Sunday, July 15, 2012

පවිටු මිනිසා

අපි ඔක්කොම පියවරු,ඔක්කොම මව්වරු
තුන් සිංහලයම නැදෑයෝ

ඔබ ඇයට තුති පුදන්නේ මෙහෙමද?
                                             ආදරයේ උල්පත වු අම්මා
                                      මා ඔබගේ පුතු වේ
                                      මතු බුදු වන දවසේ  
                                      මා රාහුල පුතු වි........
          පරපුර බිහි කරන්නේ ඇයයි.මතු බුදු වන්නට ප්‍රාර්ථනා පතන්නේ එබැවිනි. තාවකාලික කාමුක ආශාව වෙනුවෙන් ‍පාපතරයින්ගේ ගොදුරක් බවට පත් වන්නේද ඒ මතු බුදු වන්නට අපි ප්‍රාර්ථනා ගෙන එන මව් කෙනෙක් විය හැකිය.දෙමාපියන් පණ දෙවැනි කොට තම දරුවන් රකින්නේ මන්ද? මොහොතකට සිතමු.මව් කුස තුල පිළිසිඳ ගත් දා පටන් බුදු දහමින් පෝෂණය වන අපි ‍මේතරම් කාමුකත්වය පසුපස හඹා යන්නේ මන්ද?අපිට ගැළපෙන අපට අවශ්‍ය දේට වඩා අපි හඹා යන්නේ අපේ කැමත්ත ඔස්සේ නොවේද?ජිවිතයට නොගැළපෙන යමක් ඉතා අවධානමකින් ජිවතයට යා කරන්නේ මන්ද?එහි විපාක තමුන්ගෙත් තවත් අහිංසක ජිවිතත් විනාශ වන බව නොහැගෙන්නේ මන්ද?
          සාමාජයට පිළලයක් වන මේ අමනුෂ්‍යගති වලින් මත් වි සිටින පාපතරයින්ගේ පවිටු ආකල්ප දුරලන්න නීතිය අවධි කළ යුතු කාලය එළඹී ඇත.නැතිනම් මේ මහා පොළව නුහුලන කාම අපචාර නිසාවෙන් ලොකය විනාශ වනු ඇත.පාපතරයින්ගේ ගොදුරු බවට පත් වන ඒ අහිසංක දරුවන්ගේ කදුළු වලට, ඒ ශාපයට අපි හැමොටම වන්දි ගෙවන්න සිදු වනු ඇත. ජිවිත් වන හැමදෙනාම මරණයට බිය බව යථාර්තය වේ.එම නිසා දඩුවමින් මෙල්ල කිරීම හැර වෙන විකල්පයක් ඇතිද?
          අපේ අපවත් වි වදාළ සෝම සමිද වරක් මෙසේ පැවසිය.සාමාජය අගතියට ගොස් හමාරය,ගොඩ විම අපහසු වන පරිදි අපාගත ක්‍රියා වල නිරත වන බවත් එයින් මුදවා ගැනිමට නම් පළමුව මිනිස්  හිත පිරිසිදු කල යුතු බවය.එහෙම නැතිව බුදු බණ කීමෙන් ඵලක් නොවන බවය.වැරදි ආකල්ප දුරු කිරීමට යමක් දේශනා කලයුතු බවත් උන් වහන්සේ පැවසීය.ඒ නිසාවෙන් සාමාජයේ නොයෙකුත් දුර්වල තැන් උදාහරණ ලෙස ගෙන පෙන්වන ලදි.එහෙත් ජාතියේ අවාසනාවට ගැහැණිය වෙළද භණ්ඩයක් කරගෙන සල්ලි උපයන සමාජයේ වැදගත් යැයි කියා ගත් කොටස් විසින් උන්වහන්සේගේ ඒ යහපත් වෑයමට අකුල් හෙලන ලදි.එපමණක්ද නොව උන්වහන්සේ දේශණා කර කරුණු විවේ‍චනයට ලක් කරමින් බුදු බණ වෙනුවට වෙනත් යමක් සමාජ ගත කරන්න සෝම සමිද උත්සහා කරන බවට චෝදනා කරන්න පෙළඹෙන ලදි.
තවත් මව් කෙනෙක් මේ පාපතරයින්ගේ ගොදුරක් විමට ප්‍රථම බළධාරින්ගේ හදවත් අවධි වේවායි පතමි        - ජිඑම්  -
2 Comments
Tweets
Fb Comments

2 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අනිවාර්යයෙන්ම සෝම හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ වුණු මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ කිව්වා වගේ මිනිසා හදා රට හදමු

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...