පෙකනිය
නොදක්වා
ඇඳ සළු
බොළට දක්වා
නොපා
තන සක්වා
සිනා
නොමසෙන් දසන් දක්වා
===========================================================
සිසිවන
උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි
පුළු ලුකුල රිය සක යුරු තිසර තන
දිසිරන
ලිය වුරු සිරි යුත් මෙ පුරඟන
ඇසිපිය
හෙලන තරමින් නොවැති දෙවඟන
===========================================================
කිරි
සුවඳයි නුබේ උණුසුමයි
ඔන්චිල්ලා
තොටිලි කොයින්දෝ
රන්සළුපිළි
වළලු කොයින්දෝ
දොයි
දොයි පුත ලපටි බිළින්දෝ
රන්
කඳ රැකදේවි සුරින්දෝ
රුසිරින්
තරුමල් ඵල පරදා
නුවණින්
ඝන පති ලෙස සැමදා
තෙරුවන්
වැඳ දෙවියන් පුදනා
මිනිසුන්
මැද මිනිසෙකු විලා
හිටියොත්
හොඳට හැඳි
දෙවියොත්
නමට වඳි
සලකණු
පරපණ තම පණ සේ
හොර
බොරු නොකරනු කිසි දවසේ
ඉපදුණ
රට දැය සහ සමයයි
ඔබ
මල පසුවද නම නොමරෙයි
අසමින්
මවගේ කථා
දොයි
දොයි දොයිය පුතා......
===========================================================
අල්ලාගෙන
නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන
දෙතන අතකින් කිම්ද නගෝ
දුර
සිට යන ගමන් තනි මඟ කිම්ද නගෝ
ඉදලා
විටක් කලාවත් යමුද නගෝ
අල්ලාගෙන
නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන
දෙතන බිළිඳුගේ කිරි හින්දා
බාල
මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම්
අයියාණ්ඩි අපේ ගම රට දුර හින්දා
===========================================================
ඔවා
දෙනු පරහට - තමා සම්මතේ පිහිටා සිට
දුසරිත්
දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි
නුපුබුදු තැඹිලි මල්
ඇගෙ දඟ යුගට මන කල්
පැරැදැ සැඟැවුණු තුල්
කොළපු ඇතුළට පිවිසි ඇම කල්
===========================================================
==========================================================
වෙලාවටම හැම කටයුතු වලැ යෙදෙනු
නොලා කල් පටන්ගත් කටයුතු නිමනු
මලානික දුමුක නොව හුරුබුහුටි වනු
බලා මතු දියුණු සිහියෙන් මෙහෙ කරනු
නොලා කල් පටන්ගත් කටයුතු නිමනු
මලානික දුමුක නොව හුරුබුහුටි වනු
බලා මතු දියුණු සිහියෙන් මෙහෙ කරනු
පන්සිල් රකින දරුවෝ දෙව් ලොවට යතී
පස් පව් කරන මරුවෝ නිරය පුරවති
පව් පින් නොදැන කැරුවෝ නම් පසු තැවෙතී
ඉන් සිල් රකිවු සුරුවෝ නම් ඔහු ම වෙතී
පස් පව් කරන මරුවෝ නිරය පුරවති
පව් පින් නොදැන කැරුවෝ නම් පසු තැවෙතී
ඉන් සිල් රකිවු සුරුවෝ නම් ඔහු ම වෙතී
කොතැනද නුවණ යුතු නොපසුබට වීරිය
එතැනම තමා මුලු දියුණුවට කාරිය
ඉත අප සිහළ බොදු සෝවුරෙනි ආරිය
නිතරම වඩවු ඉන් නැණ පෙරටු වීරිය
එතැනම තමා මුලු දියුණුවට කාරිය
ඉත අප සිහළ බොදු සෝවුරෙනි ආරිය
නිතරම වඩවු ඉන් නැණ පෙරටු වීරිය
කරන කිස කියන බස සිතන සිතිවිලි
යනෙන මඟ පැමිණි තැනැ සියලු හැසිරිලි
දකින අය සිතෙහි ඇතිවන සෙ පැහැදිලි
සොඳින පිරිසිඳුවැ කළ මැනැවි හැරමැළි
යනෙන මඟ පැමිණි තැනැ සියලු හැසිරිලි
දකින අය සිතෙහි ඇතිවන සෙ පැහැදිලි
සොඳින පිරිසිඳුවැ කළ මැනැවි හැරමැළි
බණ දහමක් නොදැවෙන සතර තොරතුරු
පණ යන තෙක් ඉගෙන ගත්තත් නොයෙකයුරු
ඉණ බඩ දෙකෙහි කටයුතු මිස ඉන් ගඹුරු
නැණ වැඩුමක් නොවේ ළමයිනි, කිසි අයුරූ
පණ යන තෙක් ඉගෙන ගත්තත් නොයෙකයුරු
ඉණ බඩ දෙකෙහි කටයුතු මිස ඉන් ගඹුරු
නැණ වැඩුමක් නොවේ ළමයිනි, කිසි අයුරූ
පළමුව තමන් දියුණුව මඟ බලන්නට
දෙවනුව අනුන් හට හිරිහැර නොදෙන්නට
තෙවනුව රටුන් ටත් හිත වැඩ කරන්නට
සිතමුව නිකම් බොරුවට නො දඟලන්නට
දෙවනුව අනුන් හට හිරිහැර නොදෙන්නට
තෙවනුව රටුන් ටත් හිත වැඩ කරන්නට
සිතමුව නිකම් බොරුවට නො දඟලන්නට
කටයුතු නියම වේලෙම නොකොට ඒ විගස
මට බෑ දැන්ම පස්සේ කරමැයි සැනැස
පිට පිට කල් දමන සැළැකිලි නැති අලස
මොනයම් දියුණුවක් සැළැසෙන්නේ කෙළෙස
මට බෑ දැන්ම පස්සේ කරමැයි සැනැස
පිට පිට කල් දමන සැළැකිලි නැති අලස
මොනයම් දියුණුවක් සැළැසෙන්නේ කෙළෙස
කැර ලැබැ ඉගෙනැ ජය ගෙනැ මිස අතුරෙකැදී
හැර කළකිරී පසු බැස නොළතැවේ සුදී
කරදර අතුරු අනතුරු මැයි විඳි පරිදී
වැර වඩ නොමැය සැනසෙන තෙක් කෙළවර දී
හැර කළකිරී පසු බැස නොළතැවේ සුදී
කරදර අතුරු අනතුරු මැයි විඳි පරිදී
වැර වඩ නොමැය සැනසෙන තෙක් කෙළවර දී
~ අතිපූජ්‍ය පැලෑනේ වජිරඣාන මහ නාහිමියන්
විසින් රචනා කරල ලද්දකි වැඩි විස්තර
==========================================================
No comments:
Post a Comment
හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන