ඔබ මේ සාමාජය නව සුභවාදී සිතුවිල්ලක තැබුවාදෝ....!
සාමාජය තුල අද වැඩි වශයෙන් දෝෂදර්ශණයට
ලක්වන්නේ තරුණ කොටසයි. ජරාවටත් අගතියටත් පත්ව ඇති මිනිස් ගති නැවත පූනර්ජිව කිරීමේ
හැකියාවද ඔවුන් සතු වේ.එයට කදිම මඟක් විවර කරන්නට පාසල් සිසුවෙකු අද සමත් වි ඇත. මෙහි
නිදන් කථාව ඔබ දන්වා ඇතැයි මම සිතමි. විදුහල්පතිගේ තීරණය පිළිබඳ නොයෙකුත් මත විචාර
ඇත. හැමදාමත් අපේ රටේ සිදුවන බොහෝ විපත් සහ අසුභවාදී සිදුවිම් සහ ගන්නා තීරණද
අසුභවාදි නිසාවෙන් රට වැසියාන්ගේ බහුතරයද සිදුවන සෑම සිදුවිමක් දෙසම වපර ඇසකින්
දැකීම පුරුද්දකී.
දින දින නවීකරණය වන අපි, මවා ගත් කාර්‍යබහුලත්වයක
හිර වී ජිවිතයේ වැදගත් මරමස්ථාන Short massage system කට අනුකුලව හැඩ ගසාගෙන ඇත.
ආලයද එවන් එක් මරමස්ථානයකි. කෙටි
පණීවිඩයකින් ඇරඹේන වර්ථමාන ආලය එහි රසයද කෙටිම මර්ගයකින් කෙටිම ස්ථායකදි (තානායම්
කාමාරයක) අහවර කොරන්නේය.අවසානයේ නාදුන මළසිරුරක් ලෙස තම පවුලේ උදවියටවත් හඳුනා
ගැනිමට අපහසු වන පරිදි ජිවිතයේ තව බොහෝ දුර යන්න තිබියදි කෙටි පණිවිඩයක් මෙන් ජිවිතයට
තිත තබයි.
එවන් යුගයක නවෝද් මල්ලීගේ පෙම් හසුන අපට
බොහෝ පාඩම් ජිවිතයට කියා දී ඇත.
උපන් දින සහ වෙනත් සුභ පැතුම් පණිවිඩද අද
විගසින් මැකි යන පැතුමකි.ගමේ තැපල් මාමාද අද රැගෙන එන්නේ බිල්පත් පමණි.
පෙම් හසුනක් අකුරු කරන්නේ තම
අත්අකුරින්ය.බොහෝ දුරට එහි ලියවෙන්නේ හඳ තුල තිබෙන අවංකත්වයි.ලබන්නා මෙන්ම යවන්නාද
තෘප්තිමත් වන්නේ එහි ඇමිණිලා තිබෙන ආලංකාර
වචන ටිකටය.
මෙම ගීතය හරහා තරුණ මනස සුභවාදී
දිශාවකට රැගෙන යාමට හැකිය.ගීතය ඉතාමත් සරලයි.සරල වුවත් එහි ගැබ්ව තිබෙන අරුත සහ තේමාව
පිරිසිදුයි.
මං ආසයි හිනාවෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක් අරන් එන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක් අරන් එන්න
මේ
පද ටිකේම තියෙනවා අවංක කම,බලාපොරොත්තුව,අහිංසක පැතුමක්.නැත එහි කිසි විට සුරංඟනා
සිහිනවත් අන්දෝනාවක්වත්.
මං ආසයි යාළු වෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න
ලෙන්ගතු
කම මේ අපේ කම නොවේද?
මං ආසයි නුඹත් එක්ක
ස්නේහයේ සුව විදින්න
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න
ස්නේහයේ සුව විදින්න
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න
ස්නේහයේ
සුව,තුටු කදුළු මෙ වචන දකින විටත් රාගියක් සිතුවිලි වෙනුවට නිවුණු සිතුවිලි
උපදීයි.යන විට සතුට කදුලක් මිස මිරිඟුවක්
පසු පස නෙමෙයි නුඹ එන්නේ.
තානායමක කාමරක් තුල සිදු වන
නස්පැත්තියෙන් පසුව සලන කඳුළු වගේ විනාශ
වු කඳුලක් නෙමෙයි මේ කොල්ලවත් කෙල්ලවත් සලන්නේ.
අද අපේ කණට ඇසෙන සිංදු වලට වඩා කෙතරම් සෙනෙහසක්,ලෙන්ගතුකමක්,
පැතුමක් මේහි අන්තර්ගත වී ඇත්ද.
අවේගත්මක බවක් නැති බොහෝ සන්සුන් බවක් ඇතිව
විඳින්න පුළුවන් රසයක් මෙහි ඇතැයි මට සිතේ.
අනාගතය
සුභවාදී නොවේද? අපේ තරුණ සිත තුල මෙවැනි සිතුවිලි ඇති වුවහොත් විරහාව හට ගත් විටදි
පවා බොහෝ සාමකාමි වේවි නේද?එවිට එක තැන මිය යන්න අවශ්‍ය
වන්නේද නැත.
ගජමන් නෝනා අමරදේව මාස්ටර්, නන්දා මාලනී යුගයකට අපට ආපසු යා හැකිය.
ප්‍රේමසිරි කේමදාසයන් වැනි යුග පුරුෂයන් නැවත බිහි විය හැකිය.
විචාරය
අවසන් කරනවාත් සමඟ ළීහිණි සහ හිරු ඇවිදින් දෙසුවේ නැතැයි මට.මම බය වි පියවි සිහියට පැමිණෙන ලදි.
-ජිඑම්-
-ජිඑම්-




