |
රටේ යහපත අපේ මතය විය යුතුය. පසු කරපු සෑම තත්පරයක්ම ස්වභාවධර්මය
අපට දුන් සම්පත් මෙන්ම අපෙන් උඳුරා ගත් සම්පත්ද අති මහත්ය. එම ධර්මතාවයට අපි හිස නමන්න
පුරුදු විය යුතුය.
ගෙවි
ගිය කාලය ඇතුලත අකුරු වු සෑම ලියමනක්ම මම
විසින් ගොඩනගා ගත් ජිවිතය තුල ඉඳ අත්විඳී අත්දුටු සිදුවිම් මිස අමුතු කථාවක් නැත.
රාජකාරි
ජිවිතය ආරම්භ කිරිමත් සමඟම මාගේ පෞද්ගලික ජිවිතයට කුඩම්මාගේ සැළකිලි දක්වන්නට
සිදුවිය. ජිවිතයේ විශේෂ අවස්ථාවක් මඟ හරිමින් රාජකාරි ජිවිතයට එක් විමට මට සිදු
විය.. එතැන් පටන් මේ දක්වා පවුලේ උදවියත් සමඟ සතුටු වෙන්න තිබු විශේෂ අවස්ථාවන් බොහෝ
සේ මඟ හැරෙන්නට ඇත. එහෙත් මගේ අම්මත් සහෝදරියනුත් ඒ පිළිබඳව වටහාගෙන සිටිම මට මහත්
අස්වැසිල්ලක් විය. සමහරක් අවස්ථාවල මගේ අවශ්‍යතාවය උවමනා කළද, එය දරාගනිමින් ඔවුන් එයට තනියම මුහුණ දුන්බව මම පසුව දැන
ගත්තෙමි.
රාජකාරි
ජිවිතය තුල කොළඔ, යාපනය, මැදවච්චිය, ත්‍රිකුණාමලය, තොප්පුර්, යන ප්‍රදේශයන්හි ගත
කළ ජිවිතයේ මතකයන් බොහෝ ඇත. එදා යුද්ධය පැවති යුගයේ යාපනය බලා යන්නට වුයේ ගුවන්
යානා මඟින් හෝ නෞකාවකින්ය.
අතරමැඳි
කඳවුරේ හි බොහෝ දින ගත කිරිමෙන් පසු මව් කඳවුර වෙත ආපසු රාපොර්තු කරන විට නිවාඩුවට
මාසයක් පමණ ගත වි ඇත. ඉතිං මම ගිය පසු අනෙකාට නිවාඩු යාමට සිදු වන්නේ තුන් මසකට
පසුවය. එවැනි දුෂ්කර දින අපි පසු කළේ මේ රටට සාමය උදා කිරිමට මිස මිනිසුන්ගේ මානව
හිමිකම් නැති කිරිමට නොවන බව මතක් කළ යුතු කාරණාවකි.
නෞකාවක ගමන තරමක් දුෂ්කර වුවද ගතට
තෙහෙට්ටුවක් ඇති කළද හිත ශක්තිමත් වු හෙයින් එම ගමන් සුන්දර කර ගැනිමට හැකිවිය. යාපනයේ
රාජකාරි කරන පුද්ගලයෙකු නිවාඩු ගොස් නැවත පැමිණීමේදි පළමුව පැමිණිය යුත්තේ ත්‍රිකුණාමලයටය. ත්‍රිකුනාමලය
සිට යාපනය දක්වා යන ගමනට පැය 10 ක් පමණ ගත වෙයි. මේ අතරම තවත් අත්දැකිමකට මුහුණ
දිමට සිදු වෙයි. එනම් අතරමඟදි ප්‍රධාන නෞකාවෙන් වෝටර් ජෙට් එකකට මාරු විමය.එවන් වු
දිනක නිවාඩු ගොස් ආපසු පැමිණිමේදී මම මුහුණ දුන් පුංචි අත්දැකිමක් මෙසේ ලියමි. එදා
අධික වර්ෂාව පැවති දිනයකි. ගැඹුරු මුහුදේ මෙම මාරුවිම සිදු වන අවස්ථාවේ අධික වැසි
ඇඳ හැලෙමින් පැවති අතර වොටර් ජෙට් එකට ගොඩවන විට අපේ එක් අයෙකුගේ ගමන් මල්ල මුහුදට
වැටෙන්නට විය. එම අවස්ථාවේ එම බෑගය ආපසු කෙසේ හෝ ලබා ගත්තද එහි තිබු සියල්ල ලුනු
වතුරට තෙත් තිබුණි. නිවාඩු ගොස් ආපසු පැමිණිමේදි කදවුරේ සිටින අයට ගෙදරදි මොනයම්
හෝ යමක් කෑමට හදාගෙන පැමිණිම අපේ චාරිත්‍රයකි. එක් එක් පළාත් වලට ආවෙනික විවිධ කෑම
වර්ග අපට භුක්ති විඳිමට ලැබිම අපි ලැබු පිනක් ලෙස මම දකිමි. එදා ඔහු හදාගෙන ආ
වැලිතලප ටික මුහුදේ පා කර හරින්නට සිදුවිය. ඒ මන්දයත් වැලිතලප ටික වතුරෙන් තෙත්ව
පැවතිම නිසාය. මගේ මිත්‍රයා එය පා කර හරින ගමන් ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මෙසේ
පැවසු බව මට අදටත් මතකය.“අනේ මගේ අම්ම අසනිපයෙන් හිටියත් මට වැලිතලප ටික හදලා
දුන්නේ යළුවොත් එක්ක ගිහිං කන්න පුතා කියලයි. ඒ සිදුවිම අදටත් මම මෙනෙහි කරන්නේ
ඉතාමත් සංවේදීවයි. එකට එකක් වෙනස් බොහෝ අත්දැකිම් අදටත් මාගේ මතකය තුල ගබඩා වි ඇත.
තවද
එම ආතීතය තුලම 2006 ඔක්තෝම්බර් මස 16 වන දින නාවික හමුදාවේ නිවාඩු බස් රථ (convoy buses) ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන
බෝම්බකරුවා විසින් පුපුරුවා ගන්නා ලද මහා ඛේදවාචකය පිළිබඳවද සටහන් කළ යුතුමය. නිරායුධ
නාවිකයින් 109 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ එම ව්‍යසනය මරාගෙන මැරෙන ත්‍රස්වාදීයෙකු
විසින් ලෝකයේ වැඩිම පිරිසක් එක් ස්ථානකදි එකවර ඝාතනයට ලක් කළ පළමු අවස්ථාව ලෙස
ඉතිහාසයටද එක් කරමින්ය.
එදා ඒ මිය ගිය සහෝදරයින් අතර යාපනයේ රාජකාරි කර මාස
තුනකට පසු තම නිවෙස් වෙත යන පිරිසක්ද විය. බස් රථය තුල රැදෙන කාලයේ අපි දහසක් දේ සිතින් සිතමින් සිටියි. එවන් වු
සිතුවිලි එදා මිය ගිය අපේ සහෝදරයන්ගේ සිත් තුලත් තිබුණ බව මම දනිමි. මෙළොව එළිය දුටු
තම කුළුදුල් සිඟිති දියණියගේ මුහුණ බලන්න සිටි පියවරුද, තම ජිවිතයේ නව යුග දිවියට
පිවිසෙන්නට සියල්ල සැලසුම් කර තම විවාහ මංගල්‍යයට සහභාගි විම සඳහා යන නාවිකයින් හා
තමා පළමු වතාවට පියෙක් වු බව දැන ගැනිමේ ප්‍රිතිය තම ආදරණිය බිරිඳ සමඟ බේදා ගැනිමට
යන නාවිකයින්ද මේ නිහඬ වු ජිවිත අතර
සිටියෝය. මෙකි නොකි තවත් බොහෝ කාරණ වලට තම නිවෙස් බලා යමින් සිටි මිනිස් සම්පත්
මෙසේ අතර මඟදි (දිගන්පතාන දී) නිහඬ විය. එපමණක්ද
නොව මෙම හමුදා සහෝදරයන්ගේ දුෂ්කර නිවාඩු යාම යාපනය සිට නෞකාවක පැය 12ක දුෂ්කර
ගමනකින් පසු එතැන් සිට එනම් ත්‍රිකුණාමලය සිට නැවතත් බස් රථයකින් තම ගම් බිම් බලා යාමට
සිදු වෙයි. ඔවුන් ඇතුළු මිය ගිය සියළුම රණවිරුවන් අද ඉතාමත් ලෙන්ගතුව මම සිහිපත් කරමි. මිය ගිය අපේ සහෝදරයන්ගෙ පවුල් වල
උදවියගෙ නෙතඟින් වැටුණු කඳුළු ආශීර්වාදයක් බවට පෙරලෙමින් මෙම කුරිරු යුද්ධය නිමාවට
පත් වු බව මම විශ්වාස කරමි. ඒ නිසාවෙන් අද අපි සැනසුම් සුසුම් හෙළන්නේමු.
2008 අගෝස්තු මස 26 වන රාජකාරි ජිවිතයේ
තවත් එක් දවසකි. කෙනෙකුට මරණය ලං වු විට සිතට දැනෙන එකම හැඟිම තමන්ට ඉතාමත්
ලෙන්ගතු ඥාතින් සිහිවිමය. ඒ සිහිකිරිම අපිද ඒ දින ඒ මොහොතේ දී සිදු කළ බව කිව
යුතුය. ත්‍රිකුණාමලය නාවික කඳවුරට ත්‍රස්තවාදින් විසින් බෝම්බ හෙළන ලදි. අපි සිටි
නිවාසය ආසන්නයේ පිහිටි නිවාසයට ත්‍රස්තවාදින් විසින් හෙළන ලද බෝම්බ පතිත විය. එයින්
ඇති වු කම්පනයට ඊට ආසන්නයේ සිටි අප නිවාසයට දැඩි හානි සිදු විය. කාන්තා නාවිකයින්
වැඩි පිරිසක් එදා නිවාසය තුල සිටි අතර ඇති වු පිපිරිමත් සමඟ නිවාසයේ පසුපස යකඩ දොර
කඩාගෙන බිමට වැටුණි.ඒ සමඟම මා සිටි කාමරයට ඉහළින් සවි කර ඇති සුදු පාට සිට් එක
දෙබා වි වැලි කැට වැටුණේ මම කමින් සිටි බත් එක මතටය. තවද ආලින්දයේ තිබු සියළුම
විදුලි පහන් පුපුරා බිමට පතිත වන ලදි. තවත්
බොහෝ විස්තර ඉන්පසු සිදු වුවද සියල්ල ප්‍රකාශ කිරීම මෙය අවස්ථාවක් නොවන බව මට
හැඟෙයි.
තවද 2008, 2009 වර්ෂයන් තුල යුද්ධයේ
අවසාන අධියරයට ළඟා වෙමින් තිබුණි. පුල්මුඩේ දිශාවෙන් එල්.ටි.ටි.ඊ ග්‍රහනයෙන් මිදි
පලා ආ දමිළ ජනතාව බේරා ගැනිමේ මෙහෙයුමටද ක්‍රියාකාරි දායකත්වය සැපයිමට අපට අවස්ථාව
උදාවිය.
සිංහල ජාතියක් වන අපි අපේ ලේ ඥාතින්හටවත් නොකළ උපස්ථාන
එදා දමිළ ජනතාව වෙනුවෙන් සිදුකරන ලදි. තවද එවැනි අත්වැලක් අපෙන් අවශ්‍ය වු විට ජාතියක්
කුලයක්, ත්‍රස්තවාදීද කියා බල බල සිටිමේ පුරුද්දක් අපි ඉගෙන ගත්තේද නැත. අවශ්‍ය
සහාය අවශ්‍ය මොහොතේදී අසරණව සිටි ඔවුන්ට ලබා දීම අපේ යුතුකමක් ලෙස අපි දකින්නේමු.
මම ජිවිතයේ අද තෘප්තිමත්ය. මම ඒ බව ඉතා ශක්තිමත්ව පවසන කාරණයකි. ඒ මන්ද යත් බේරා
ගත් මිනිස් ජිවිත සහ ඔවුන් සමඟ රැය පහන් වන තුරු ගත කළ දින කෙසේ නම් අමතක කරන්නද? මගේ
අම්මා අසනිප වි රෝහල් ගත වි සිටින විටත් මම ඒ මොහොතේ සිටියේ ජිවිතයේ මින් පෙර
නොදුටු පුංචි දමිළ දරුවෙක් තුරුළු කරගෙනය. ඒ එදා ඔහු ප්‍රභාකරන්ගේ නෑදැයින් කියලා
අපි අහක බලා ගත්තේද නැත. මම කළ කී දේ තුල මට අද සෑහීමකට පත් විමට හැකිය.
ඉන්පසු උදා වුයේ නැවත පදිංචි කිරිමය.
මට එම රාජකාරියට දායකත්වය ලබා දිමට වරම් හිමි වුයේ මඩකළපුව කීන්නියා සහ සාම්පූර් ප්‍රදේශයන්
තුලය.
දොළොස්
වසරක් ඒ ආකාරයෙන් ගෙවි ගිය බව සිහිපත් වුයේ අදය. මේ මොහොත වන විට අපි අපේ ජාතියට
වඩා සහෝදර ජාතිය වෙනුවෙන් කැප වි ඇත. ඒ කැපවිම පිළිබඳව ඔවුන්ට වඩා දන්නා වෙනත් අයෙකු
සිටිය හැකිද?
Read More