මාස කිහිපයකට
පසු මට යමක් ලියන්නට සිතුණාය.
ගෙවි ගිය කාලය තුල මගේ අතීතයට එක් රැස් වු සියළුම කරුණු කාරණා නැවතත් එකින් එක මෙනෙහි කිරීමට මම පුංචි උත්සහායක් ගත්තෙමි. ඒ උත්සහාය සාර්ථක විය. ඒ නිසාවෙන්ම පුංචියට හෝ යමක් මෙසේ ලියා ගන්නට මට හැකි විය. ඒ අතීතයේ දුක සතුටු දෙකම තදින්ම දැනුණාය. එසේම සිදු වු සියල්ලටම මම අද මුහුණ දී අවසන්ය. එම නිසා ඒ ගැන මම කම්පා නොවෙමි. ඒ මන්දයාත් මොන දේ කුමන ආකාරයට සිදු වුවාත්, මා තවමත් නොසැලි සිටින බැවින්ය.
ඇත්තටම ඒ අතීතයෙන් ගත යුතු යමක් ඇත්ද? අනිවාර්යෙන්ම ඇත.ඇත්නම්
ඒ මොනවාද?
- පුද්ගලයෙකු භුක්ති විඳිනුයේ තමන් විසින්ම කළ ක්‍රියාවල ප්‍රථිඵල වේ.
- තරහා දුර්වලතාවයේ සළකුණකි,සතුරෙකි.
- ශ්‍රේෂ්‍යඨ පුද්ගලයින්ගේ තරාතිරම වනුයේ අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමයි.