Monday, December 17, 2012

ලෝක සිහිනය?




         පිටසක්වල ජිවින් මේ මුළු ලෝකයම අක්‍රමණය කරන ලදී. ලෝකයේ තිබෙන සියළු රටවලම, තම බලය තහවුරු කර ගන්නා ලදි. එහෙත්  කිසිදු ආයුධයක් මොවුන් සතු නොවිය. තිබු එකම ආයුධය වචනයේ ශක්තිය පමණකි. අපේ භාෂාවද හොඳින් කථා කර අතර, ඔවුන් කියන දේ අපට තේරුම් ගියද අපි කියනා දේ ඔවුන්ට තේරුණේ නැත. බහුබුත දොඩවනවා කියලා ඔවුන් අපට සරදම් කළා ය.
     
                     තවත් වැදගත් කරුණක් මේ අතර සිදු විය. මල් වගේ පුංචි පැටව් වෙනම තැනක තැබුවා .

ඔවුන් අපිව අක්‍රමණය කරන්න ප්‍රධාන හේතුව ලෙස පැවසුවේ අපි ස්වභාව ධර්මයට පටහැනිව අපේ සියළුම ඕනෑ ඒපාකම්  සිදු කරනවා යන්නයි.

ඉන් පසුව මෙසේ ද පවසන ලදී. මිනිසා කියන සත්වයා වැරදිමකින් මේ පොළවට ආපු එකෙක් බවත්,වරින් වර මූව හදන්න,නිවරදි මාර්ගයට ගන්න යථාර්තය අවබෝධ කර ගත් කිහිප දෙනෙකු ලොවට පහළ කලත් එය ඵල රහිත විය යනුවෙනි.

මිනිසාගේ පුදුමාකාර හැසිරිම් රටාව මැනවින් අධ්‍යයනය කළ පිටසක්වල ජිවින් පෘථිවියේ මිනිසා දන්නේ නැති කරන්න විතරක්මය, ඇති කරන්න ඉගෙන නැති බවත්ය. එම නිසා මේ ලෝකයෙන් පුංචි දරුවන් හැර අන් සියළු මිනිස් සත්වයා  අතුරුදහන් කරන ලදි. මිනිසා විසින් නිර්මාණය කළ සියළු විෂ ද ඒ සමඟ මේ ලොකයෙන් තුරන් කරන ලදි.

      ලෝකය නැවතත් නැවුම් අදහස් වලින්, පිරිසිදු දැතින් පුංචි දරුවන් විසින් නිර්මාණය කරනවා යැයි ඔවුන් විශ්වාස කරමින් යන්නට ගියේය.
කණට වැඩිපුර ඇසෙන කථාවක් නිසාද මන්දා මම ඊයේ රැයේ දුටු අපුරූ සිහිනයකි.

ඉතාමත් සරල සම්භ්‍යාවයෙන් තොර මගේ සිහිනය සෑබෑවක් ම වේ නම් මම ද කැමතිය
ඔබ ? 


ප.ලි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ සිහිනය බිහිසුණු එකක් කියලා. ඒ මන්ද යත් පුංචි දරුවන් ට දෙමාපියන් නැතිවිම.එහෙත් පිටසක්වල ජිවින් අපේ ගැත්තන් තරම් නරක නැත.ඔවුන් දරුවන්ට දෙමාපියන් නැති අඩුව නොදනේන්න සැලසුම් ඇති කරලයි පිටව ගියේ. 

එහෙත් නැති කිරිමට හපන් කෙනෙකුට මගේ සිහිනය කුරිරු මනෂිකත්වයකින් පෙනෙන්ට පුළුවන්.
Read More

Sunday, December 16, 2012

හොද හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහඳ නරක දිනුවේ




            පුංචි පුංචි අපි නොහිතා කරන වරදක් පිළිබඳව මෙසේ සටහන් තැබිමට සිත් විය. දින කාලයක් තිස්සේ එකම වැරැද්දක් විවිධ ආකාරයේ ඇස ගැටුණු අවස්ථා කිහිපයක් ම විය. “ජිවිතයක් ජිවත් කරවන්න එහෙමත් නැති නම් නඩත්තු කරන්න අද දවස වන විට මහත් වෙහෙසක් ගත යුතු බව සෑබැව කි”.එහෙත් ඒ ගින්දර නිවා ගැනිම සඳහා තව කෙනෙකු අපහසුතාවයකට පත් නොකළ යුතුය. මුදල් යනු අද සැමට එක සේ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එම නිසා අයිති නැති රුපියලකට වුවද අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙකු ඉදිරිපත් වෙති. කෙනෙකු බොහෝ සැප පහසුවෙන් ජිවත් වන විට තවකෙකු බොහෝ දුක් ගෙන දෙන පිඩාකාරි ගමනක නියලෙයි. ඔබත් මමත් ඕනෑ තරම් දැක ඇත, එවැනි අවස්ථා. මඟ තොට යන එන ගමනේ පසු පස ඇවිත් අත පාන මිනිසුන්. එහෙමත් නැති නම් බස් එකක සිංදුවක් කියලා ආධාර ඉල්ලන මිනිසුන්. සාමාජය විසින් විවිධ අනුවර්තන නාමයන් යොදා ගනිමින් මොවුන් හඳුන්වයි. “හිඟා කෑම” කියලත් ඇතමෙකු හඳුන්වයි. එවැනි විවිධ දුඟි යාචකයින් බොහෝ ඇත.
          ඒත් මම කියන්නේ මෙවැනි විවෘත මිනිසා ගැන නෙමෙයි. ඔබටත් මටත් හමු වි ඇති, හෝ දැක ඇති වෙනත් යාචක පිරිසක් පිළිබඳවයි.
          වැඩිපුරම මේ කියන පුද්ගලයින් හමු වන්නේ නම් බස් රථ තුල ය. දුර ගමන් සේවාවක් ලබන අයෙකුට  බස් රථයකට ගොඩ වු පසු මුදල් දුන් විට ඉතිරි මුදල ආ පසු ලැබෙන්නේ තේ පානයට බස් රථය නවතා ආ පසු යන අතර තුරය.    

මම කොළඔ සිට මාතර දක්වා යාම සඳහා බස් රථයට ගොඩවිය. රුපියල් 500 යේ නොට්ටුව කොන්දොස්තර මහතාට දුන් විට මට ඉතිරිය ලැබුණේ අම්බලන්ගොඩ පසු වු විටය. ඒ තේ පානය සඳහා බස් රථය නවත්වන්නේ අම්බල්ගොඩ නිසාවෙනි. මාරු කාසි අත තිබුණද කොන්දොස්තර මහතා ආ පසු ඉතිරි මුදල මට දුන්නේ රුපියල් 20 ක් අඩුවෙනි. ඒ මොහොතේ දී මම ඉතිරි මුදල් අඩු බව දැනු වු විට ඔහු මට මොනවද දන්නවද කිව්වේ? “හරියට නුලට ඉතිරිය ඕනෑ නම් මාරු සල්ලි අරං එන්න ලු”. මම දැන් අවුරුදු 12 ක් තිස්සේ බස් වල ශ්‍රි ලංකාව පුරාම ගිහිං තියේනවා. ඒත් කිසි දිනක රුපියල් පහක් දහායක් අඩුවෙන් දුන්නද ඉතිරිය පිළිබඳව ඒ තරම් සැලකිල්ල්ක් නොදක්වන අතර, කිසි දිනක ඉතිරිය අඩු බවක් පවසා කොන්දොස්තර මහතාට පවසා නොමැත. අඩු බව දැනුණත් නොදන්නා ලෙස බසයෙන් බසීනවා. සමහරක් අවස්ථා වල බහින ස්ථානයට හරියටම ගන්න ගාස්තුව නොදැන මුදල් දෙන අතර කොන්දොස්තර මහතා ද ඒ නොදන්න බව දැනගෙන වැඩිපුර මුදල් ගත් අවස්ථාද ඇත. විටෙක නොදන්නා පළාතකට යන විට ළඟ ඉන්න පුද්ගලයාගේන්  විමසා මුදල් දෙන අවස්ථාද ඇත. කොයි එක වෙතත් ගමනාන්තය දක්වා සිදු වු සිදු විම පිළිබඳව හිතමින් යනවා මම. මගෙන් යා යුතු යමක් වෙන්න ඇති කියලා හිත හදා ගත් අවස්ථාද ඇත.
           
         එහෙත් ඒදා මාතර කොළඔ බස් රථය තුල සිදු වු තවත් සිදුවිමක් සමඟ එම කොන්දොස්තර මහතා පිළිබඳ මගේ සිතේද තිබු අපහැදිම නිසාවෙන් ම ඉතිරි මුදල පිළිබඳව විමසිමක් කරා. ඒදින දෙහිවලින් විදේශිය යුවලක් බස් රථයට ගොඩ විය. ඔවුන්ගෙන් මුදල‍් ගත්තේ ටික දුරක් ආ පසුවයි. රුපියල් 1500  ක මුදලක් ඔවුන්ගෙන් ලබා ගන්නවා මම දුටුවෙමි. මම දන්නේ නැ ඔබ මේ සිද්ධි දෙස මොන ආකාරයට බලනවද කියලා. එහෙත් කෙනෙකු තමන්ට සිය කැමැත්තෙන් මොනවා හරි දුන්නොත් මිස වංචනික ලෙස ඒ තරම් කැත විදියට මිනිසුන්ගෙන් උපයන එක අනුමත කළ නොහැක්කකි. එම විදේශිකයන් යුවල වැඩිපුර මුදල් ඔවුන්ගෙන් ලබා ගත් බව දැනගෙන ඒ පිළිබඳව විමසිමක් කර බස් රථයෙන් බසින්න පවා ගියා. රියදුරු මහතාගේ උපදෙස් මත ආපසු ඉතිරි මුදලක් දෙන්නට අකමැත්තෙන් වුවද කොන්දොස්තර මහතාට සිදුවිය. එහෙත් ඒ නාඳුනන යුවල හික්කඩුවෙන් බහින්න සිටියත් කළුතරින් බැස්සා. ඒ ඔවුන්ගේ සිත් අප පිළිබඳව කළකිරීමකින් ය. ශ්‍රි ලංකීකයින් යනු වංචාවෙන් ජිවත් වන කොටසක් බව සිතමින් තවත් මෙවැනි රටකට තම වෙහෙස නිවා ගැනිමට නොයෙන බවටත්  දන්නා කෙනෙකුට මෙහි නොයෙන ‍ලෙස පැවසිය යුතු යන සිතුවිලි ඔවුන්ගේ සිත් තුල ඇති වන්නටද ඇත.

යාචකයන් නොවන යාචකයන් සේ මට දැනේ.
           
           කෙනෙකුට හිතෙන්න පුළුවන් සල්ලි තියෙන කෙනෙකුගෙන් එවැනි මුදලක් ලබා ගැනිම ඒ තරම් හිතන්න උවමනාවක් නැති බව. එහෙත් මිතුරනි මනු දම් වලින් පෝෂිත අපි ඇයි එවැනි පහත් තත්වයකට පත් වන්නේ. ආසාධරණ ලෙස ලබා ගන්නා යමක් තමන් තුල රැදිමක් නැති බව මම විශ්වාස කරමි. එවැනි විදේශිකයින්ට හමු වන සෑම කෙනෙකුම එවැනි සිතුවිල්ලක සිටියොත් ඔවුන් මේ රටෙන් යන්නේ බොහෝ කළකිරීමකින් ය.
          එවැනි ආ තුරයින් අතර, යහපත් විදියට තම සේවය මහජනයාට දෙන එකෙකු හෝ ඉන්නවා කියලත් කියන්න ඕන. රුපියල පවා ආ පසු දෙන මිනිසුන්ද ශ්‍රි ලංකාව තුල තවමත් ඉන්නවා.
          තවද ත්‍රිවිල් රියදුරන්ද එවැනිම ආකාරයෙන් මුදල් උපයන බව තවත් එක් ඇත්තකි. විදේශිකයෙක් නොව ශ්‍රි ලංකීකයෙකු වුවද ලැප්ටොප් එකක් වැනි යමක් අතින් දරා තමන් වෙතට එන පුද්ගලයෙකුගෙන් එම රියදුරන් වැඩි මුදල් ලබා ගනි. එවැනි සිද්ධියක් අනුරාධපුරයේදී මම දුටුවෙමි. රියදුරු මහතුන් මුහුණ බලා කෙනෙකුගේ වත් පොහොසත් කමේ ලේබලය අලවා අනිසි ලෙස මුදල් ලබා ගැනිමට පෙළ‍‍ඹේති.
          අප සිත් අද එවැනි පටු සිතුවිලි වල සිර වි අවසන් ය. මෙවැනි පුංචි සිතුවිලි සිට මහා පරිමාණයේ වංචනික සිතුවිලි වලට පණ දි අවසන් ය. තව කෙනෙකුගේ තරාතිරමෙන් නිළයෙන් අපට වැඩක් නැත. අපෙන් ඔවුන්ට විය යුතු සේවය පමණක් ඔවුන් වෙනුවෙන් හරි විදියට කරන්න අපි හැම විටම උත්සහා කළ යුතුය. එවිට අප ලබන සුළු ලාභයට වඩා වටිනවා අපේ සේවය පිළිබඳව පරිභෝගිකයා තුල ඇති වන හැඟිම. එය ප්‍රමාණවත්, ඇති වි නැති යන නොට්ටුවට වඩා. හෙට දවසේ ඒ ප්‍රසංසා සැනසිමට හේතු කාරණයක් වනවා සේම  සංසාරයේ නිමාවටද එය උදව්වක් විය හැකිය.
          
         සමහරක් අවස්ථා වල නියමිත මිලක් සඳහන් කර නොමැති රෙදි සාප්පුවක ,ජුවලරි සාප්පුවක ,භෝජනාහලක ද මේ ආකරයෙන් අනිසි ලෙස මහජනතාව මුලා කර මුදල් ඉපයිම සිදු වෙයි. මේ කෑදරකම මෙතනින් නතර නොවන අතර, මිට වඩා පුළුල් ලෙස මේ කෑදර කමට වහල් වි විශාල ලෙස මුදල් ඉපයිම සඳහා දරුණු ලෙස විප්ලව කිරීමට සිත ඇඳි යනු ඇත. සක්විති රණසිංලා දක්වා මිනිසුන් නොදැනුවත්ම යන්නේ මුදල් වලට තිබෙන දැඩි ලොල් බව නිසාවෙනි.ආරම්භය  පුංචි තැනකින් වන්නට පුළුනකි.
           
             බුදු හමුදුරුවෝ මේ හැම අකුසල ක්‍රියාවකින්ම  වැළකිමට අපට ධර්මය දේශණා කරලා යහපත් මඟ විවර කරලා තිබෙන්නේ. අපට තිබෙන්නේ ගමනාන්තය දක්වා ඒ තුලින් ගමන් කිරීම පමණයි. ආගම කුමක් වුවත් එහි ඇති කරුණු කාරණා අපේ ජිවිතයට යා කර ගනිමින් ජිවිතය යහපත් අයුරින් පෝෂණය කිරීමට හැකි නම් එවැනි සිතුවිලි වලටයි අප පණ පෙවිය යුත්තේ.

මනුෂ්‍යයෝ වන අපි  මිනිසත් බව වර්ධනය කර ගනිමු.         

Read More

Thursday, December 13, 2012

අශිර්වාද කළ ඔබ සැමට මගේ ප්‍රණාමය



ඔබේ අශිර්වාදයත් අපේ ජයග්‍රාහනයට හේතු විය





























පුරා දින 10 ක් තුල පැවති අනතර් විධාන ක්‍රිනට් තරඟාවලිය නිමාවට පත් වුයේ සියළු ම කණ්ඩායම් පුදුමයට පත් කරවමින් ය. “ සහ බී යනුවෙන් ඛාන්ඩ දෙකක් වු අතර අපි බී කාණ්ඩයේ විය. කාණ්ඩ දෙකේ ම පළමු ස්ථාන ලබා ගත් කණ්ඩායම් දෙකම අවසන් පුර්ව තරඟ වල දී නොසිතු ලෙස ඉවත් විය. ඉවත් වු කණ්ඩායම් දෙකම ඕනෑවට වඩා අනෙකුත් කණ්ඩායම් අවතක්සේරු කරමින් ක්‍රිඩා කිරීම නිසා පරාජයේ ඉරණමට මුහුණ දිමට සිදු විය.මාත් මගේ කණ්ඩායමේ සියළු දෙනාම අවසාන මොහොත දක්වා තරඟ වැදුණු සියළුම කණ්ඩායම් අභියෝගයක් සිතා තරඟ කිරීමට සිතා ගත්තේ තරඟාවලිය පටන් ගැනිමටත් පෙර සිට ය.
අධිෂ්ඨාණයත් , කැපවිමත් , මනා පුහුණුවත් සහ අශිර්වාදයත් එක් වු කළ අභියෝග ජය ගැනිම ඒ තරම් අපහසු නොවන බව, මෙම තරඟාවලියෙන් මම ඉගෙන ගත් තවත් පාඩම කි. තවද කිසි විටෙකත් තම ප්‍රතිවාදීයා අවතක්සේරූ නොකළ යුතු අතර, තමන් සේම ඔවුන්ද දක්ෂ බව සිත තබා ගත යුතුය.
ජිවිතයේ අමතක නොවන මතකයන් එක් කරමින් සුන්දර ගමනක නිමාව සනිටුවහන් වුයේ තවත් සුවිශේෂි සිදුවිමක් සමඟය. එ නම් තරඟාවලියේ ම වීරයා විමේ වාසනාව මා සතු විය.
අවසාන පන්දුව දක්වා ම අවිනිශ්චිත බව නැවත නැවත පෙන්නුම් කරමින් අවසාන මහා තරඟයේ අවසාන් පන්දු හතරට ලකුණු 04 ක් ලබා ගැනිම දකුණු විධානයට තිබු අභියෝගය විය. ප්‍රතිවාදී දකුණු විධානයට එක් කඩුල්ලක් පමණයි අතැතිව තිබුණේ. අප අවසාන පන්දු යවන්නීයේ ගේ වාසනාවන්ත සුරතින් යවන ලද තුන්වැනි පන්දුවෙදී පන්දුව කඩුල්ලේ වැදිම සියළුම දෙනාම පුදුම කරවමින් 2012 අන්තර් විධාන ක්‍රිකට් ශුරීයන් විමට පුහුණු විධානය සමත් විය.
අපේ කොල්ලන් නම් තෙවැනි ස්ථාන ලබා ගන්නා ලදී.
තවත් වටිනා ෆොටෝ පසුව බලමු.නැවතත් මට සුභ පැතුම් එක් කළ ඔබ සැමට ජය!
Read More
Related Posts Plugin for WordPress, Blogger...