Sunday, January 13, 2013

෴අඳුරත් එළියත් අතර දෝලනය වන අප සිත්෴




         
 රඹුම ට මනස  සනසුන් කර ගැනිමට මම මහත් පරිශ්‍රමයක් ගත් බව මුලින්ම පැවසිය යුතු කරුණකි. මිනිස් සිත දෝලනය වන්නේ දවසින් දවස සිදු වන අසාමාන්‍ය සිදුවිම් අතර ය.
          
           මට මේ සිදුවිම් බලා කරන්න පුළුවන් එකම දේ නම් එවන් වු අවස්ථාවන් ඔබ ඉදිරියට පැමිණි විගස එය මඟ හරින්න කියලා විතරයි. සිදු වු සිදු කර ඇති අවාසනාවන්ත සිදුවිම් ඔබ අතින් වෙන්නට ඉඩ නොහරින්න. ජිවිතය ඔබ සතුය. එය පරිස්සමින් හසුරුවන්න ඔබ ඉගෙන ගත යුතුය. සාමාජය පාසල සේ සිතා සිදු වන සිදුවිම් විෂයය මාලාව යනුවෙන් හිතන්න. අවබෝධය හැම විටම තම යහපත් ජිවිතයේ උත්තෙජකය වෙයි.
"හන්තානයට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න"

බොහෝමත් සුන්දර අරුත්බර නිහතමානි සිතුවිලි අප හිත් තුල උපදින ගමන් බොහෝමත් කුරිරු අභාග්‍යය සම්පන්න, මිලෙච්ඡ සිතුවිලි වලටත් පණ පොවයි.

හයියට පිරිමි හිතක් ඇති සෑම පවුලකම ඒ හිතට කරනා අයාචනයකි මේ, තම දුව, අම්මා, සහෝදරිය බිරිඳ පිටරටක බැලමෙහෙවරට යවන්න එපා කිසිදිනක. ඔවුන් වෙනුවෙන් ඔබ පුංචි කැප කිරිමක් කරන්න. වේලක් හැර වේලක් හරි ඔවුන්ගෙ බඩගින්දර නිවන්න. ඇයව අසරණ කරන්න, තනිකරන්න එපා කිසි විටක. ඔබ ඇයගෙන් යැපෙන්න උත්සහා නොකරන්න. මෙ අතර තුර පින ඇත්නම් ඔබ සැමටත් එළියක් ලැබෙවි. ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්.

හයියට පිරිමි හිතක් නැති අම්මට,දුවට,සහෝදරියට බිරිඳකට කරන අයාචනයකි මේ, කරන්නට මොකුත්ම නැති නම් ළඟම නගරයේ ඇති ඉරිදා පොළේ කීර පලා විකුණපන්. පිටස්තර ලෝකය හැම විටම ඔබට වෙනස් කම් කරයි. කුඩම්මා කෙනෙකි ඔබට. රටින් පිටව ගොස් ඔබ විදේශිකයන්ගේ බැලමෙහෙවර කර උපයන නෝට්ටු ඔබව පරාජිතයෙකු මිස සාර්ථක ඵල ඇත්තියෙකු නොකරයි.

මම පුංචි සමික්ෂණයකින් පසුවයි මේ ලියන්නේ. අරාබි රටවල් ඇතුළු අනෙකුත් රටවල් වෙත බැලමෙහෙවර කරන්න ගිය අපේ කාන්තාවන් සිටින පවුල් පනහක් අතුරින් එකම එක පවුලක් හැර අනෙකුත් සියළුම පවුල් වල තිබෙන්නෙ කඩා වැටිම් පමණකි. උපයා ගත් කාසියකුත් නැ අන්තිමට දුක් විඳ හදා ගත් දරුවන්ද අයාලේ ගොස් ඇත.‍ එහෙමත් නැති නම් ස්වාමිපුරුෂයා ඔහුගේ ලෝකය තුල විපිරියාස භුක්ති විඳමින් සිටියි.

තමා තුල තිබෙන ශක්තිය, ශ්‍රමය තම දරුවන් වෙනුවෙන් යොදවන්න. ඔබේ ශක්තිය පිටස්තර ලෝකයකට දායාද කරලා ඔබ නැවත මව් බිමට පැමිණෙන්නේ දුර්වල තැනැත්තියෙකු ලෙස නම් ඔබ ලැබු ජයක් ඇත්ද?

ඉතිරි කොටස ලියන විට හිත සලිත වෙයි. ඔහු ඇයගේ පියා ය. පියා යනු දියණියකගේ පළමු ආරක්ෂකයා ය. එහෙත් එහෙත් එවන් වු පිරිමිකමට නිඟා කරමින් තම දියණිය දුෂණය කර ඇත. මෙවන් වු පාපතරයින් හිස ගසා මරා දැමිය යුතු කාලය එළඹ ඇත. හයක් හතරක් නොතේර අහිංසක දැරිය තම කාම ආශාවන් සපුරා ගැනිමට යොදා ගැනිම කෙතරම් නම් පහත් ක්‍රියාවක්ද. කුඩම්මා වුවත් ඇයත් ගැහැණියකි. එහෙත් ඒ ගැහැණුකමට ඇයද නිඟා කර ඇත.

අසංවර හිත් සංවර කර ගැනිමට අපේ ගෞතම බුදුරඳුන් ධර්මය දේශනා කර ඇති මුත් අද ඒ ධර්මය දකින්න උත්සහා නොකිරීම කණගාටුවට කරුණ කි. ආගම් බේද ඇති කරමින් තම අරමුණු පසු පස යන සාමාජයක ජිවත් වන අපි දකින්නේ ඇස්බැන්ඳුම් පමණි. තම මතය සාමාජ ගත කිරීමට යනවා මිස දේශණා කොට වඳාල ධර්මය අවබෝධය කර ගැනිමට උත්සහා නොකරයි. බුදු හමුදුරුවෝ ධර්මය දේශණා කළේ මිනිසාට සංවර විමට මිස ආගමක් ලෙස වැළඳ ගැනිමකට නොවෙයි. මෙතරම් විපත් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ ඇයිද? සංවර මනසක් අපරාධකරුවන් තුල නොමැති නිසාවෙනි. වර්ථමානයේ හිස් පරමාර්ථ සඵල කර ගැනිම උදෙසා නින්දිත ලෙස බුද්ධ ධර්මය තුරන් කිරීමට පිරිසක් උත්සහා කරයි. උත්සහා කළ යුත්තේ මිනිසාට වැළඳ ගැනිමට නොව අවබෝධ කරලිමටය. තර්ක කරමින් කරුණු කරණා ඉදිරිපත් කරමින් තම අදහස් උදහස් සත්‍ය බව පෙන්විමට උත්සහා කරයි. එහෙත් අවසානයේ එම උත්සාහයන් නිසාවෙන්ම අපි මනුෂ්‍යයෙකු ලෙස පරාජය වී ඇත. නොවනස් වෙන එකම දේ වෙනස් විම පමණයි. ඒ වෙනස් විම තුල අනිත්‍ය දකින්න,එය අවබෝධ කර ගැනිමට කාලය එළඹි ඇත. වැළඳ ගැනිමක් ලෙස නොව සංවර බව ඇති කිරීමට හැකි කරුණු පමණක් මිනිසා අතරට යැවිමට හැකි නම් එයයි වටින්නේ. එහෙම නැතිව ආගමක් ලෙස තමන්ගේ ආගම වැළඳ ගන්න කිය කියා හඬ නැඟිම අයහපත් ප්‍රථිපල ගෙන දෙන කටයුත්තකි.

එසේ නෙමෙයි විය යුතු දේ මෙසේ යයි කියමින් තර්කානුකුලව හිතුවාට මොකද එහි විපාක තමන්ටවත් හිතා ගැනිමට නොහැකිය. ඔබ දිනුවා කියලා හිතුවාට මනුෂ්‍යයෙකු ලෙස ඔබ පරාජිතයෙකු වි ඇත. කොන්ද කෙලින් උනාට අත් පය වෙන වෙනම පිහිටියාට රිසි සේ ජිවිත් විම පාපයකි. තමන්ගේ ඕනෑ ඒපාකම් වලට ධර්මය ආයුධයක් කර ගැනිමත් පාපයකි. ධර්මය සියල්ලන්ගෙ හිත සුව පිණිස මිස ජිවිත අවුල් කරන මිනිසා වර්ග කරන යමක් නොව. යථාර්තය හරි හැටි අවබෝධ කරගෙන මිනිසා මිනිසාට උදව් කළ යුතුය. එහෙම නොවුනොත් දින දින උග්‍ර වන පිළල බඳු මිනිසා නැති කිරීමට නොහැකි වනු ඇත. ඔබට හරි දේ නොව දේශයට ඔබින දේ අවබෝධ කරන්න.

වැරදිකරුවන් වෙනුවෙන් පෙනි සිටින්නා මුර්ගයෙකි. ලෝගුව දමාගෙන සත්‍ය යටපත් කරමින් අසත්‍ය මතු කරමින් උපයන මුදල් තමන්ටම දවසක අවාසි ගෙන දෙන්නකි. දෑස් වැසුණු කල සත්‍ය නොව අඳුරය දකින්නේ.

තවත් පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් පැති වලට බෙදි තමන්ටත් තම සඟයින්ටත් පමණක් බුක්ති විඳිමට හැකි වන අයුරින් අනෙකුත් සියළු හඬවල් නිහඬ කිරීමට උත්සහා කරති. සියළුම තීන්දු තීරණ ඔවුන්ගේම යහපත පිණිස මිස මෙරට සාමාන්‍ය ජනතාවගේ සිහින නොවෙයි. අසත්‍ය පුවත් තම වාසියට හරවාගෙන හෝ සත්‍ය පුවත් අසත්‍ය පුවත් ලෙස මවමින් අහිංසක ජනතාව මුලා කරමින් ගෙන යන ප්‍රචාරක වැඩ සටහන් ද අද බහුලව දකින්නට ලැබෙන ජනප්‍රිය අංගයකි.
වර්ථමාන ශ්‍රී ලංකාවේ දකින්නට අසන්නට ලැබෙන යමකට පුංචි පිළිතුරකි.

ජිවිතය වැරදුන තැන කා හටවත් දොස් නැඟිම සාධාරණ නොවේයි.

Read More

Tuesday, January 8, 2013

Read More

කලියුගය

         
           කඳවුර ඇතුලත තිබෙන සිත නිවන බුදු කුටිය දෙසට යන විට මට මෙසේ හැඟි යන ලදි. සිතක වේදනාව තව සිතකට නොදැනෙන්නේ එහි රසය තිත්ත නිසාවෙනි. එහෙත් කෙනෙකු ගේ සතුට තව කෙනෙකුට දැනෙන්නේ එහි ඇති රසය මිහිරි නිසාවෙනි. සතුටට වඩා දුක මේ තරම් අසරණ සහ හුදකාලා වන්නේ ඒ නිසාවෙනි. එහෙත් ලෝකයේ එක්තරා පිරිසකට ඒ රසයන් සහ හදට දැනෙන රිද්මය ගුප්ත වු රහසකි. වෙනස් වු ශෛලයකින් උපදින සිතුවිලි අනර්ඝ වුත් සුන්දර වුත් වචන බවට පත් ව‍න්නේ පුදුමාකාර ලෙසටය.

යාමුනා මාලිනී ගේ පින්තුරය මෙතනින්
silumina.lk
යමුනා මාලිනි පෙරේරා ඔබ කවුරුත් දන්නා හඳුනන කිවිඳියකි.කතුවදන ඇය මේසේ සටහන් කර ඇත. “කාව්‍ය වනාහි බෙහෙවින් ම සංවේදී මෙන්ම ගැඹුරු හැඟිම් ප්‍රකාශනයෙහිලා හොඳම සහ ප්‍රබලම මාධ්‍යය” යැයි මට වැටහුණේ අදක ඊයෙක නොව කලකට ප්‍රථම මා ගුවන් විදුලියට ලියන අවධියේ සිටමය .ඇයගේ මතක සන්දේශය නම් කාව්‍ය කෘතිය මගේ සිත් ගත් පොත් ගුලට වැටුණු තවත් රත්තරං ගුලියකි. පොත් වලට මම ආදරය කරන්නෙ  එහෙමය. සංසාරයේ නොයකුත් මරමස්ථාන අර්ථ දක්වා ඇති අරුමය බලනු මැනවි.

ආශ්චර්යයක්‌ කරා යන ගමනේ හද සසල කරන සිද්ධින් වල නිමක් නැත. තවත් එක් දුක්බර කථාවක් හේතු කොට ගෙන මම මෙය ඔබට පිළි ගන්නවමි. ඇයට අයිති මෙම නිර්මාණ ඔබගේ රසස්වාදයට එක් කරමි.

මගේ සුන්දර ළමා කාලයේ එක්තරා කාල පරිඡ්ඡේදයක සිදු වු සිදු විමක් නිසාවෙන් මම බියටත් වේදනාවටත් පත් වු අවස්ථාවක් විය. එනම් මගේ පුංචි අම්මා අතින් උණු වතුර පොච්චිය ලිස්සා ගොස් මගේ කකුල් දෙකට වැටි දණ හිස දැඩි පිළිස්සුමකට ලක් වෙන ලදි. ඒ අවස්ථාව අදත් මතකයට නැ‍ඟෙන විට මට කලින් පුංචි ගේ දෙනෙත් තුල කඳුළු ගැට තෙරපෙනවා මම දුටිමි. බැඳිම් කියන්නෙ එහෙම සංවේදි බව කැටි වු යමක් නොවේද? ඇ‍‍ගෙ ලේත් මගෙ ලේත් එයම නිසා එහෙම වෙන්න ඇති. ගින්දරින් රත් වු ජල කඳ එසේ නම් ගින්දර කෙතරම් රිදුම් ඇත්ද කියා මට අමුතුවෙන් සිතිය යුතු නැත. එම සිදුවිමත් නැවත මතකකයට එක් කරමින් අපි කවුරුත් මවිතයට පත් කරමින් සිදු වු අහිංසක ළදරුවාගේ (ආදරණිය මවත් තම සහෝදරයාත් ඒ ගින්නේ පිළිස්සුනේ මළමිනි වු පසුවය) මරණයත් මගේ සිතේ හැම මොහොතකම දෝංකාර දෙයි. ඔවුන්ට වඩා වෙඳනාවක් ඔබට දැනෙන්න ඇති පුතේ...
ඔබට කෙසේ මෙම සිදු විම සිතෙනවාද කියලා මම නොදනමි. අත්විඳපු දුක්මුසු යමක් තව කෙනෙකුට වෙන්න ඒපා කියන මනසිකතත්වයක අපි තවම ඉන්නවා කියන මතයේ මම සිටිමි. එ මිනිසත්කම තවමත් අපි සතුව ඇත. ඒ පිං තමයි උපදින ඊළඟ භවයට අපි රැගෙන යන්නේ. ඔහුගේ පියා කර හදිය ඔහුද ඊළඟ භවයට රැගෙන යනු ඇත. පුංචි පුතේ නුඹත් නුඹේ අම්මා සහ අයියා පෙර භවයේ න් රැගෙන ආ අකුසල වෙන්න ඇති අපට බලන්නට ඉතිරි කළේ..මින් පසු උපදින කිසිදු භවයක එපා දෙන්න මෙවන් වේදනා තවකෙකුට. හිත්පිත් නැති නරුමයින්ගේ ගොදුරු බවට පත් වු සැමට සිදු වු අවාසනාවන්ත ඉරණම් ජිවත්ව සිටින අපිට ජිවිතය හසුරුවා ගැනිමට පාඩමකි. ජිවත්ව සිටින සෑම මිනිසෙකුටම ඉගෙන ගන්න යමක් ඉතිරි කරලයි ඔවුන් ජිවිතයෙන් සමු ගන්නේ.  එම සිද්ධීන් තුලින් කවුරුන් හෝ කෙනෙකු එහි විපාක අවබෝධ කර ගනිමින් වරදින් මිදෙනවා නම් එම පිං මහිමයෙන් සංසාරේ සැරිසරණ තුරාවටම මෙවන් වු සමු ගැනිමක් ඔවුන්ට අත්  නොවේවා!    




 යමුනා මාලනි පෙරේරා මහත්මියගේ පිදුම මෙසේ ය.

මට කිසි කෙනෙකු
නැති බව ලොව සිතෙන විට
නුඹ සිත පිරිමදියි
අම්මා කෙනෙකු ලෙස
කොහි හෝ තැනෙක
නුඹ ඇති තැනකට යන්ට
මේ කවි ස‍ඳෙස එවන්නෙමි
එය පිළිගන්ට........!

කලියුගය

අපටත් ඉඳහිට පාර කියු
පන්ථක නුඹහට කිමද වුණේ..........?
දිව්‍ය රතේ ගෙන
පියාඹලා ගිය
මාතලී ගෙ කෝ දිව්‍ය බලේ.......?
පාර වැරදිලා පන්ථක
පාර අසයි හැරී
මාතලීගෙ දිව්‍ය රතේ
කල්ප වෘක්ෂෙ වැදී........
කනේ ගසා
මොබයිලයක්
ඇත ඇමතුම් දිදී
ශ්‍රක්‍ර දෙවිඳුගෙත්
සෘද්ධි බල සිඳී
දිව්‍ය ලෝකෙ කොටු වේවි
සුදම් සභාවට යන්ට ප්‍රමාදව
මාතලීට බැණ වදී........


ජිවිතයේ අරුම

අහස හරි රළුවෙයි
මරණය වගෙම කළුවෙයි
සිත සොවින් ළතවෙයි
ගලා ආ ගංවතුර සිහිවෙයි......
රොන් මඩද පහරයි
ගං කුස යළීදු කෘශ වෙයි
ඉවුරු හකු හැකිළෙයි
මොහොතකට යළි
ගඟ නිසල වෙයි....

ගඟ විනිවිඳ පෙනෙයි
උල්දත් හනුද සෙලවෙයි
නිසල බව ගිලගත්
කිඹුල් කටවල් හෙමින් මතුවෙයි...

අහස යළි කළුවෙයි
මරණය සේම රළු වෙයි
සිත නමුදු නොසැලෙයි
නුඹෙන් ලද පන්නරය සිහිවෙයි....

ආදරය මනරම්
අභරණයකි නුඹ දුන්
නො සිට එය පළඳන්
අද අවිය ලෙස අතට අරගම්
නුඹගෙ - මගෙ දරුවන්
රැකිය යුතුවෙමි - මා ද රැකෙමින්.....

නුඹ රැකි පතිනිදම්
නුඹට මා රැකි පතිදම්
බලයෙකි බැඳි යදම්
එයය - පංචායුධය නුඹ දුන්

අහස යළි අඳුරුය
මරණය ලෙසම කඨොරය...
දන්නෙ මා විතරය
තවම නුඹ ජිවතුන් අතරය....! 

දුක්ඛ මුලය

ජිවිතයේ ලද අග්‍ර ඵලය ලොව
ආදරයක් යැයි කියනා දෙය නම්
ආදරයට දෙන කඳුළලි ඇත්නම්
ඒ සෙල්ලම හරි අවදානම්
රතින් රතට තොල් පොපියන
ඇසින් ඇස සණීන් ඇලලෙන
ජිවිතයක් දිහා බලන
තුන්වැනි ඇස කිමෙක්ද ලොව....
ආදරයම පමණක් වෙය...

සුළං පහරිනුදු සසැලෙන
කඳුළු උපන් තිඹිරි ගෙදර
මානවයාගේ බිහිදොර
ගිනි වළල්ල
නුඹ විඳි දුක් කදුළු වලින්
නිවාලන්න හැකිවෙයි නම්.....

නුඹෙ සිත නම් කන්ද මතට
සඳ වී මම ගොඩ වෙන්නම්
සඳ ලප නොව බල මැන - සඳ
මුදා හරින ආලෝකය
සුදා ධවල ආලෝකය....
මුලු මිහිතලයට සුව දෙන
සිහිල බෙදා දෙන අරුමය

වැස්ස වැටී උයනම
නැත්තට නැති වුනත් දිනෙක
මල් පෙතිවල පාට දහර

ගහ මුල නොවැටෙන අරුමය.......
සුළඟ ඇවිත් සුවඳ අරන්
උදුරා යන මුත් දස අත
මලේ සුවඳ පරවෙන තුරු
රැකිලා පවතින අරුමය.....

නන් පල මල් දරනා ගස
දෝතින් දෙපයින් දරමින්
පස යට සැඟවී ගෙන මුල්
දුක් විඳ හිනැහෙන අරුමය......


මුනිවත සහ පතිනිවත

හිමි ගමනක් ගොසින්
ගෙට ආ කලට සතොසින්
රවාගෙන දෑසින්
කුමක් මුමුණනුයේද රහසින්......?

    දරුවන් නැති කමද
    හැඬරුව මදියි සිතුණිද
    කියන් මා හිමි සඳ
    පෙරදි ආයාචනා නැත කැප

ළඳ බොළඳ ළඳකට
හිමිගෙන් තමා විමසුව
කල් ඉකුත් වී ඇත
කියයි යුද රිසි ඇගෙ යටි සිත

    ගහක් ගලක් සේ කරබාගෙන එ හිමි
    ඇගෙ රුඳු රොස් පරොස් කිසි බහකට නොනැමි
    හැරියොත් මුව විසක් පිට පනිතැයි බියෙනී
    සුන්දර පතිනිවත බිඳලනු නොරිසියෙනී

නවතම මොටෝ රථයට නැග ළඳක සහා
ගිය ගිය ගමන් මතකෙට නගයි වහ වහා
ඇගෙ කෙස් රොදක් කමිස බොත්තම් සිදුරෙ බහා
එබිකම් සුවඳ කිති දෙයි තව නැහැය පවා

    උයනක දැවටි දැවටි අත පටලෝලා
ඇගෙ පෙම් යුගත් මල් දම් සිත වට දාලා
අතරම් හොඳ හිමිත් දරුවොත් ගෙයි දාලා
ආ හැටි සිහිකරයි මනරංජන ලීලා

මුනිවත සුරකින තම හිමි
වෙත ඈ සිත යුදට නැමෙන
උදේ පටන් රෑ වන තුරු
මහන්සි නොබලා ඉටුකෙරු
කිසිවැඩකට නැති ගරු සරු
ලොවේ තව වෙද මෙවන් හිමිවරු

    ගහක් ගලක් සේ නොම ඉඳ
    වරද ඇතොත් මගේ නිබඳ
    කියන්න බැරි කරුණ කිමද
    හඬා වැටෙයි යළිදු බිරිඳ

අපගේ දාහත් වසරක
මහා ප්‍රේම කතන්දරය
ඉවරම වේගන එනවද
කියන්න බැරි ඇයි හිමිසඳ

    හොඳින් අසන ඈ ආයෙම
    රොස් පරොසින් හිමි අණවයි
    මුවින් නොබැණ එහිමි සිටියි
    ඉන් ඇගෙ තුන් සිත රිදවෙයි......!

ඇගෙ රුදු රොස් පරොස් කිසි කනකට නොගෙන
යළි ඇගෙ මුදු මොළොක් හැඟුමින්වත් නොසැලී
හැරියොත් මුව විසක් පිට පනිතැයි බියෙනී
සුන්දර පතිනිවත බිඳලනු නොරිසියෙනී
මුනිවත රැක සිටියි හේ තම නැණ පමණි.


 ගනිකාවගේ ගණිත ගැටලුව

කීයක් ආවදෝ පිරිමින් රවටන්ටා
තාමත් නමුත් අඹු දරු ඕනෑ උන්ටා
මා නිකමියකි උන් මුණේ දැළි ලන්ටා
තිබහට බී විතය ඔහෙ විසිකර ලන්ටා

මුඩුක්කුවෙ ඉඳුල් කන දුප්පතාණන්
සිටු මන්දාරේ සැප වළඳන සිටානන්
කවුරුත් එකය ගනුදෙනු සොඳ ලැබේ නම්
නුහුරුය අපට ගත මිස සිත කතා නම්

කීයක් ඇඟිලි සළකුණු සියොළඟ ඇතිද
මේ සක්වලෙහි ගණිනට ජගතෙකු නොමැත
ඒ සිත මත ලකුණු තැබු කිසිවෙකුද නැත
ආ පුත් ලකුණු සෝදා හැර ගියා මිස

කීයක් මඟුල් ලකුණත් මූණේ තියෙදැයි
කීයක් වයස...?කීයක් දරුනට පියදැයි
ඒවත් පැනද? මිස කීයක් දෙනවාදැයි
ඒ පව් මුද්‍රාව මහටම නොම වේදැයි

පින් මඳ කමට සිරි යහනක නොරන්දා
ඇතිමුත් නුඹ වේය මා ලොව රජින්දා
දුක් සැප අසන වෙන අඟනුන් කොයින්දා
මා නොවැ නුඹේ
නිල නොම ලත් බිරින් දෑ....!  

යමුනා මාලිනී පෙරේරා නම් කිවිඳියගේ කතුවදනේ තවත් සිතුවිල්ලකින් මගේ සටහන අවසන් කරමි.

කවියෙහි රසය හා අගය ඉස්මතු වන්නේ ‍බොහෝ විට එකම වදනකින් අරුත් කීපයක් ජනනය වන සොඳුරු බසක් අප සතුවන බැවිනි. දැනුදු මට එවන් කවක් මතක් වේ. ඒ කුමාරතුංග මුනිදාසයන්ගේ “වවුල් කොහුව” නිර්මාණයයි.

                   ගහට නොකොට කිසිවකු හට
                   ගහට පැමිණ නොවැ උගහට
                   රහට උරන රසය කහට
                   කහට නොවෙද පෙම ඔබ හට

එබඳු රසැති කවියට අද ගැහැට පැමිණෙන්නේ කවිය පල්ලම් බැස ඇති නිසා නොව කාව්‍ය රසිකත්වය උද්දීපනය කෙරෙන දේ අල්ප හෙයිනැයි මගේ අදහස යයි කියලා ඇය සඳහන් කර ඇත.

යමුනා මාලිනී පෙරේරා නම් කිවිඳියනි,තව තවත් ශක්තිය සහ නිරෝගිකම ඔබ සතු වේවා !අප සිත් සමනය කිරිමට අරුත්බර කවි,ගීත තුලින් 




Read More
Related Posts Plugin for WordPress, Blogger...